2008 වසරෙන් පසු පළමු වතාවට රොනාල්ඩෝ – මෙසී ආධිපත්‍ය බිඳ හෙළමින් 2018 Ballon d’Or සම්මානය දිනා ගැනීමට රියාල් මැඩ්රිඩ් හා ක්‍රොඒෂියානු මැදපෙළ ක්‍රීඩක ලූකා මොඩ්රික් සමත් විය.
ප්‍රංශ පාපන්දු සම්මේලනය විසින් 1956 වසරේ සිට ලබා දෙන Ballon d’Or සම්මානය පාපන්දු ලෝකයේ පැරණිතම සම්මානයකි.
ක්‍රොඒෂියාව සිය මංගල ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා රැගෙන ඒමට ඉමහත් සේවයක් ඉටු කළ 33 හැවිරිදි ක්‍රොඒෂියානු නායකයා පසුගිය මැයි මාසයේ දී රියාල් මැඩ්රීඩ් වෙනුවෙන් අඛණ්ඩව සිය තෙවැනි ශූරයින්ගේ කුසලානය දිනා දෙන්නට සමත් විය.

ඒ නිහතමානී මිනිසා “N’Golo Kanté” නම් විය
මෙවර නාමයෝජනා ලැයිස්තුවේ දෙවන ස්ථානය රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ සිට Juventus කණ්ඩායම වෙත ගිය සුපිරි පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට හිමි විය.

මොඩ්රික් මේ වසරේ දී සම්මාන කිහිපයක්ම දිනා ගැනීම විශේෂත්වයක්. 2018 FIFA පාපන්දු සම්මාන උළලේ වසරේ හොඳම පිරිමි පාපන්දු ක්‍රීඩකයා ලෙස ද, නිමා වූ පාපන්දු ලෝක කුසලානයේ දී තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස රන් පාපන්දුව ද ඔහු විසින් දිනා ගන්නා ලදි.
යුධ පිටියේ පාපන්දු තරුව “ලූකා මොඩ්රිච්”
BBC වෙත අදහස් දක්වමින් ලූකා පවසා තිබුණේ මෙසී හා රොනාල්ඩෝ ආධිපත්‍ය දරූ වසර දහය පුරා එම සම්මානය අහිමි වූ සියලුම අනෙක් සුපිරි ක්‍රීඩකයින්ට තමන් මෙම සම්මානය පුද කර සිටින බවයි.
“මෙම සම්මානයට සුදුසු, එනමුත් මෙම සම්මානය දිනා නොගත් සියලුම ක්‍රීඩකයින්ට මම මේ සම්මානය පුද කරනවා, මේ වසර මට ඉතා විශේෂ වසරක්” සම්මානය දිනා ගත් පසු ලූකා අදහස් ප්‍රකාශ කළේ සියලු දෙනාගේ අත්පොලසන් මධ්‍යයේ.
“මට හැඟෙන දේ හරියටම ප්‍රකාශ කරන්න බැහැ, මේ අවස්ථාව මට ඉතාම විශේෂයි”

23 හැවිරිදි නොර්වේ හා ලියොන් ක්‍රීඩිකා Ada Hegerberg, පළමු වතාවට ලබා දුන් Women’s Ballon d’Or සම්මානය දිනා ගන්නා ලදි.
මෙවර පාපන්දු ලෝක කුසලානයේ සම්මාන දිනූ ක්‍රීඩකයෝ
හිටපු Ballon d’Or ජයග්‍රාහකයින් විසින් නම් කරනු ලබන, වයස අවුරුදු 21න් පහළ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි වන Kopa කුසලානය දිනා ගැනීමට ප්‍රංශයේ කිලියන් එම්බාපේ සමත් විය.

2007 වසරේ සිට Ballon d’Or ජයග්‍රාහකයින්
- 2007 – කාකා
- 2008 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
- 2009 – ලයනල් මෙසී
- 2010 – ලයනල් මෙසී
- 2011 – ලයනල් මෙසී
- 2012 – ලයනල් මෙසී
- 2013 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
- 2014 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
- 2015 – ලයනල් මෙසී
- 2016 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
- 2017 – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
- 2018 – ලූකා මොඩ්රික්
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<




















