තර්ස්ටන් අවසන් සටනට සැරසෙයි

1975
U17 cricket Thurstan College vs ST. Peter's college

අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද (30) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්විණි. මෙම තරඟය තර්ස්ටන් විද්‍යාලය ලකුණු 47කින් ජයග්‍රහණය කර අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් සපුරාගන්නා ලදි.

පසුගිය ලිපි: සාන්ත සෙබස්තියන් අවසන් තරඟයට

තරගයේ කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

කාසියේ වාසිය ද ඇතිව පිටියට පිවිසි තර්ස්ටන් පිතිකරුවන් තරගයේ පළමු පන්දුවාරයේ සිටම හොඳ දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් පිතිකරණයේ නිරත විය. එම දළ ලකුණු වේගය ස්ථාවර කරමින් තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් නිමේෂ් ලක්ෂාන් වේගවත් ශතකයකින් සාන්ත පීතර පන්දු යවන්නන්ට පහරදෙමින් නොදැවී ලකුණු 105*ක් ලබාගැනීමට සමත් විය.

එම ශතක ඉණිමට සහය දෙමින් පිතිකරණයේ නිරත වූ ඉමේෂ් විරංග ලකුණු 66ක් තම කණ්ඩායමේ ලකුණු පුවරුවේ සවියට යොදවන ලදි. නිපුන් ලක්ෂාන් මැදපෙළ පිතිකරණ බල ඇණිය සවිමත් කරමින් ලකුණු 44ක් තම පිත්තෙන් සංග්‍රහ කරමින්, තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායම ලකුණු 289ක් වැනි ඉහළ ලකුණකට ඔසවා තැබීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය – 289-06 (50) නිමේෂ් ලක්ෂාන් 105*, ඉමේෂ් විරංග 66, නිපුන් ලක්ෂාන් 44, අසිත කිරිඇල්ල 2/43, සන්තුෂ් ගුණතිලක 2/65

අනතුරුව ලකුණු 290ක ඉතාමත් අසීරු හා අභියෝගාත්මක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයේ පිතිකරණයට මෙම ඉලක්කය පහසුවෙන් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ පන්දු යවන්නන් ඉඩකඩ ලබාදුන්නේ නැත.

තරඟය අවසානයේ සාන්ත පීතර විද්‍යාලයේ ලකුණු පුවරුවේ එක් අර්ධ ශතක ඉණිමක් පමණක් සනිටුහන් කරමින් තර්ස්ටන් විද්‍යාලය තරගයේ පාලනය සියතට ගන්නා ලදි. එම අර්ධ ශතකය සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් ලබාගැනීමට රන්මිත් ජයසේන සමත් වූ අතර ඔහුගේ ඉණිම ලකුණු 79කට සීමා විය. ත

ර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ යෙශාන් වික්‍රමාරච්චි ලකුණු 37කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය – 242-10 (45.5) රන්මිත් ජයසේන 79, ශෙවාන් පෙරේරා 41, සචින් සිල්වා 26, යෙශාන් වික්‍රමාරච්චි 3/37, සඳරු ඩයස් 2/47

අවසානයේ තර්ස්ටන් විද්‍යාලය ලකුණු 47 කින් තරඟය  ජයග්‍රහණය කරන ලදි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟ ලබන 2 වැනිදා (සිකුරාදා) කොළඹ මුවර්ස් පිටියේදී අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට