2025 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය බ්‍රහස්පතින්දා (12) කොළඹ දියගම ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වුනා.
ශූරතාවලියේ පළමු දිනය තුළ ම නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් මෙන්ම, තරගාවලි වාර්තා රැසක් ද බිහි වීම විශේෂත්වයක්.
මෙහි දී පිරිමි වයස 20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට සමත් වූ අයෝමාල් අකලංක විසින් සිය ඉසව්ව නිම කිරීමට වැය කළේ තත්පර 50.30ක කාලයක් පමණයි. මෙය නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් ලෙස වාර්තා අතරට එක් කිරීමට ද ඔහු සමත් වුනා.
මේ අතර හලාවත සාන්ත මරියා විද්‍යාලයේ නිමේෂ් සිල්වා විසින් 16න් මීටර් 300 කඩුලු මතින් දිවීම ඉසව්ව තත්පර 39.73ක කාලයක් ඇතුළත නිම කරමින් නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා. එමෙන්ම 16න් පහළ මීටර් 100 කඩුලු පැන දිවීමේ ඉසව්වේ තරගාවලි වාර්තාව ද ඊයේ අලුත් වූ අතර, හලාවත සාන්ත මරියා විද්‍යාලයේ ම දිදුල ප්‍රනාන්දු විසින් තත්පර 13.17ක් වැය කරමිනුයි එම වාර්තාව තමන් සතු කර ගත්තේ. එමෙන්ම එම ඉසව්වේ මූලික වටයක දී ගාල්ල මහින්ද විද්‍යාලයේ ඕකාශ් ද සිල්වා එම ඉසව්ව වෙනුවෙන් පිහිටවූ තරග වාර්තාවයි දිදුල විසින් මෙසේ බිඳ හෙළුවේ.
මීට අමතරව තවත් 16න් පහළ ඉසව් කිහිපයක ම නව තරග වාර්තා බිහි වුනා.
පිරිමි මිටිය විසි කිරීම ඉසව්ව නියෝජනය කළ හොරණ තක්ෂිලා විද්‍යාලයේ S.M. කරුණාරත්න මීටර් 40.68ක දක්ෂතාවක් දක්වමින් ද, කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිලිනි රාජපක්ෂ මීටර් 5.96ක දුරක් තරණය කරමින් ද, කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්ව නියෝජනය කල දිල්කි කරුණාරත්න මීටර් 12.68ක දුරක් වාර්තා කරමින් ද නව තරග වාර්තා බිහි කිරීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර 18න් පහළ කාන්තා උස පැනීම ඉසව්ව නියෝජනය කළ රත්නපුර ජනාධිපති විද්‍යාලයේ මිහින්සා දෙව්මිණී විසින් මීටර් 1.74ක උසක් තරණය කරමින් නව තරග වාර්තාවක් පිහිටුවන අතරේ, කාන්තා 18න් පහළ මිටිය විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ හොරණ තක්ෂිලා විද්‍යාලයේ ශලෝමි ජයකොඩි මීටර් 40.81ක දුරක් සටහන් කරමින් නව තරග වාර්තාවක් කරා යෑමට සමත් වුනා.
මේ අතර, මීට අමතරව 18න් පහළ පිරිමි උස පැනීම ඉසව්ව ජය ගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලයේ තරුෂ මෙන්ඩිස් සමත් වූ අතර, 23න් පහළ කාන්තා මීටර් 200 ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ කිවිඳි පැහැසරා විසින් සමත් වුනා.
කාන්තා 20න් පහළ කඩුලු පැන දිවීම ඉසව්ව කෑගල්ල සාන්ත ජෝසප් විද්‍යාලයේ P.G.M.S. ගුණතිලක විසින් ජය ගන්නා අතරේ, 23න් පහළ පිරිමි මීටර් 110 ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ W.P.S. කෝසල විසින් සමත් වුනා.
මෙම ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය අද (14) ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ ඇතුළු සමස්ත තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>