ලහිරු කුමාරට ඇබැද්දියක්

861
Lahiru Kumara

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඊයේ (30) දිනයේ දී පැවති පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිම අල කර ගනිති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

ඊයේ (30) රාත්‍රියේ පැවති පුහුණුවීම් අතරතුර පන්දු රකිමින් සිටිය දී ලහිරු කුමාරගේ වමතෙහි වෙදඟිල්ල හා සුලැඟිල්ල අතර ප්‍රදේශය යම් පැලීමකට ලක්වීම නිසා ඔහු හෙට (1) දිනයේ දී  දිවා/රාත්‍රි තරගයක් ලෙස දඹුල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව තරගයට පෙර අද පැවැත්වූ මාධ්‍ය හමුව සඳහා අදහස් දැක්වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන ලදි.

“ඊයේ පුහුණුවීම් අතරතුර ලහිරු කුමාරගේ වමතෙහි වෙදඟිල්ල හා සුලැඟිල්ල අතර ප්‍රදේශය යම් පැලීමකට ලක්වෙලා තියෙනවා. ඒක නිසා ඔහු හෙට තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. හෙට තරගය පටන් ගන්න කලින් ඔහු වෙනුවට කවුද ක්‍රීඩා කරන්නේ කියලා අපි තීරණය කරනවා.” යැයි මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මැතිව්ස් පැවසීය.

වයස අවුරුදු 21ක් වන කුමාර දෙරට අතර පසුගිය 29 වැනිදා දඹුල්ලේ දී දිවා තරගයක් ලෙස පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ක්‍රියාත්මක කළේ පන්දුවාර තුනක් පමණක් වන අතර එහි දී ඔහුගේ පන්දුවලට එරෙහිව ලකුණු 11ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත් විය.

කුමාරගේ මේ ආබාධ තත්වය නිසා හෙට තරගයේ දී බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත එක්දින වරම් හිමිකර ගැනීමට වැඩි ඉඩකඩක් තිබේ. කසුන් රාජිත නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු එම තරගාවලියේ දී තරග දෙකක් තුල කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.

එසේ නොමැති වුවහොත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව ද වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<