පිටියේ කතා – සිම්බාබ්වේ තුන්කොන් එක්දින සංචාරයේ විජයග්‍රහණය

5782

ධනංජය ද සිල්වා,නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණ දක්ෂතා වලිනුත් අසේල ගුණරත්න,ජෙෆ්රි වැන්ඩර්සේ වැනි නවක පන්දු යවන්නන්ගේ දක්ෂතා වලිනුත් සවිමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේහිදී පැවති තුන්කොන් එක්දින තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් විය.කෙසේවෙතත් කුසල් පෙරේරාගෙන් බලාපොරොත්තු වූ දස්කම් ප්‍රදර්ශනය නොවූ අතර ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් තුළ හත්වන ස්ථානය රැකගන්නට සමත් විය.