හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූවෙකු මෙන්ම දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වූ ජේසන් මෙල්ඩර් 2018/19 තරග වාරයේ දී CH&FC ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ.
ඩයලොග් ලීග් ශූරතාවයේ වෙනසක්
නොබොදිනකින් ආරම්භ වීමට නියමිත “ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය” සඳහා …
පසුගිය තරග වාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායකත්වය දැරූ මෙල්ඩර් හට එම තරග වාරය එතරම් සුබ දායක නොවූයේ විටින් විට ආබාධවලට ඔහු භාජනය වූ නිසාවෙනි. ඒ නිසාම මෙල්ඩර් හට සිය කණ්ඩායම සමඟින් එතරම් හොඳින් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

යෝෂිත රාජපක්ෂගේ නායකත්වය සමඟින් මෙවර පිටියට බසින CH&FC කණ්ඩායම මේ වන විට ශූරතාවය කරා යා හැකි ප්‍රබල සංචිතයකින් සමන්විත වේ. මේ නිසාම ඉදිරියේ දී ඩයලොග් රග්බි තරගාවලිය තවතවත් උණුසුම් වනු නිසැකය. ශ්‍රී ලාංකේය ක්‍රීඩා පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා ThePapare.com සුපුරුදු පරිදි ඔබ වෙනුවෙන් තරගාවලියේ තොරතුරු ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















