යෝග්‍යතාවය ගොඩදාගෙන මැතිව්ස් යළි නායකත්වයට?

1258
Mathews passes fitness Test

සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා පත්කිරීම හෙට (9) සිදු කිරීමට නියමිත අතර 2019 වර්ෂයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා නැවතත් මැතිව්ස් හට එම තනතුර ලැබෙන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

[rev_slider LOLC]

පැතුම් හසරංගගෙන් ඉන්ද්‍රජාලික ලකුණු දහසක්

ඔහුගේ ඉනිම් ඉන්ද්‍රජාලික ය. ජුගුප්ත්සාජනක ය. ඇදහිය නොහැකි නමුත්, තියුණු ය…

නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දොරේ හිදී පැවැත්වූ දෙවන තරගය අතරතුර දී මැතිව්ස් නැවතත් කලව ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ අතර ඊයේ (07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටි මැතිව්ස් ඉන් සමත්ව ඇති බවට ThePapare.com වෙත වාර්තා වේ.

පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව තරග 3-2ක් ලෙස ලද පරාජයෙන් පසුව මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසුව උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග හා තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔවුන් කිසිවකුට නායකයෙකු ලෙස සාර්ථක වීමට නොහැකි විය.

මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 98කට මුහුණ දී ඇති අතර ඒ අතරින් තරග 47ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 45ක් පරාජය වෙමිනි.

තිසරගේ ඔටුන්න ගැලවෙද්දී මැතිව්ස් – චන්දිමාල් ද්වන්ද සටනක

ඉදිරි කාලයේ දී එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීම..

ඉදිරියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙන්ම, බංග්ලාදේශ තරග සංචාරය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 13 වැනිදා බංග්ලාදේශ බලා පිටත්ව යනු ඇත. එසේම තුන්කොන් තරගාවලිය නිමා වූ පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සත්කාරක බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග දෙකක් හා විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කරනු ඇත.   

“ඔහු (හතුරුසිංහ) අවසන් එකොළොස් දෙනා තෝරා ගනීවි. කණ්ඩායම් කළමනාකරුට හා කණ්ඩායමේ නායකයාට, සහය තේරීම් කමිටු සාමාජිකයින් ලෙස ඒ සඳහා සිය දායකත්වය ලබා දෙන්න පුළුවන්.“ යැයි පසුගිය ඉරිදා පැවැත්වූ සුවිශේෂී මහා සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පවසා ඇත.

1973 ශ්‍රී ලංකා ක්‍රීඩා පනතේ නීති ප්‍රකාරව, කණ්ඩායම් පුහුණුකරුට, ජාතික තේරීම් කමිටුවට යා නොහැකි නමුත් ඊයේ පැවැත්වූ මහ සභා රැස්වීමේ දී මෙය වෙනස් වී ඇත. කෙසේ නමුත් ජාතික තේරීම් කමිටුව විසින් තීරණ ගන්නා විට, එයට එරෙහිව තීරණ ගැනීමට ප්‍රධාන පුහුණුකරු හට ඉඩක් නොමැත.

සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන නායකයා හෙට (9) පත්කරනු ඇත අතර බංග්ලාදේශ බලා පිටත්ව යන සංචිතය ද හෙට නිකුත් කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<