ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව් වැනි සතිය හෙවත් අවසන් සතියේ තරග අද (28) පළමු දිනයට ආරම්භ වූ අතර එහි දී නදීර බාලසූරිය සහ කමිල් මිශාර ශතක වාර්තා කිරීමට සමත් වෙනවා.
>>National Super League සිව්දින තරග කාලසටහන එළිදැක්වෙයි
Police SC සහ Ace Capital CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Police SC
කාසියේ වාසිය දිනා ගත් Police නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගන්නවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 286ක් ලබා ගන්නා ලද අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නදීර බාලසූරිය. ඔහු පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 130ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මංගල ශතකයයි.
ඊට අමතර ව ප්‍රියමාල් පෙරේරා පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 83ක් ද සහ සංගීත් ශෙහාර පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 40ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී චමෝද් බට්ටගේ සහ ඉසිතර විජේසුන්දර කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව රවීන් ද සිල්වා සහ රොෂාන් ජයතිස්ස අතරේත් කඩුල්ල බැගින් බෙදී යනවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (85.0)සංගීත් ශෙහාර 40, නදීර බාලසූරිය 130, ප්‍රියමාල් පෙරේරා නොදැවී 83, ඉසිත විජේසුන්දර 3/76, චමෝද් බට්ටගේ 3/57
- Ace Capital CC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 26 (6.0)
Ace Capital කණ්ඩායම ලකුණු 260ක් පිටුපසින්.
Moors SC සහ CCC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – CCC
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් CCC ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටියා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක. ඔහු පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 94ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ධනංජය ද සිල්වා පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් ද සහ දුල්නිත් සිගේරා පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.
තරගය පළමු දිනයට නතර කරන විට පවන් රත්නායක පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සංතුශ් ගුණතිලක ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් මෙතෙක් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම සහ ශිරාන් ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- CCC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 319 (81.3)නිශාන් මදුශ්ක 94, දුල්නිත් සිගේරා 30, ධනංජය ද සිල්වා 64, පවන් රත්නායක නොදැවී 83, සංතුශ් ගුණතිලක 3/39
- Colts CCසහ NCC අතර තරගය මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colts CC
කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා.
ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු උදාර 1 වැනි කඩුල්ලට ලකුණු 105ක් එක් කරන ලද අතර ඉන් අනතුරු ව ලහිරු උදාර සහ කමිල් මිශාර එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 112ක් එක් කරනවා.
එහි දී ඉනිමේ1 වැනි කඩුල්ලට දැවී ගිය නිරෝෂන් දික්වැල්ල පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 54ක් ද සහ 2 වැනි කඩුල්ලට දැවී ගිය ලහිරු උදාර පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 94ක් ලබා ගන්නවා.
තරගය පළමු දිනයට නතර කරන විට කමිල් මිශාර පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 160ක් ලබා සිටියා. ඔහුට තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට තවත් ඇත්තේ ලකුණු 12ක් ඉක්මවා යෑම පමණයි.
ඔවුන්ට අමතර ව කවිඳු පතිරත්න පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී අකිල දනංජය ලකුණු 121කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව කවිශ්ක අංජුල කඩුලු ද්විත්වයක් ද සහ සනෝජ් දර්ශික කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- NCC – පළමු ඉනිමකඩුලු 7ක් දැවී 393(79.0) නිරෝෂන් දික්වැල්ල 54, ලහිරු උදාර 94, කමිල් මිශාර 160, අහන් වික්‍රමසිංහ 20, කවිඳු පතිරත්න 30, කවිශ්ක අංජුල 2/66, අකිල දනංජය 3/121
BRC සහ Bloomfield C & AC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – BRC
කාසියේ වාසිය දිනා ගත් BRC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 308ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් රිසිර වීරසූරිය, ප්‍රමෝද් මදුවන්ත සහ රමින්ද විජේසූරිය අර්ධ ශතක ඉනිම් ලබා ගන්නවා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 79ක් ලබා සිටින ප්‍රමෝද් මදුවන්ත.
ඊට අමතර ව රමින්ද විජේසූරිය පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 77ක් ද සහ ආරම්භක පිතිකරු රිසිර වීරසූරිය පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දුවිඳු තිලකරත්න ලකුණු 36කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මිහිරංග සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- BRC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 308 (87.0)රිසිර වීරසූරිය 58, රිසිත් උපමාල් 25, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 79, රමිඳු විජේසූරිය 77, දුවිඳු තිලකරත්න 2/36
මෙම තරග හෙට (29) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















