ශ්‍රී ලංකා පිතිකරණය යළිත් බිඳවැටෙි

345
Sri Lanka's Dinesh Chandimal (R) plays a shot next to Bangladesh's wicketkeeper Nurul Hasan (L) during the Asia Cup T20 cricket tournament match between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 28, 2016. / AFP / MUNIR UZ ZAMAN
ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශයට ඒරෙහිව තරඟ වදිමින් ©AFP

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පස් වන තරඟය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මීර්පූර් හීදී පැවැත්විණි. එහිදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

බංග්ලාදේශ පිතිකරුවන් ප්‍රථම පන්දුවේ සිටම තම ග්‍රහණයට හසුකර ගැනීමට ශ්‍රී ලංකා  පන්දු යවන්නන් සමත් විය. ප්‍රථම පන්දුවාර 6 අවසානයේ ඔවුන්ගේ කඩුළු 3ක් ලකුණු 41ක් තුල දවාලීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුවද, එක් අන්තයක සිට සබීර් රහමාන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත විය.

කෙසේ වුවත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 147 ක් පමණි.

මොෂ්චිකර් රහීම් පන්දු 9කදී ලකුණු 4ක්ද, සකීබ් අල් හසන් පන්දු 34 කදී  ලකුණු 32 ක් ගැනීමට 4 පහරවල් 3ක්ද, සබීර් රහමන් පන්දු  54ක දී වේගවත් ලකුණු 80ක් ලබා ගැනීමට දැවැන්ත 6 පහරවල් 3ක්ද ,4 පහරවල් 10ක් එල්ල කරන ලදි .නුරුල් හසන් පන්දු 5කදී ලකුණු 2ක් ද, මෂ්රෆ මොට්ටාසා පන්දු 2කදී ලකුණු 2ක්ද, මහමදුල්ලා නොදැවී පන්දු 12කදී ලකුණු 23 ක්ද, බංග්ලාදේශ ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. මොහොමඩ් මිතුන් සහ සවුම්ය සරක්කාර් ලකුණු කිසිවක් රැස් කිරීමට සමත් නොවුහ.

Bangladesh cricketer Sabbir Rahman plays a shot (L) as the Sri Lanka wicketkeeper Dinesh Chandimal (R) looks on during the match between Bangladesh and Sri Lanka at the Asia Cup T20 cricket tournament at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 28, 2016. AFP PHOTO/ Munir uz ZAMAN / AFP / MUNIR UZ ZAMAN
බංග්ලාදේශ ක්‍රීඩක සබිර් රහමන් අාසියා කුසලානයේ ශ්‍රී ලංකාවට ඒරෙහිව තරඟ වැදෙමින් ©AFP

ශ්‍රී ලංකා  කණ්ඩායමේ පන්දු යැවීමෙදි ඇනජලෝ මැතිව්ස් පන්දුවාර 3කදී ලකුණු 8කට එක් කඩුල්ලක්ද , නුවන් කුලසේකර  පන්දුවාර 4කදී ලකුණු 44කට එක් කඩුල්ලක්ද, රංගන හේරත් පන්දුවාර 4කදී ලකුණු 24ක්ද, දුෂ්මන්ත චමීර  පන්දුවාර 4කදී ලකුණු 30කට කඩුළු 3ක්ද, තිසර පෙරේරා එක් පන්දුවාරය කදී ලකුණු 14 ක්ද, ෂෙහාන් ජයසූරිය පන්දුවාර 3කදී ලකුණු 21 ක්ද, තිලකරත්න ඩිල්ශාන් එක් පන්දුවාරය කදී  ලකුණු 5ක්ද. ලෙස සටහන් කරන ලදි.

ලකුණු 148ක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 124ක් ලබා ගන්නා ලදි .ඒත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 23කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.

තිලකරත්න ඩිල්ශාන් පන්දු  9කදී ලකුණු 12ක් ගැනීමට 4 පහරවල් 2 ක්ද, දිනේෂ් චන්දිමාල් පන්දු 37ක දී ලකුණු 37ක් ගැනීමට 4 පහරවල් 4 ක් එල්ල කල අතර ෂෙහාන් ජයසූරිය පන්දු  21කදී ලකුණු 26ක් ද, මිලින්ද සිරිවර්ධන

බංග්ලාදේශ කණ්ඩායම තම ජයග්‍රහණය සමරමින් ©AFP
බංග්ලාදේශ කණ්ඩායම තම ජයග්‍රහණය සමරමින් ©AFP

පන්දු 4කදී ලකුණු 3ක්ද , දසුන් ශානක පන්දු 14කට ලකුණු 14ක් ද, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 20 කදී ලකුණු 12ක්ද, තිසර පෙරේරා පන්දු 6කදී ලකුණු 4ක්ද, චාමර කපුගෙදර  නොදැවී  පන්දු 7 කදී ලකුණු 12ක් ද, දුෂ්මන්ත චමීර නොදැවී එක් පන්දුවකට එක් ලකුණක්ද ලබා ගන්නා ලදි. නුවන් කුලසේකර ලකුණු කිසිවක් වාර්තා නොකලේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන්, සකීබ් අල් හසන් පන්දුවාර 4කදී  ලකුණු 21 කට කඩුළු 2ක්ද, මහමදුල්ලා පන්දුවාර 2කදි ලකුණු 14කට එක් කඩුල්ලක්ද, මෂ්රෆ මොට්ටාසා පන්දුවාර 3කදි ලකුණු 17කට එක්  කඩුල්ලක්ද, ටස්කින් අහමඩ් පන්දුවාර 3කදි ලකුණු 19ක්ද, අල් අමීන් හුසේන් පන්දුවාර 4කදි ලකුණු 34කට කඩුළු 3ක්ද, මස්ටෆ රහමන් පන්දුවාර 4ට ලකුණු 19කට එක් කඩුල්ලක්ද ලබා ගන්නා ලදි.

තරඟයේ වීරයා ලෙස සබීර් රහමන් සම්මාන දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකා  කණ්ඩායම සහභාගි වන මීළඟ තරඟය ලබන අඟහරුවාදා (මාර්තු 01) ඉන්දීය කණ්ඩායම සමඟ මීර්පූර් හීදී පැවැත්වීමට නියමිතය.