ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවන් දෙදෙනෙකු පිළිබඳ ඊයේ (04) දිනයේ දී ප්‍රකාශයට පත් කෙරුණා.
Julian Wood
2025 ඔක්තෝබර් මස 01 දා සිට වසරක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස Julian Wood පත් කර ඇති අතර, පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණ හැකියා දියුණු කිරීම සම්බන්ධයෙන් ඔහු විශේෂ ප්‍රසිද්ධියක් උසුලනවා.
ප්‍රහාරාත්මක පිතිකරණයට ක්‍රිකට් ශිල්පීය ක්‍රම සමග නවීන තාක්ෂණික ක්‍රම මෙන්ම, ජෛව යාන්ත්‍රික විද්‍යාව ද (biomechanics) එක් කරමින් ක්‍රීඩකයින්ගේ හැකියාවන් නව මානයකට රැගෙන යාමේ හැකියාව ඔහු සතුයි.
මීට පෙර ඔහු විසින් England and Wales Cricket Board (ECB), Gloucestershire CCC, Hampshire CCC, Middlesex CCC, සහ IPL තරගාවලියේ Punjab Kings වැනි කණ්ඩායම් වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම මෙම වසරේ මුල භාගයේ දී Wood විසින් ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට සතියක පුහුණු වැඩසටහනක් ද ක්‍රියාත්මක කළා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
Rene Ferdinands
2025 සැප්තැම්බර් මස 30 වැනි දා සිට වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස Rene Ferdinands පත් කර ඇති අතර, ක්‍රීඩා පුහුණු වීම් සඳහා විද්‍යාත්මක ක්‍රමවේද රැගෙන ඒමට ඔහු විශේෂත්වයක් හොබවනවා.
Waikato විශ්ව විද්‍යාලය හරහා ජෛව යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ (Biomechanics) පිළිබඳ ආචාර්ය උපාධියකට හිමි කම් කියන Rene Ferdinands විසින් මීට පෙර ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමිය (NCA) සමඟ කටයුතු කළ අතර, නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.
පිට දඟ මෙන්ම පාදඟ පන්දු යැවීම පිළිබඳව ද විශේෂඥයකු ලෙස Rene Ferdinands හඳුන්වා දිය හැකි.
දෙස්, විදෙස් ක්‍රිකට් පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<