ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ තරග අද (12) ආරම්භ වූ අතර එහි දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Colts කණ්ඩායමේ කවිශ්ක අංජුල සමත් වුණා.
දකුණතින් මඳ වේග පන්දු යවන ඔහු Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 70කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව BRC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ශෂික දුල්ශාන් ද කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
දිනයේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතරින් CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක (නොදැවී 75), Police කණ්ඩායමේ ධනුජ ඉඳුවර (51), දුලාශ් උදයංග (94) සහ අශේන් බණ්ඩාර (79), Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර (52), NCC කණ්ඩායමේ ලහිරු උදාර (70), විනුක රූබසිංහ (76) සහ චාමික කරුණාරත්න (52), Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා (60) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 62) මෙන් ම Kurunegala කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර (53) ද අර්ධ ශතක ඉනිම් රැස් කළා.
A කාණ්ඩය
CCC සහ Bloomfield C & AC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- CCC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 156 (43.0) නිශාන් මදුශ්ක නොදැවී 75, ධනංජය ද සිල්වා 40, ලහිරු මදුශංක 2/24
Colts CC සහ Police SC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (79.1) ධනුජ ඉඳුවර 51, දුලාශ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අශේන් බණ්ඩාර 79, දිලුම් සුදීර 23, කවිශ්ක අංජුල 5/70, අකිල ධනංජය 3/85
- Colts CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 6 (3.0)
Colts කණ්ඩායම තවත් ලකුණු 311ක් පිටුපසින්.
Chilaw Marians CC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (61.1) තනුක දාබරේ 23, කසුන් විදුර 52, සකුණ ලියනගේ 21, නිම්සර අතරගල්ල නොදැවී 33, මදුක ලියනපතිරණ 2/35, තිලකරත්න සම්පත් 2/45, ලොහාන් ද සොයිසා 3/43
- Nugegoda S & WC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 90 (32.0) පුලිඳු පෙරේරා 20, තිලකරත්න සම්පත් නොදැවි 29
Nugegoda කණ්ඩායම තවත් ලකුණු 113ක් පිටුපසින්.
- දිලුම් සුදීර කඩුලු 200 සමාජයට එක් වෙයි
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
-
එළඹෙන ජනවාරියේ දී T20 තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවේ සංචාරයක
B කාණ්ඩය
ACE Capital CC සහ NCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.
- NCC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 311 (86.0) ලහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමිල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අශේන් ඩැනියෙල් නොදැවී 22, රොෂාන් ජයතිස්ස 3/88, වනුජ සහන් 3/76
Moors SC සහ Tamil Union C & AC අතර තරගය කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- Moors SC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 260 (89.1) සදීර සමරවික්‍රම 40, ජනිශ්ක පෙරේරා 39, සොහාන් ද ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 62, සිතාර ගිම්හාන් 47, තරිඳු රත්නායක 2/83
BRC සහ Kurunegala C & AC අතර තරගය මග්ගොන, Surrey ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala C & AC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 276 (88.0) දිල්හාර පොල්ගම්පොළ 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 22, සමීර සඳමාල් 37, චාමිකර එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් නොදැවී 31, මොහොමඩ් ශිරාස් 3/71, ශෂික දුල්ශාන් 4/77
මෙම තරග සියල්ල හෙට (13) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















