දුෂාන්, ඔසඳ සහ ඇන්ජලෝ ශතක ලබා ගනී

719

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භක දිනයේ දී ශතක තුනක් වාර්තා වීම කැපී පෙණුනි. යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන දුෂාන් විමුක්ති, හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඔසඳ ප්‍රනාන්දු සහ එන්. සී. සී. ක්‍රීඩා සමාජයේ ඇන්ජලෝ පෙරේරා මෙසේ ශතක වාර්තා කළ ක්‍රීඩකයෝ වූහ.

පන්දු යැවීමේ දී සී. සී. සී. සමාජයේ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 86කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව රාගම ක්‍රීඩා සමාජයේ අමිල අපොන්සු ද ලකුණු 86කට කඩුලු 5ක් දවා ගත්තේය.  

තරිඳු රත්නායක SSC ජය මාවතට ගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතිය නිමා වූයේ එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 112ක ජයග්‍රහණයක් ලබා දෙමිනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය අතර තරගය

පනාගොඩ යුධ හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට යුධ හමුදා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 285ක් ලබා සිටියේ ය.

කාසියේ වාසිය දිනූ වරාය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් විමුක්ති නොදැවී ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඔහු පන්දු 248කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 136ක් ලබා සිටියේ ය.

Photo Album : Negombo CC Vs. BRC | Major League Tier A Tournament 2018/19

ඊට අමතරව ආරම්භක වමත් පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ පන්දු142කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තේ ය. ඩිල්ශාන් ද සොයිසා ද පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණ46ක් ලබා ගත්තේ ය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 246 (77) ලක්ෂාන් එදිරිසිංහ 81, දුල්ශාන් විමුක්ති නොදැවී 136, ඩිල්ශාන් ද සොයිසා 46, චමින්ද බණ්ඩාර 4/51


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. කණ්ඩායම අතර තරගය

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 225ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ විශාද් රන්දික ය. ඔහු පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර පහර 7ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය.

Photos: Colts v CCC | Major League Tier A Tournament 2018/19

කඩුලු ලබා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 86කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

තරගය නතර කරන විට සී. සී. සී. ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 29ක් ලබා සිටිය හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (87.3) ධනංජය ලක්ෂාන් 24, හෂාන් දුමිඳු 23, විශාද් රන්දික 68, නිසල තාරක 26, අකිල දනංජය නොදැවී 23, මාලින්ද පුෂ්පකුමාර 6/86, අශාන් ප්‍රියංජන් 2/32

සී. සී. සී.; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 29 (6) මාධව වර්ණපුර නොදැවී 14

කමිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට පහසු ජයක්

නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවති තරගය මුළු මනින්ම තමන්ගේ තරගයක් බවට…

රාගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මේරියන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 281ක් ලබා ගත්තේය.

එම ඉනිමේ දී ඔසඳ ප්‍රනාන්දු පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක හර්ෂ කුරේ ලකුණු 95ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 119කට මුහුණ දුන් අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී අමිල අපොන්සු ලකුණු 86කට කඩුලු 5ක් දවා ගත්තේ ය. සහන් නානායක්කාර ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

තරගය පළමු දිනයට නතර කරන විට රාගම ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 70ක් ලබා සිටියේ ය. ලබා ගත් කඩුලු දෙකේම හිමිකාරීත්වය නිමේෂ් විමුක්තිට හිමි විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 281 (60.2) යසෝද ලංකා 25, ඔසඳ ප්‍රනාන්දු 100, හර්ෂ කුරේ 95, සහන් නානායක්කාර 4/45, අමිල අපොන්සු 5/86

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 70 (27) ජනිත් ලියනගේ 31, සංජය චතුරංග 27, නිමේෂ් විමුක්ති 2/19


බී. ආර්. සී. කණ්ඩායම සහ මීගමු ක්‍රිකට් සමාජය අතර තරගය

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා ලකුණු 221ක් ලබා ගත් හ.

එම ඉනිමේ දී හෂේන් රාමනායක පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව දේශාන් ඩයස් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේ ය.

මීගමු ඉනිම කිසිවෙක් නොදැවී ලකුණු 82ක් වූ අතර එහි දී ෂෙහාන් ජයසූරිය පන්දු 47ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 47ක් ද, ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 43කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ද ලබා පිටියේ නොදැවී රැඳී සිටිය හ.

බී. ආර්. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (72.4) දේශාන් ඩයස් 42, හෂේන් රාමනායක 66, රවින්ද්‍ර විජේසූරිය 30, දුවිඳු තිලකරත්න නොදැවී 20, උපුල් ඉන්ද්‍රසිරි 3/49, ෂෙහාන් ජයසූරිය 4/56

මීගමු ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 82 (15) ලසිත් කෘස්පුල්ලේ නොදැවී 33, ෂෙහාන් ජයසූරිය නොදැවී 47

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ එස්. එස්. සී. කණ්ඩායම අතර තරගය

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්හ.

Photos: SSC v Saracens SC | Major League Tier A Tournament 2017/2018

එම ඉනිමේ දී ගමිඳු කනිෂ්ක පන්දු 155කට මුහුණ දී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තේ ය. ඊට අමතරව සාලිය සමන් ද ලකුණු 81ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 143ක් වැය කළ අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 57කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (88.1) නිපුන් කරුණානායක 23, මිලින්ද සිරිවර්ධන 24,  සාලිය සමන් 81, ගමිඳු කනිශ්ක 95, කසුන් මධුශංක 2/53, සචිත්‍ර සේනානායක 2/48, තරිඳු රත්නායක 3/57

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ලබන වසර මුලදී ශ්‍රී ලංකාවට

සිව්දින ක්‍රිකට් තරග දෙකකින් හා එක්දින ක්‍රිකට් තරග පහකින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් එළඹෙන වසරේ ජනවාරි 2 වැනිදා සිට 29 වැනිදා දක්වා ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම….

එන්. සී. සී. සහ ටැමිල් යූනියන් කණ්ඩායම අතර තරගය

කාසියේ වාසිය දිනූ එන්. සී. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පිටියට පිවිස පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 296ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී නායක ඇන්ජලෝ පෙරේරා මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් දෙවැනි ශතකයත් අද ලබා ගැනීමට සමත් විය. ඔහු පන්දු 171කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තේ ය.

දිනය අවසන් වෙන විට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා සිටිය හ.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (83.2) ලහිරු උදාර 38, මහේල උඩවත්ත 21,  උපුල් තරංග 37, ඇන්ජලෝ පෙරේරා 124, මාලිංග අමරසිංහ 37,  සචිත්‍ර සේරසිංහ 3/64, සදීෂ් පතිරණගේ 2/54, ලහිරු මිලන්ත 2/17

ටැමිල් යූනියන්; පළමු ඉනිම කඩුල්ලක් දැවී 18 (4)

හෙට (08) මෙම තරග සියල්ල ම දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<