ප්‍රථම දිනයේ වැඩි ගෞරවය ආරක්ෂක සේවාවන්ට

358
Kandy Hockey Sixes 2017 day 1 report

මහනුවර සය සාමාජික හොකී තරගාවලිය (කැන්ඩි හොකී සික්සස්) ඊයේ (28) පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. චාම් උත්සවයකින් අනතුරුව තරග ආරම්භ වූයේ පෙ.ව.8.00ට පමණය. තරග 65ක් සම්පූර්ණ කිරීමට නියමිතව තිබුණද වර්ෂාධික කාලගුණ තත්වය නිසා දිනය තුළ පැවැත්වුණු තරග සංඛ්‍යාව අඩු විය.

මහනුවර සය සාමාජික හොකී තරගාවලියට මෙවර කණ්ඩායම් 57ක්

මෙරට හොකී කරලියේ ඉතා ආකර්ශනීය ඉසව්වක් වන මහනුවර සය සාමාජික හොකී තරගාවලිය මෙම සති අන්තයේ (2017 ජනවාරි 28/29) පේරාදෙණිය…

කොටස් 6ක් යටතේ තරග පැවැත්වේ. පිරිමි “සුපර් 9″ සහ කාන්තා “සුපර් 8″ තරග සඳහා ආරක්ෂක සේවා සහ ප්‍රමුඛ ක්‍රීඩා සමාජ නියෝජනය කරන කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩා කරයි. යුධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා යන කණ්ඩායම්ද, CH & FC වැනි ප්‍රබල කණ්ඩායම්ද අයත් වන්නේ මේ කාණ්ඩ වලටයි.

ඒ” කාණ්ඩයේ පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම පෙරමුණ ගැනීමට සමත් වූයේ ගුවන් හමුදාව වන අතර ඔවුන් මේ වනතෙක් අපරාජිතයි. “බී” කාණ්ඩයේ පිරිමි අංශයෙන් පෙරමුණ ගන්නට යුධ හමුදා කණ්ඩායම සමත් විය. ජනාධිපති A කණ්ඩායම “කාන්තා අංශයෙන් පෙරමුණ ගෙන සිටියේය. දිනය තුළ “බී” කාණ්ඩයෙන් පමණක් පැවැත්වීමට නියමිතව තිබූ සියළුම තරග සම්පූර්ණ විය.

පාසල් ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෙන්වූ අංශයක්ද තරගාවලියට ඇතුළත්ය. එවැනි කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වුණු අතර ඉන් පෙරමුණ ලබන්නට ආදි ධර්මරාජ, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ A, ආදි සිල්වෙස්තර සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල යන කණ්ඩායම් සමත් වී ඇත්තේ අද (29) සහ හෙට යන දිනයන්හිදී තවත් තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබියදීය.

දිනයේ වඩාත් සිත්ගත් තරගය පැවැත්වුණේ ආදි සිල්වෙස්තර සහ ආදි අන්තෝනි කණ්ඩායම් අතරය. එහිදී දෙපිලම ගෝල දෙක බැගින් වාර්තා කළේය. මෙම කොටසේ කාන්තා තරග A හා B වශයෙන් බෙදන ලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම් හට වෙන්කොට තිබුණත් වර්ෂාව හේතුවෙන් ජයග්‍රාහකයින් තෝරාගැනීම අපහසු විය.

මධ්‍යම පළාතේ වයස අවු. 15න් පහල පාසල් කණ්ඩායම් සඳහා වෙන්වූ තරගාවලියක්ද පැවැත්වේ. මෙහිදීත් දිනයට නියමිත සියළු තරග නොපැවැත්වුණත් සීතාදේවි A, B, මහාමායා වැනි කණ්ඩායම් අනෙක් කණ්ඩායම් වලට වඩා ලකුණු ලබා තිබූ අයුරක් දිස්විය. ධර්මරාජ, ත්‍රිත්ව සහ කිංස්වුඩ් යන කණ්ඩායම් පිරිමි අංශයේ පෙරමුණ ගෙන තිබිණි.

අද තරගාවලියේ දෙවන දිනය වන අතර ඊයේ නොපැවැත්වුණු තරග, අර්ධ අවසන් පූර්ව තරග සහ පිළිමලුන් පිටුදැකීමේ තරග යන සියල්ලම පැවැත්වෙන්නේද, ජයග්‍රාහකයන් සඳහා තිලිණ සහ සහතිකපත් බෙදාදෙනු ලබන්නේද මෙදිනයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට