ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය 55 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය අද (26) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්විය.
තරගාවලිය අප්‍රේල් 24 වැනි දා සිට අද (26) දක්වා දින 4ක් අඛණ්ඩව පැවැත්විය. පෙර දින වල දී මෙන්ම අද ද නව මලල ක්‍රීඩා වාර්තා කිහිපයක්ම බිහි වුනු අතර තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා බිහිවූ වාර්තා ගණන 21 ක්.
නව වාර්තා 5ක් සමඟින් තෙවැනි දිනය නිමා වෙයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය ඊයේ (25) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් විය. ඊයේ දිනයේ ද නව නව මලල ක්‍රීඩා වාර්තා කිහිපයක්ම බිහි වූ අතර තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා වැඩිම වාර්තා ගණනක් බිහිවූ දිනය ලෙසින් ද ඊයේ දිනය හඳුන්වා දිය හැකිය.
ශූරතා කුසලාන බෙදී යාමේ දී,
සුසන්තිකා ජයසිංහ අභියෝගතා කුසලානය: අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
- එස්. එච්. සදිනි කවීෂා – විජිත ම.ම.වි. දික්වැල්ල
- දුර පැනීම – මීටර් 5.48 නව තරග වාර්තාවකි
එන්.ඒ.එන්.කිව්.ඒ. කුරේරා අභියෝගතා කුසලානය: අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
- ශේමාල් මිලින්ද පෙරේරා – සාන්ත මරියා විද්‍යාලය හලාවත
- මීටර් 200 – තත්පර 22.68
දමයන්ති දර්ශා අභියෝගතා කුසලානය: අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
- එච්.එම්.බී.අශ්මිකා හේරත් – කුලියාපිටිය ම.ම.වි.
- මීටර් 2000 බාධක දිවීම – විනාඩි 6:59.96 නව තරග වාර්තාවකි
එන්. වයිරවනාදන් අනුස්මරණ කුසලානය: අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
- ෂෙහාන් කාරියවසම් – සාන්ත ජෝශප් විද්‍යාලය කොළඹ
- මීටර් 110 කඩුලු පැනීම – තත්පර 14.41 නව තරග වාර්තාවකි
දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස අභියෝගතා කුසලානය: අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
- බී.එම්.හෂිනි ප්‍රබෝධා බාලසුරිය – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙන්නප්පුව
- තුන් පිම්ම – මීටර් 13.20 නව තරග වාර්තාවකි
ඩි.ස්ටැන්ලි තාබ්රු අනුස්මරණ කුසලානය: අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
- නිපුන් කාවින්ද කල්දේරා – ලොයෙලා විද්‍යාලය කොච්චිකඩේ
- දුර පැනීම – මීටර් 7.52 නව තරග වාර්තාවකි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් අභියෝගතා කුසලානය: අවුරුදු 23න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
- පී.ජී.එන්. මදුෂිකා – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- මීටර් 400 – තත්පර 55.10 නව තරග වාර්තාවකි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් අභියෝගතා කුසලානය: අවුරුදු 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
- එල්.ජී. ධනංජය – ශ්‍රී ලංකා යුද හමුදාව
- දුර පැනීම – මීටර් 7.83 නව තරග වාර්තාවකි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් අභියෝගතා කුසලානය: දක්ෂතම ක්‍රීඩිකාව
- බී.එම්.හෂිනි ප්‍රබෝධා බාලසුරිය – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙන්නප්පුව
- තුන් පිම්ම – මීටර් 13.20 නව තරග වාර්තාවකි.
ඊයේ දිනයේ දී පැවති තරගයන් හි ප්‍රතිඵල පහත පරිදි වේ.
අවුරුදු 18න් පහළ බාලිකා රිටි පැනීම
දිනය තුල වාර්තා වූ මුල්ම වාර්තාව ලෙසින් තෙලිප්පලයි මහජන විද්‍යාලයේ සී. හෙරීනා රිටි පැනීමෙන් තැබූ වාර්තාව වාර්තා පොත් අතරට එක්විය.
| පළමු ස්ථානය | සී.හෙරීනා | මහජන විද්‍යාලය තෙලිප්පලයි | 3.01 |
| දෙවන ස්ථානය | එස්.ශන්කවී | හින්දු විද්‍යාලය චාවකච්චේරි | 2.80 |
| තෙවන ස්ථානය | එස්.තරනිකා | හින්දු විද්‍යාලය චාවකච්චේරි | 2.70 |
අවුරුදු 23න් පහළ බාලක මිටිය විසි කිරීම
ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් එච්.එම්.ඒ.එස්.බණ්ඩාර අවුරුදු 23න් පහළ බාලක මිටිය විසි කිරීම ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කිරීමට සමත්විය
| පළමු ස්ථානය | එච්.එම්.ඒ.එස්.බණ්ඩාර | ශ්‍රී ලංකා යුද හමුදාව | 40.27 |
| දෙවන ස්ථානය | එස්.එස්.ඩි.පෙරේරා | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 35.62 |
| තෙවන ස්ථානය | සී.ජෙනොජන් | වව්නියා ඩි.ඒ.ඒ. | 31.53 |
අවුරුදු 23න් පහළ බාලිකා තුන්පිම්ම
මීළඟ වාර්තාව ලෙසින් සටහන් වූයේ ශ්‍රී ලංකා වි. වි. ක්‍රීඩා සංගමයේ ජී.ඩි.එන්.නවරත්න ක්‍රීඩිකාව තුන්පිම්ම ඉසව්වෙන් තැබූ වාර්තාවයි.
| පළමු ස්ථානය | ජී.ඩි.එන්.නවරත්න | ශ්‍රී ලංකා වි.වි. ක්‍රීඩා සංගමය | 9.89 |
| දෙවන ස්ථානය | ඩි.පොන්නම්පෙරුම | ශ්‍රී ලංකා වි.වි. ක්‍රීඩා සංගමය | 9.17 |
අවුරුදු 20න් පහළ බාලක උස පැනීම
අවසන් තරග වාර්තාව ලෙස තෝලංගමුව ඩඩ්ලි සේනානායක ම.ම.වි. පී.කේ.වී.රත්නායක උස පැනීමෙන් පිහිටවූ වාර්තාව වාර්තා අතරට එකතු විය.
| පළමු ස්ථානය | පී.කේ.වී.රත්නායක | ඩඩ්ලි සේනානායක ම.ම.වි. තෝලංගමුව | 2.00 |
| දෙවන ස්ථානය | එස්.ඒ.ටී.දසුන් | මහින්ද විද්‍යාලය ගාල්ල | 1.95 |
| තෙවන ස්ථානය | බී.කේ.ආර්.රුවන් | රාහුල ජාතික පාසැල | 1.95 |
අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 10000
| පළමු ස්ථානය | ආර්.ඩි.කේ.ප්‍රසන්තිකා | මාතර ම.ම.වී. | 40:28.59 |
| දෙවන ස්ථානය | පී.ආර්.බී.පතිරණ | ශ්‍රී මිහිඳු ම.වි. රදාවඩුන්න | 41:11.27 |
| තෙවන ස්ථානය | ඩි.ජී.එස්.එම්.දහනායක | ශ්‍රී ලංකා නාවික හමුදාව | 45:06.83 |
අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 10000
| පළමු ස්ථානය | ආර්.ඩි.එච්.අයි.ප්‍රියදර්ශනී | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 40:31.02 |
| දෙවන ස්ථානය | කේ.ජී.එම්.එන්.ඒ.කුමාරි | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 41:52.24 |
| තෙවන ස්ථානය | ටී.ආර්.එස්.ප්‍රියදර්ශනී | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 44:32.51 |
අවුරුදු 18න් පහළ බාලක හෙල්ල විසි කිරීම
| පළමු ස්ථානය | කේ.ඒ.සී.රුක්ෂාන් | සාන්ත මරිය විද්‍යාලය හලාවත | 60.71 |
| දෙවන ස්ථානය | ආර්.එම්.එල්.ඩි.රණසිංහ | බණ්ඩාරගම විද්‍යාලය ගම්පහ | 60.34 |
| තෙවන ස්ථානය | ටී.ටී.පෙරේරා | සෙවන්ත් ඩේ උසස් විද්‍යාලය | 55.00 |
අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 1500
| පළමු ස්ථානය | එච්.එම්.බී.ඒ.හේරත් | කුලියාපිටිය ම.ම.වි. | 4:45.73 |
| දෙවන ස්ථානය | ආර්.ජී.එස්.ප්‍රේමරත්න | ඒ.රත්නායක ම.ම.වි. වලල | 4:51.22 |
| තෙවන ස්ථානය | කේ.එම්.ජේ.එම්. කනගරත්න | ඒ.රත්නායක ම.ම.වි. වලල | 4:56.21 |
අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 1500
| පළමු ස්ථානය | බී.එම්.අයි.එන්.කේ.බස්නායක | ඒ.රත්නායක ම.ම.වි. වලල | 4:51.88 |
| දෙවන ස්ථානය | ජේ.එම්.ජී.එස්.කේ.ජයසුන්දර | ඒ.රත්නායක ම.ම.වි. වලල | 5:02.19 |
| තෙවන ස්ථානය | ඩි.ආර්.නිරෝෂනි | අබගස්දුව ජනාධිපති විද්‍යාලය වැලිමඩ | 5:04.52 |
අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 1500
| පළමු ස්ථානය | එච්.එම්.එන්.නන්දසේන | ශ්‍රී ලංකා යුද හමුදාව | 4:48.62 |
| දෙවන ස්ථානය | කේ.ඩි.පී.කුමාරගේ | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 4:56.73 |
| තෙවන ස්ථානය | ඒ.එච්.එම්.පී.අබේසිංහ | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 4:58.62 |
අවුරුදු 20න් පහළ බාලිකා තුන්පිම්ම
| පළමු ස්ථානය | බී.එම්.එච්.පී.බාලසුරිය | ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙන්නප්පුව | 13.20 |
| දෙවන ස්ථානය | රන්දී කුරේ | ගේට්වේ විද්‍යාලය රාජගිරිය | 11.85 |
| තෙවන ස්ථානය | ඩි.ජී.ආර්.නිරෝධා | රාජපක්ෂ ම.ම.වී. වීරකැටිය | 11.63 |
අවුරුදු 20න් පහළ බාලක මිටිය විසි කිරීම
| පළමු ස්ථානය | එස්.පිරගස්රාජ් | හාඩ්ලි විද්‍යාලය යාපනය | 25.17. |
| දෙවන ස්ථානය | යි.ජාතරතන් | හාඩ්ලි විද්‍යාලය යාපනය | 25.15 |
| තෙවන ස්ථානය | ආර්.සුජිවන් | යාපනය ඩි.ඒ.ඒ. | 24.44 |
තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට






















