මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම අද (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා.
එහි දී ඔවුන් ලකුණු 39කින් පරාජය වූවේ තමන් සහභාගි වූ තරග 8න් 7ක්ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 ස්ථානයේ වැජඹෙන Kandy Falcons කණ්ඩායමටයි.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. ඒ අනුව ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තම කණ්ඩායමට පවරා ගත්තා.
Falcons අද තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදුකර තිබුණේ Andre Fletcher සහ ඉසුරු උදාන වෙනුවට කවීන් බණ්ඩාර සහ Zahoor Khan කැඳවමිනුයි. Aura කණ්ඩායමේ සිදුව තිබූ එකම වෙනස්කම ලෙස චමිඳු වික්‍රමසිංහ වෙනුවට කළණ පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබුණා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,
- Kandy Falcons: කවීන් බණ්ඩාර, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, Najibullah Zadran, වනිඳු හසරංග, Fabian Allen, චාමික කරුණාරත්න, චමිඳු විජේසිංහ, Oshane Thomas, Zahoor Khan.
- Dambulla Aura: Jordan Cox, ශෙවෝන් ඩැනියෙල්, Sikandar Raza, භානුක රාජපක්ෂ, දසුන් ශානක, රවිඳු ප්‍රනාන්දු, Matthew Forde, ප්‍රමෝද් මදුෂාන්, Noor Ahmed, දිලුම් සුදීර, කළණ පෙරේරා.
කවීන් බණ්ඩාර තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පන්දු 16ක දී ලකුණු 27ක් රැස් කළා. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගවල දී Falcons කළමනාකාරීත්වය දැඩි අසීරුතාවයකට පත්වෙනු ඇත්තේ Andre Fletcher, Carlos Brathwaite වැන්නන් ද බංකුවේ සිටින නිසයි.
මෙවර තරග සමයේ අර්ධ ශතක 2කට හිමිකම් කියූ කමිඳු මෙන්ඩිස් අද රැස්කළේ ලකුණු 19ක් පමණයි. ඔහු Raza යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. සෙමින් ඉනිම ආරම්භ කළත් අවසානයේ වැරෙන් පන්දුවට පහර දුන් අශේන් බණ්ඩාර පන්දු 31ට ලකුණු 37ක් ලෙස තම ඉනිම නිමා කළා.
ලකුණු 22ක් ලබා සිටි Najibullah දවා ගැනීම වෙනුවෙන් අද ප්‍රමෝද් මදුශාන් රැකගත් උඩපන්දුව තරගාවලියේ දැකිය හැකි වුනු හොඳම උඩපන්දුවක් ලෙස අවිවාදයෙන්ම සැලකිය හැකි. ශරීරය අසලකවත් නොවූ පන්දුව දැවැන්ත පිම්මකින් පසු සුරැකිව රැකගත් ප්‍රමෝද් පිටියේ ගැටෙන මොහොතේ පවා තම සමබරතාවය සහ පන්දුවේ ග්‍රහණය විශිෂ්ට ලෙස හසුරුවා ගත්තා.
චාමික කරුණාරත්න කෙටි පන්දුවකට පිට ඉන්න දෙසින් එල්ල කළ මනරම් හයේ පහරක් සමඟින් Falcons කණ්ඩායමට ලකුණු 160 සීමාවට ලඟා වීමට හැකි වුනා. ඒ කඩුලු 7ක් දැවී තිබිය දීයි. පන්දු යැවීමේ දී කළණ පෙරේරා, දිලුම් සුදීර සහ Matthew Forde කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
- Colombo Stars කණ්ඩායමෙන් අතිවිශිෂ්ට ලුහුබැඳ යාමක්!
- Allen සහ Brathwaiteගේ දස්කම් Falconsට ජය ගෙනෙයි
- නිශ්ක්රීයව සිටි Dambulla Aura සුපිරි ජයක් සමඟින් යළි නැගිටියි
- තුන් ඉරියව් දක්ෂතා හමුවේ Falconsට තවත් පහසු ජයක්
- බංගලි පිතිකරුවෙකුගේ උදව්වෙන් Jaffna Kingsට තවත් ජයක්!
Aura කණ්ඩායමට තරගාවලියේ තවදුරටත් සජීවීව රැඳී සිටින්නට නම් මෙම ලකුණු 160ක ඉලක්කය හඹා යාම අනිවාර්ය වුවත් මුල්පෙළ පිතිකරුවන් අද තම වගකීම ඉටු කළේ නැහැ. විශේෂයෙන්ම පසුගිය තරගයේ දී ලකුණු 163ක විශිෂ්ට සබඳතාවයක් පිහිටවූ Jordan Cox සහ ශෙවෝන් ඩැනියෙල් අද ලකුණු 24ක් වෙද්දී ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව සිටියා.
තමන්ට ලැබුනු තරග දෙකේ දී පන්දුවෙන් ඇදහිය නොහැකි මට්ටමේ දස්කම් දැක්වූ Oshane Thomas අදත් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තා. විශේෂයෙන්ම ඔහු පිට පිටම පන්දු 2ක දී ඩැනියෙල් සහ භානුක දවා ගැනීම නිසා Aura කණ්ඩායමට නැවතත් හිස ඔසවා ගැනීමට හැකි වුනේ නැහැ.
මුල් පන්දුවාර කිහිපයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් පහසු උඩපන්දුවක් පවා බිම අතහැරි කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක පසුව ඉතා හොඳ උඩපන්දු රැක ගනිමින් Thomasගේ කඩුලු දඩයමට සහය වුනා. අද පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලද Sikandar Raza ලකුණු 45ක් රැස් කළ ද අනෙක් කිසිදු පිතිකරුවෙක් ඒ අසලකටවත් පැමිණියේ නැහැ.
ඇඟිල්ලක ආබාධයක් සහිතව ක්‍රීඩා කළ නායක දසුන් ශානක ලකුණු 14 දී දැවී ගියා. Thomasට අමතරව Fabian Allen සහ චමිඳු විජේසිංහ කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. පාදයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කළ වනිඳු හසරංග අද පිටියේ රැඳී සිටියේ දැඩි අපහසුවකිනුයි.
පන්දුවාර 20ම පිටියේ රැඳී සිටින්නට Dambulla Aura සමත් වුවද එහි දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 121ක් පමණයි. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් Aura බලාපොරොත්තු බොඳ කර දැමූ කොදෙව් ක්‍රීඩක Oshane Thomasට හිමි වුනා.
[insert_php] $contents = file_get_contents(“https://stats.thepapare.com/cricket/embed/match_result/kandy-falcons-vs-dambulla-aura-18th-match”); echo $contents;[/insert_php]
LPL තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය වූ හෙට (19) දිනයේ දී Jaffna Kings සහ Colombo Stars සවස 3.00ටත්, Galle Gladiators සහ Dambulla Aura රාත්‍රී 7.30ටත් තරග වැදීමට නියමිතයි. එම සියලු තරග තොරතුරු සහ ඡායාරූප ඔබට ThePapare.com තුලින් සමීප කරවීමට අප සූදානම්!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<