ශ්‍රී ලංකා සිහින බිඳ වැටුණු දිනයක්

589

දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය ඊයේ (22) නිමා වූයේ ශ්‍රී ලංකා නාමය යටතේ කිසිදු පදක්කමක් සටහන් නොවෙමිනි.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනෙකු තරග බිමට පිවිසි නමුත් ඔවුන් කිසිවෙකුට අවසන් පදක්කම් බලාපොරොත්තුව යථාර්ථයක් කරගන්නට නොහැකි විය.

කළු පටියක් පැලඳ හිමාෂ තරග බිමට

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (21) දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර..

කාන්තා මීටර 800 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න හා නිමාලි ලියනාරච්චි යන ක්‍රීඩිකාවන් දෙදෙනා සහභාගී වූ අතර ගයන්තිකා එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තේ නිමාලි එහි හත්වැනි ස්ථානය දිනා ගන්නා අතරතුරයි.

ගයන්තිකා මීටර 800 ඉසව්ව නිමා කිරීමට මිනිත්තු 2.05.74ක කාලයක් වැය කළ අතර නිමාලිට එම ඉසව්ව නිමා කිරීමට මිනිත්තු 2.08.69ක කාලයක් ගත විය. මීටර 800 අවසන් තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඉන්දියානු ක්‍රීඩිකාවක් සමත් විය. එම ඉසව්ව නිමා කිරීමට ඇයට ගත කළ කාලය මිනිත්තු 2.02.70කි.

>>Photos: 23rd Asian Athletics Championship Day 2<<

තුන් පිම්ම අවසන් තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩක ග්‍රේෂන් ධනංජය එම ඉසව්වේ 6 වැනි ස්ථානය දිනා ගනු ලැබූ අතර එහි දී ඔහු විසින් වාර්තා කළ දුර ප්‍රමාණය වන්නේ මීටර 16.16කි. ග්‍රේෂන් හොඳ තරගයක් ලබා දුන් නමුත් ඔහුට ලැබුණු එක් අවස්ථාවක් අවාසනාවන්ත අයුරින් අපතේ ගියේ පදක්කම් සිහිනය ඔහුගෙන් ඈත් කරමිනි.   

 

තුන් පිම්ම ඉසව්වේ ප්‍රථම ස්ථානය මීටර් 16.93ක දුරක් වාර්තා කළ උස්බෙකිස්තානු ක්‍රීඩකයෙකු විසින් දිනා ගත් අතර දෙවන (මීටර් 16.87) හා තෙවන (මීටර් 16.81) ස්ථාන දෙකම චීනය ක්‍රීඩකයින් දෙදෙනෙක් විසින් දිනා ගන්නා ලදි.

හිමාෂ එෂාන් මීටර 100 ඉසව්වේ අර්ධ අවසන් තරගයට ඊයේ සහභාගී වූ අතර තත්පර 10.51ක කාලයක් වාර්තා කළ ඔහුට එම ඉසව්වේ හිමි වූයේ පස්වැනි ස්ථානයයි.

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් හිමාෂ අනෙක් ක්‍රීඩකයින්ට හොඳ තරගයක් දෙන්නට සමත් වූවත්, තරගය මැද භාගයේ දී ඔහු තරමක් අසාර්ථක විය. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ජපානය විසින් දිනා ගනු ලැබුවේ තත්පර 10.18ක කාලයක් වාර්තා කරමිනි.  

තවත් එක් පදක්කම් ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් වූ ඉසව්වක් වන හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු සුමේධ රණසිංහට එම ඉසව්වේ 8 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. ඔහු විසින් එම ඉසව්වේ දී වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 73.50කි.

 

මීටර 86.72ක දුරක් වාර්තා කළ චීන තායිපේ ක්‍රීඩකයා විසින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ ඉන්දියානු ක්‍රීඩකයෙකු විසිනි. ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය වන්නේ මීටර 86.23කි. එහි තුන් වන ස්ථානය ජපන් ක්‍රීඩකයෙකු (මීටර 81.93) විසින් දිනා ගන්නා ලදි.

 

 

Video – පාට පක්ෂ අමතක කරලා එකට නැගී සිටිමු – හිමාෂ එෂාන්

ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය මිටර් 100 තරගවදින අතරතුර, හිමාෂ එෂාන් ශ්‍රී ලංකාව මුහුණ පෑ…

ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තරග ප්‍රතිඵල, ඡායාරූප, වීඩියෝ දසුන් එසැණින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියේ  #AAC19 වෙත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<