ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයකට!

Sri Lanka Emerging Team Tour Of West Indies 2025

3
sri lanka emerging team tour of west indies

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යාමට නියමිතයි.

එක්දින තරග ත්‍රිත්වයක් සහ සිව්දින තරග දෙකක් මෙම තරගාවලියට ඇතුළත් වන අතර, තරගාවලිය එළඹෙන ජුනි 07 වැනි දා ආරම්භ වනු ඇති.

තරග කාලසටහන;

  • පළමු සිව් දින තරගය – ජුනි 07 සිට ජුනි 10 දක්වා
  • දෙවැනි සිව් දින තරගය – ජුනි 14 සිට ජුනි 17 දක්වා
  • පළමු එක්දින තරගය – ජුනි 21
  • දෙවැනි එක්දින තරගය – ජුනි 24
  • තෙවැනි එක්දින තරගය – ජුනි 26

තරගාවලියේ සිව්දින තරග ද්විත්වය Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග ත්‍රිත්වය Sir Vivian Richards ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<