අධීෂගෙන් ලකුණු 6කට කඩුලු 5ක්!

අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය 2022

3154

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන තුන්දින නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (25) පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා. 

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායමේ 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර සමත් වුනා. ඔහු ලකුණු 16කට කඩුලු 6ක් දවා ගත්තා.

ඊට අමතරව නුගේගොඩ ක්‍රීඩා සමාජයේ දකුණතින් වේගපන්දු යවන නවීන් ප්‍රනාන්දු ද, කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය නියෝජනය කරන 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන මධුරංග නවීන් ද කඩුලු 6 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමතින් වේගපන්දු යවන අදීශ තිලංචන පන්දුවාර 8.3ක් යවමින් නිලකුණු පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 6කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මීට අමතර ව SSC නියෝජනය කරන දකුණතින් පිට දඟපන්දු යවන 17 හැවිරිදි ට්‍රෙවින් මැතිව්, මීගමු කණ්ඩායම නියෝජනය කරන 19 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන සුධීර වීරරත්න සහ Ace Capital කණ්ඩායමේ මෙතූෂන් තිළිණ ද කඩුලු 4 බැගින් දවාගෙන දක්ෂතා දැක්වූවා.

පිතිකරුවන් අතරින් දිනයේ කැපී පෙනෙන මෙහෙයක් කළේ NCC කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොහාන් ද සිල්වා. ඔහු පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත්තා.

ඊට අමතර ව ගුවන් හමුදා කණ්ඩායමේ  21 හැවිරිදි දකුණත් පිතිකරු මොවින් සුබසිංහ පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 133ක් ලබා ගත්තා.

දිනයේ හොඳම ජයග්‍රහණයක් මඟ හැරී ගිය ක්‍රීඩකයා වූයේ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ අභිෂේක් ලියනාරච්චි. ඔහු ලකුණු 99කට දැවී ගියා. එම කණ්ඩායමේ ඉමේෂ් ගුණසිංහ මේ වෙද්දී නොදැවී ලකුණු 97ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටිනවා. ඊට අමතරව රාගම ක්‍රිකට් සමාජයේ අවිශ්ක තරිඳු ද නොදැවී ලකුණු 93ක් ලබා ගනිමින් ශතක ආසන්නයේ සිටිනවා.

ඊට අමතරව පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වීමට NCC කණ්ඩායමේ හසිත බෝයගොඩ (59), බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය නියෝජනය කරන කැනඩා ක්‍රීඩක Kavian Naress (51), රාගම ක්‍රිකට් සමාජයේ ඩී. බණ්ඩාර (71), ගුවන් හමුදා කණ්ඩායමේ නදීර ඉෂාන් (60), හලාවත මේරියන්ස් කණ්ඩායමේ අයොන් ප්‍රනාන්දු (නොදැවී 70) සමත් වෙද්දී, BRC කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 3ක් වාර්තා වීම කැපී පෙනුණා.

එහි දී හොඳම ඉනිම ක්‍රීඩා කළේ විනුර දුල්සර. ඔහු ලකුණු 77ක් ලබා ගත්තා. නායක මෝදිත රණතුංග (61), චමෝද් සඳරු (51) ද ඒ අතරට එක් වුනා.

Group A

Lankan CC V Moors SC @ Moors

  • Lankan – පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (43.3) ඉසිවර දිසානායක 23, ලහිරු ඩිල්ශාන් 43, රවිඳු රත්නායක 40, දමිත සිල්වා 20, තීසාන් විතුශාන් 2/48, අයන සිරිවර් ධන 3/50, අදීශ තිලංචන 5/06
  • Moors – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 63 (18.2) දිනුක ඩිල්ශාන් 26, යසිරු රොද්‍රිගෝ 3/25

SL Navy SC V CCC @ CCC

  • Navy – සියලුම දෙනා දැවී 170 (66) සුහඟ විජේවර්ධන 35, සුලක්ෂණ ශ්‍රීශාන් 37, අම්ෂි ද සිල්වා 2/43, චමිඳු විජේසිංහ 3/40, මාලිංග අමරසිංහ 2/31, බී. ජී. එස්. මෙන්ඩිස් 2/13

SL Air Force SC V SSC & Katunayake

  • Air Force – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 311 (86) කෙමිර විජේනායක 40, ශෝන් පේෂල 28, මෝවින් සුබසිංහ නොදැවී 133, නදීර ඉෂාන් 60, ට්‍රෙවීන් මැතිව් 4/65

Group B

NCC Vs Kurunegala YCC @ Welagedara

  • NCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 355 (91) ජොහාන් ද සිල්වා 144, හසිත බෝයගොඩ 59, දිනෙත් ජයකොඩි 20, යුගීෂ ඩිශාන් නොදැවී 36, අශේන් ඩැනියෙල් නොදැවී 44, මධුරංග නවීන් 6/101

Bloomfield C & AC V Negombo CC @ Bloomfield

  • Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (59.1) Kavian Naress 51, සනෝජ් දර් ශික 22, නඳුන් ඩිල්ශාන් 20, නිශාන් පීරිස් 2/29, අවීෂ කේශාන් 2/12, සුධීර වීරරත්න 4/07
  • Negombo – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 51 (14) මිහිසල් අමෝද නොදැවී 20, පසිඳු ලක්ශංක නොදැවී 28

Chilaw Marians CC V Saracens SC @ Moratuwa

  • Chilaw Marians – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 142 (41) අයොන් ප්‍රනාන්දු නොදැවී 70, රවීන් යසස් නොදැවී 44, හේෂාන් රාමනායක 2/19

Group C

Baduraliya SC V Nugegoda S & WC @ Maggona

  • Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (34.2) අක්‍රම් මුතාලිබ් 32, කොවිඳු වික්‍රමසිංහ 27, නවීන් ප්‍රනාන්දු 6/41, කළණ මධුශංක 2/21
  • Nugegoda – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 256 (53) අභිශේක් ලියනාරච්චි 99, නිමේෂ් ගුණසිංහ නොදැවී 97, කළණ මධුශංක 38, ශේන් විජේසිංහ 2/71, තමිඳු වික්‍රමාරච්චි 2/61

Tamil Union C & AC V Police SC

  • Police– පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (57.5) චාරුක ජයතිලක නොදැවී 50, සුපුන් කාවින්ද 2/14, රවිඳු ප්‍රනාන්දු 5/10
  • Tamil Union – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 92 (28)

Ragama CC V Panadura SC @ Thurstan Ground

  • Ragama – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 266 (76) දිනෙත් තිමෝද්‍ය 33, ටී. දික්වැල්ල 38, මනීෂ රූපසිංහ 28, ඩී. බණ්ඩාර 71, අවිශ්ක තරිඳු නොදැවී 93, සසංක නිර් මාල් 2/76

Group D

Colts CC Vs Galle CC @ Colts

  • Galle – සියලුම දෙනා දැවී 137 (46.3) ඩිල්ශාන් කාංචන 46, ප්‍රභාත් ද සොයිසා 40, ඩිල්ශාන් මධුශංක 3/39, හර් ෂණ වික්‍රමසිංහ 2/14, ජෙහාන් ඩැනියෙල් 2/30, රුවින් සෙනෙවිරත්න 3/32
  • Colts -කඩුල්ලක් දැවී 79 (16) ශලින් ද මෙල් 35, අවිශ්ක පෙරේරා නොදැවී 25

BRC V Kandy Customs CC @ BRC

  • BRC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 308 (84) ශෂීන් ප්‍රනාන්දු 23, විනුර දුල්සර 77, හිරන්ත ජයසිංහ 33, චමොද් සඳරු 51, මෝදිත රණතුංග 61, නිසල ආකාශ් 3/63, මර් වින් අබිනාශ් 2/68, අනුක ජයසිංහ 3/102
  • Kandy Customs – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 4 (4)

Ace Capital CC V SL Army SC @ Panagoda

  • Ace Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 93 (31.5) තනුක දාබරේ 22, සවිඳු පීරිස් නොදැවී 24, ලක්ශාන් ගමගේ 3/39, කෞමාල් නානායක්කාර 6/16
  • Army – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 82 (31.5) තුලින ඩිල්ශාන් 30, මෙතූශන් තිළිණ 4/33

මේ සියලු හෙට (26) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<