ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ පළමු දිනයේ දී සොහාන් ද ලිවේරා සහ පවන් රත්නායක ශතක ලබා ගනිද්දී දුශාන් හේමන්ත පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූවා.
මේ අතුරින් Moors කණ්ඩායම නියෝජනය කරන 25 හැවිරිදි වමත් පිතිකරු සොහාන් ද ලිවේරා Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 139ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 48ක 7 වැනි ශතකයයි. මේ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 3000 කඩඉමට ද පිවිසීමට සමත් වුණා.
CCC කණ්ඩායම නියෝජනය කරන පවන් රත්නායක Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 170කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 58ක් වන පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකයයි.
මේ අතර පන්දු යැවිමේ දී Panadura කණ්ඩායමේ දුශාන් විමුක්ති CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 87කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
අද පැවැති තරග අතුරින් Police කණ්ඩායමේ අවිශ්ක තරිඳු (නොදැවී 78), CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක (50), Tamil Union කණ්ඩායමේ ඉසිවර දිසානායක (54) සහ ශාරුජන් ශන්මුගනාදන් (87), Baduraliya කණ්ඩායමේ විනුර දුල්සර (නොදැවී 52) සහ Moors කණ්ඩායමේ සිතාර ගිම්හාන් (76) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Nugegoda සහ Colts කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් එකඳු හෝ පන්දුවක් නොයවා පළමු දිනය අතහැර දැමුණා.
- බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ඉල්ලීමක්!
- පාකිස්තානය පහසු ජයක් කරා!
- කෲස්පුල්ලේ සහ ශාරුජන් නැවතත් ශතක සමාජයට
A කාණ්ඩය
Bloomfield C & AC සහ Police SC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Police SC
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (50.5) රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 32, තරිඳු හර්ෂණ 23, රවිඳු ප්‍රනාන්දු 47, දුවිඳු තිලකරත්න 32, නිපුන් ප්‍රේමරත්න 2/55, චාරුක ප්‍රමෝද් 4/40, දිලුම් සුදීර 3/39
- Police SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 121 (31.0) අවිශ්ක තරිඳු නොදැවී 78, ප්‍රියමාල් පෙරේරා නොදැවී 24
Police කණ්ඩායමට තවත් ලකුණු 71ක් පිටුපසින්.
Panadura SC සහ CCC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – CCC
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309(83.2)නිශාන් මධුශ්ක 50, ලසිත් කෲස්පුල්ලේ 37, පවන් රත්නායක 116, සහන් කෝසල 20, අංජල බණ්ඩාර 38, දුශාන් විමුක්ති 7/87, විශ්ව ලහිරු 3/65
- Panadura SC– පළමු ඉනිම කිසිදු කඩුල්ලක් නොදැවී 17 (4.0)
Panadura කණ්ඩායම තවත් ලකුණු 292ක් පිටුපසින්.
- T20 ලෝක කුසලානය වෙනුවෙන් SSC ක්‍රීඩාංගණය නවීකරණය වෙයි
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
B කාණ්ඩය
NCC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- Tamil Union C & AC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 246 (82.5)නවෝද් පරණවිතාන 43, ඉසිවර දිසානායක 54, ශාරුජන් ශන්මුගනාදන් 87, සචිත ජයතිලක 28, චාමික කරුණාරත්න 2/29, ශක්ති උදාර 2/77, සහන් ආරච්චිගේ 2/41
Baduraliya SC සහ ACE Capital CC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Baduraliya SC
- Baduraliya SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 232 (68.2)ඩිල්ශාන් ද සොයිසා 37, සඳුන් වීරක්කොඩි 36, විනුර දුල්සර නොදැවී 52, සුමින්ද ලක්ෂාන් නොදැවී 40, වනුජ සහන් 2/72, චමෝද් බැට්ටගේ 4/66
Kurunegala Youth CC අතර Moors SC තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
- Moors SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 298 (74.0)සදීර සමරවික්‍රම 43, සොහාන් ද ලිවේරා 139, සිතාර ගිම්හාන් 76, දිනූශ්ක මාලන් 2/46
මෙම තරග සියල්ල හෙට (10) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















