ඉලක්කම් 9කින් කියවන කෝලීගේ දැවැන්ත ආදායම

774

ලෝ සුපතළ ෆොර්බ්ස් සඟරාව විසින් ඉදිරිපත් කරන 2017-18 වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයින් 100 දෙනා අතරට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ද ඇතුලත්ව තිබේ. මෙම ලැයිස්තුවේ පළමු තැන හොබවන්නේ ඇමරිකානු ජාතික බොක්සිං ක්‍රීඩකයෙකු වන ෆ්ලොයිඩ් ’මනි’ මේවෙදර් වීම විශේෂත්වයක්.

ලහිරු කුමාර කොදෙව් ඉනිම පාලනය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (06) නිමා වෙද්දී සත්කාරක කොදෙව්වෝ සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා සිටියි. කොදෙව් තරග බිමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි ද?

ලොව වැඩිම ආදායම් ලබන ක්‍රීඩකයින් අතුරින් 83 වැනි ස්ථානයට සිටින කෝලි වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 24ක් උපයන අතර එම ලැයිස්තුවේ සිටින එකම ක්‍රිකට් ක්‍රීඩකයා ද ඔහුයි. ලෝ ප්‍රකට ‘පුමා’, ‘පෙප්සි’, ‘අවුඩි’ හා ‘ඔක්ලේ’ යන සන්නාම සමඟ එක්වීම නිසා ඔහුගේ ආදායම දෙගුණ තෙගුණ වී තිබෙන බවයි පැවසෙන්නේ. ‘WROGN’ නමින් ඔහුගේම තරුණ විලාසිතා සන්නාමයක් ද ඔහු 2014 වසරේ දී ආරම්භ කළා.   

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් A+ කාණ්ඩයේ සිටින ක්‍රීඩකයින් පස් දෙනාගෙන් එක් අයෙකු වන විරාට් කෝලි වසරකට ඩොලර් මිලියන 1ක් සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම්ගතව සිටිනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරන ඔහු එමගින් උපයන මුදල වසරකට ඩොලර් මිලියන 2.65ක්.

ශ්‍රී ලංකාවේ නිල නොලත් “ක්‍රිකට් නිවුන්නු”

අපි අද අහන බලන ශ්‍රී ලංකා එක්දින පන්දු යවන්නන්ගේ නම් ඇහෙනකොටම, පන්දු රකින්නාගේ නමත් ඉබේම කියවෙනවා. ඒ මොකද?

“ඔහුව අනුගමනය කරන ට්විටර් ගිණුම් පරිශීලකයින් මිලියන 25කට වඩා සිටිනවා, හිටපු ඉන්දීය ක්‍රිකට් තරු වගේම කොලිත් ක්‍රිකට් පිටියටම පමණක් සීමා නොවී ලොව සුපතල පුමා, පෙප්සි, අවුඩි, ඔක්ලේ වැනි සන්නාම සමඟ එක්වී සිටිනවා.” 29 හැවිරිදි කෝලි ඉන්දියානු ක්‍රිකට් ලෝකයේ වීරයා පමණක් නොව ලෝකයේම ඉතා ජනප්‍රිය ක්‍රීඩා තරුවක් බව ෆොර්බ්ස් සඟරාව පවසනවා.

පසුගිය වසරේ සිටි ස්ථානයෙන් කෝලි ස්ථාන හයක් ඉදිරියට පැමිණ ඇති අතර මීට පෙර 2013 දී ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සින්ග් දෝනි මෙම ලැයිස්තුවේ 13 වන ස්ථානයටත්, සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් එම ලැයිස්තුවේ 51 වන ස්ථානයටත් පත්වුණා.

ලහිරු කුමාර කොදෙව් ඉනිම පාලනය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (06) නිමා වෙද්දී සත්කාරක කොදෙව්වෝ සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා සිටියි. කොදෙව් තරග බිමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි ද?

පසුගිය වසරේ අගෝස්තුවේ කෝනර් මැක්ග්‍රේගොර් සමඟ පැවති තරගයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 275ක් උපයා ගත් මේවෙදර් සිව්වැනි වරටත් මෙම ලැයිස්තුවේ සිටින අතර දෙවන හා තෙවැනි ස්ථාන සුපිරි පාපන්දු ක්‍රීඩකයින් වන ලයනල් මෙසීට හා ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට හිමිව තිබෙනවා.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<