කෝලි ස්මිත් ගැටුමේ ජය ස්මිත්ට

132

ඉන්දීය නායක විරාත් කෝලි අභිබවා යමින් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සමත්ව ඇත. ඒ පසුගිය දා නිමා වූ ඉන්දියා බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව නිකුත් කළ ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. 

ඉන්දියාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ජාස්ප්‍රිට් බුම්‍රාහ් පන්දු ‍යවන්නන්ගේ සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ 1981න් පසුව ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම වේගපන්දු ‍යවන්නා බවට පත්වෙමිනි. 

ඉන්දියා කොදෙව් තරගයෙන් පසුව අජින්කෙයා රහානේ, හනුමා විහාරි ද ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණ ඇති අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේසන් හෝල්ඩර් ශ්‍රේණිගත කිරීම්වල දියුණුවක් ලබාගෙන ඇත. 

ශ්‍රී ලංකාව එක් වෙනසක් සමඟ තීරණාත්මක දෙවන තරගයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය…………….

නිමා වූ කොදෙව් තරගයක දී විරාත් කෝලි පළමු ඉනිමේ දී ලකුණු 79ක් ලබා ගත් අතර දෙවන ඉනිමේ දී කිසිදු ලකුණක් වාර්තා කළේ නැත. එම දක්ෂතා ඔහුට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ප්‍රමාණවත් නොවීය. 

විරාත් 2018 වසරේ එංගලන්ත සංචාරයේ දී ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණි අතර එම තරගාවලියේ දී ටෙස්ට් තරග 5ක් තුල දී ලකුණු 593ක් රැස් කරමින් තරගාවලියේ වීරයා බවට ද පත්විය. ඉන් අනතුරුව ඔහු මේ දක්වා ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි අතර ඔහුට අභියෝග කිරීමට කිසිවෙකුත් සමත් වූයේ නැත. 

කෙසේ වෙතත් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව කෝලි ලකුණු 903ක් ලබාගෙන සිටින අතර ස්මිත් ලකුණු 904ක් ලබාගෙන පෙරමුණ ගැනීමට සමත්ව ඇත. ස්මිත්ට අළුබඳුන තරගාවලියේ තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමට තිබෙන අතර එම තරගවල දී ඔහු දක්වන දක්ෂතා අනුව ඔහුට ලකුණු 947ක් ලබා ගැනීමේ අවස්ථාව පවතී. එය ඔහුගේ හොඳම ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය වන අතර එය දෙවැනි වන්නේ ඩොන් බ්‍රැඩ්මන් වාර්තා කළ ලකුණු 961ට පමණි. 

ස්මිත් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණියේ 2015 ජුනි මාසයෙන් පසුවය. එම වසරේ දී ඔහු ගැරී සෝබර්ස්ට හා විවියන් රිචඩ්ස්ට පමණක් දෙවැනි වෙමින් ටෙස්ට් තරග 141කින් පෙරමුණ ගෙන තිබුණි. 

ලකුණු සහ කඩුලු මැෂින් දෙක නැවතත් කණ්ඩායමට

ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට රැගෙන ආ හෙඩින්ග්ලි ටෙස්ට් තරගය කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින්………….

නිමා වූ කොදෙව් තරගයේ දී ඉන්දීය උපනායක අජින්කෙයා ‍රහනේ ලකුණු 24ක් හා නොදැවී ලකුණු 64ක් වාර්තා කිරීමට සමත් වූ අතර එම දක්ෂතා ඔහු ශ්‍රේණිගත කිරීම් හි හත්වැනි ස්ථානය දක්වා රැගෙන ඒමට සමත් විය. ඔහු මුල් 10 දෙනා අතරට පැමිණියේ 2017 වසරෙන් පසුවය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වූ හනුමා විහාරි වාර්තා කළ ලකුණු 111 හා 53 ඔහු 30 වැනි ස්ථානය දක්වා ‍රැගෙන ඒමට සමත්ව ඇත. කොදෙව් තරගාවලියේ වීරයා බවට පත්වීමට ද ඔහු සමත් විය. 

ඉන්දීය වේගපන්දු ‍යවන ක්‍රීඩක ජාස්ප්‍රිට් බුම්‍රාහ් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තුන්වැනි ක්‍රීඩකයා බවට පත්වූ අතර මීට පෙර හර්බජාන් සිං හා ඉර්ෆාන් පතාන් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කර ඇත. ජාස්ප්‍රිට් මෙම තරගයේ දී ලකුණු 27කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 835කි. එය 1981 වසරේ කපිල් දේව් විසින් ලබාගත් ලකුණු සංඛ්‍යාවට සමාන වේ. 

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක ජේසන් හෝල්ඩර් පන්දු ‍යවන්නන්ගේ සටහනේ 11 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත්ව ඇත. ඒ ඔහු ලබා ගත් කඩුලු 5 නිසාවෙනි. කොදෙව් කණ්ඩායමේ ක්‍රෙග් බ්‍රාත්වෙයිට් 93 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත්ව ඇත. 

කොදෙව් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන ඇත්තේ ලකුණු 120ක් ලබා ගනිමිනි. එය එක් තරගාවලියක් සඳහා ලබාගත හැකි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. 

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලිය තරග 1 බැගින් දෙපිලම ජය ගනිමින් නිමා වූ අතර කණ්ඩායම් දෙකම ලකුණු 60 බැගින් ලබාගෙන සිටී. ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අළුබඳුන තරගාවලියේ එක් තරගය බැගින් ජයග්‍රහණය කල අතර ඔවුන් ලකුණු 32ක් ලබාගෙන ඇත. තරග 5කින් සමන්විත අළුබඳුන තරගාවලියේ තවත් ලකුණු 48ක් ඉතිරිව ඇති නිසා කණ්ඩායම් දෙකටම ලකුණු 80ක් ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත. 

ජාත්‍යන්තර ක්‍රිකට් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් (සැප්තැම්බර් 3 ට පසු)

පිතිකරුවන්

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු        සාමාන්‍ය
1 +1 ස්ටීව් ස්මිත්                 ඕස්ට්‍රේලියාව        904 63.24
2 -1 විරාත් කෝලි ඉන්දියාව             903 53.14
3 කේන් විලියම්සන්       නවසීලන්තය       878 52.22
4 සී. පුජාරා                    ඉන්දීයාව 825 49.87
5 හෙන්‍රි නිකොල්ස්        නවසීලන්තය       749 44.25
6 ජෝ රූට්                     එංගලන්තය         726 48.20
7 +4 අජින්කෙයා රහානේ ඉන්දියාව 725 42.23
8 -1 ටොම් ලැතම්              නවසීලන්තය       724 44.03
9 -1 දිමුත් කරුණාරත්න     ශ්‍රී ලංකාව            723 36.93
10 -1 ඒයිඩන් මාක්‍රම්           දකුණු අප්‍රිකාව     719 43.80

පන්දු ‍යවන්නන් 

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු        සාමාන්‍ය
1 පැට් කමින්ස් ඕස්ට්‍රේලියාව        908 21.48
2 ‍රබාඩා                          දකුණු අප්‍රිකාව     851 21.77
3 +4 ජාස්ප්‍රිට් බුම්‍රාහ් ඉන්දියාව             835 19.24
4 -1 ජේම්ස් ඇන්ඩර්සන්      එංගලන්තය         814 26.94
5 +7 ජේසන් හෝල්ඩර් කොදෙව්              814 27.26
6 -2 වර්නන් ෆිලැන්ඩර්        දකුණු අප්‍රිකාව     813 21.64
7 -2 ට්‍රෙන්ට් බෝල්ට්           නවසීලන්තය       795 27.35
8 -2 නීල් වැග්නර්                නවසීලන්තය       785 27.51
9 -1 කෙමර් රෝච්               කොදෙව්              780 26.94
10 -1 මොහොමඩ් අබ්බාස්    පාකිස්තානය          770 18.86

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<