ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම වාර්ෂික ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව ඕස්ට්‍රේලියාව දෙවැනි තැනට දමමින් පෙරමුණට පැමිණීමට ඉන්දීය කණ්ඩායමට හැකිව තිබෙනවා.
2019-20 කාලසීමාවේ ප්‍රතිඵල ශ්‍රේණිගත කිරීම් සඳහා සලකා බැලීම ඉවත් වීමත් සමඟ ඔවුන් මෙලෙස පෙරමුණට පැමිණ තිබෙනවා.
2020 දී ඉන්දීය කණ්ඩායම නවසීලන්තය හමුවේ ලද 2-0ක පරාජය නවතම ශ්‍රේණිගත කිරීම් කාලයට අයත් නොවීම නිසා ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 119 සිට 121 දක්වා ඉහළට පැමිණ තියෙනවා.
අවසන් ශ්‍රේණිගත කිරීමට අනුව ප්‍රසාද ලකුණු 122ක් ලබා සිටි ඕස්ට්‍රේලියාව ලකුණු 116ක් දක්වා පහළ වැටී තිබෙන අතර පාකිස්තානය (2-0) සහ නවසීලන්තය (3-0) 2019-20 කාලසීමාවේ ලබා ගත් ජයග්‍රහණය නවතම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවීම එයට හේතුවයි. ඔවුන් 2021 දෙසැම්බර් මස එංගලන්තයට එරෙහිව ලබා ගත් 4-0ක ජයග්‍රහණය මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වෙනවා.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව මෙම වසරේ ජුනි 07 වැනිදා ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා තරග වැදීමට නියමිතව තිබෙනවා.
මෙම නවතම ශ්‍රේණිගත කිරීමට අනුව එංගලන්තය තෙවැනි ස්ථානයේ පසු වූවත් ඕස්ට්‍රේලියාව හමුවේ ලැබූ 4-0ක පරාජය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ලැබූ 1-0ක පරාජය නිසා ප්‍රසාද ලකුණු 13ක් අඩුව තිබෙනවා.
- නේපාලය 2023 ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබයි!
- අඩු ලකුණකට වනිඳු ඇතුළු පන්දු යවන්නන්ගෙන් සුපිරි සටනක්!
- මතීෂගේ විශිෂ්ට උත්සාහය අවසන් පන්දුවේ දී ව්‍යර්ථ වෙයි
- Jaiswalගේ කැපවීමට සංගාගෙන් ප්‍රශංසා!
- Yashasvi ඉන්දීය ප්‍රිමියර් ලීග් වාර්තා පොත් අලුත් කරයි
අනෙක් කණ්ඩායම් අවසන් ශ්‍රේණිගත කිරීමේ සිටි ස්ථානවල පසු වෙන අතර ශ්‍රී ලංකාව හත්වැනි තැන රැඳී සිටිද්දී, 10 වැනි ස්ථානයේ රැඳී සිටින සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 5ක් එක් කර ගෙන තිබෙනවා. අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානයට තවමත් කිසිදු ලකුණක් හිමිව නැහැ.
නවතම විස්සයි විස්ස වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව ද එහි පෙරමුණ ප්‍රසාද ලකුණු 267ක් ලබා ගත් ඉන්දියාව හිමිව තිබෙන අතර එංගලන්තය (261) දෙවැනි තැන සහ නවසීලන්තය (255) තෙවැනි ස්ථානයේ පසු වෙනවා.
ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීමේ අටවැනි තැන රැඳී සිටින අතර හොංකොං කණ්ඩායම 18 වැනි දක්වා සහ ඇමරිකා එක්සත් ජනපදය 22 ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
ඕමානය සහ පැපුවා නිව්ගිනියාව නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ස්ථාන දෙකක් පසු බැස තිබෙන අතර සිංගප්පූරු කණ්ඩායම ස්ථාන 6ක් පසු බැස 36 වැනි තැනට වැටී තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීමට කණ්ඩායම් 84ක් එයට ඇතුළත් වන අතර එයට ඇතුළත් වන කණ්ඩායම් වසරකට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6ක් වඩා පසුගිය වසර තුන තුළ ක්‍රීඩා කර තිබිය යුතු වෙනවා.
තුර්කිය මෙම ශ්‍රේණිගත කිරීමෙන් ඉවත්ව තිබෙන අතර 2020 වසරෙන් පසු තරග ක්‍රීඩා නොකළ බ්‍රසීලය, චිලී, ඉරානය, මෙක්සිකෝ සහ පේරූ කණ්ඩායම් වලට ද සිය ප්‍රසාද ලකුණු අහිමිව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම වාර්ෂික එක්දින ශ්‍රේණිගත කිරීම පාකිස්තාන සහ නවසීලන්ත තරගාවලියෙන් පසුව මැයි 10 ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම, (මැයි 02 දක්වා),
| Rating | Ranking | ||||||
| Old | New | Change | Old | New | Change | ||
| India | 119 | 121 | 2 | 2 | 1 | 1 | |
| Australia | 122 | 116 | -6 | 1 | 2 | -1 | |
| England | 106 | 114 | 8 | 3 | 3 | 0 | |
| South Africa | 104 | 104 | 0 | 4 | 4 | 0 | |
| New Zealand | 103 | 100 | -3 | 5 | 5 | 0 | |
| Pakistan | 88 | 86 | -2 | 6 | 6 | 0 | |
| Sri Lanka | 85 | 84 | -1 | 7 | 7 | 0 | |
| West Indies | 76 | 76 | 0 | 8 | 8 | 0 | |
| Bangladesh | 47 | 45 | -2 | 9 | 9 | 0 | |
| Zimbabwe | 27 | 32 | 5 | 10 | 10 | 0 | |
(David Kendix)
නවතම විස්සයි විස්ස වාර්ෂික ශ්‍රේණිගත කිරීම,
| Old rating | New rating | Change | Old ranking | New ranking | Change | ||
| India | 267 | 267 | 0 | 1 | 1 | 0 | |
| England | 261 | 259 | -2 | 2 | 2 | 0 | |
| New Zealand | 253 | 256 | 3 | 5 | 3 | 2 | |
| Pakistan | 255 | 254 | -1 | 3 | 4 | -1 | |
| South Africa | 254 | 253 | -1 | 4 | 5 | -1 | |
| Australia | 251 | 248 | -3 | 6 | 6 | 0 | |
| West Indies | 238 | 238 | 0 | 7 | 7 | 0 | |
| Sri Lanka | 236 | 237 | 1 | 8 | 8 | 0 | |
| Bangladesh | 226 | 222 | -4 | 9 | 9 | 0 | |
| Afghanistan | 220 | 219 | -1 | 10 | 10 | 0 | |
| Zimbabwe | 196 | 197 | 1 | 11 | 11 | 0 | |
| Ireland | 191 | 194 | 3 | 12 | 12 | 0 | |
| Namibia | 183 | 190 | 7 | 14 | 13 | 1 | |
| Scotland | 182 | 183 | 1 | 15 | 14 | 1 | |
| Netherlands | 177 | 181 | 4 | 17 | 15 | 2 | |
| UAE | 184 | 178 | -6 | 13 | 16 | -3 | |
| Nepal | 180 | 178 | -2 | 16 | 17 | -1 | |
| Hong Kong | 134 | 147 | 13 | 21 | 18 | 3 | |
| Canada | 137 | 144 | 7 | 20 | 19 | 1 | |
| Oman | 157 | 140 | -17 | 18 | 20 | -2 | |
| PNG | 146 | 132 | -14 | 19 | 21 | -2 | |
| USA | 119 | 131 | 12 | 25 | 22 | 3 | |
| Jersey | 127 | 131 | 4 | 22 | 23 | -1 | |
| Uganda | 123 | 127 | 4 | 24 | 24 | 0 | |
| Malaysia | 114 | 125 | 11 | 27 | 25 | 2 | |
| Qatar | 124 | 119 | -5 | 23 | 26 | -3 | |
| Kuwait | 114 | 118 | 4 | 26 | 27 | -1 | |
| Kenya | 106 | 106 | 0 | 28 | 28 | 0 | |
| Bahrain | 104 | 105 | 1 | 29 | 29 | 0 | |
| Tanzania | 100 | 102 | 2 | 31 | 30 | 1 | |
| Bermuda | 93 | 96 | 3 | 34 | 31 | 3 | |
| Saudi Arabia | 95 | 95 | 0 | 33 | 32 | 1 | |
| Spain | 87 | 92 | 5 | 36 | 33 | 3 | |
| Italy | 96 | 91 | -5 | 32 | 34 | -2 | |
| Germany | 88 | 89 | 1 | 35 | 35 | 0 | |
| Singapore | 102 | 83 | -19 | 30 | 36 | -6 | |
| Belgium | 67 | 76 | 9 | 40 | 37 | 3 | |
| Cayman Islands | 68 | 74 | 6 | 39 | 38 | 1 | |
| Denmark | 72 | 72 | 0 | 37 | 39 | -2 | |
| Guernsey | 70 | 69 | -1 | 38 | 40 | -2 | |
| Nigeria | 67 | 68 | 1 | 41 | 41 | 0 | |
| Austria | 65 | 68 | 3 | 42 | 42 | 0 | |
| Vanuatu | 63 | 67 | 4 | 43 | 43 | 0 | |
| Portugal | 61 | 66 | 5 | 44 | 44 | 0 | |
| Finland | 52 | 59 | 7 | 49 | 45 | 4 | |
| Isle of Man | 56 | 55 | -1 | 46 | 46 | 0 | |
| Norway | 53 | 54 | 1 | 48 | 47 | 1 | |
| France | 52 | 53 | 1 | 50 | 48 | 2 | |
| Botswana | 55 | 53 | -2 | 47 | 49 | -2 | |
| Romania | 57 | 49 | -8 | 45 | 50 | -5 | |
| Malawi | 48 | 48 | 0 | 51 | 51 | 0 | |
| Czech Republic | 41 | 43 | 2 | 54 | 52 | 2 | |
| Cook Islands | 41 | 41 | 0 | 53 | 53 | 0 | |
| Malta | 36 | 40 | 4 | 58 | 54 | 4 | |
| Sweden | 43 | 40 | -3 | 52 | 55 | -3 | |
| Mozambique | 31 | 39 | 8 | 63 | 56 | 7 | |
| Indonesia | 38 | 38 | 0 | 56 | 57 | -1 | |
| Sierra Leone | 34 | 35 | 1 | 60 | 58 | 2 | |
| Switzerland | 36 | 35 | -1 | 57 | 59 | -2 | |
| Bhutan | 30 | 34 | 4 | 65 | 60 | 5 | |
| Japan | 34 | 34 | 0 | 61 | 61 | 0 | |
| Ghana | 35 | 32 | -3 | 59 | 62 | -3 | |
| Luxembourg | 34 | 31 | -3 | 62 | 63 | -1 | |
| Argentina | 40 | 30 | -10 | 55 | 64 | -9 | |
| Fiji | 30 | 30 | 0 | 64 | 65 | -1 | |
| Rwanda | 27 | 29 | 2 | 66 | 66 | 0 | |
| Cyprus | 26 | 26 | 0 | 67 | 67 | 0 | |
| Bahamas | 24 | 24 | 0 | 68 | 68 | 0 | |
| Panama | 22 | 23 | 1 | 70 | 69 | 1 | |
| Belize | 22 | 22 | 0 | 71 | 70 | 1 | |
| Hungary | 22 | 20 | -2 | 69 | 71 | -2 | |
| Serbia | 11 | 13 | 2 | 72 | 72 | 0 | |
| Lesotho | 7 | 9 | 2 | 75 | 73 | 2 | |
| Gambia | 7 | 7 | 0 | 74 | 74 | 0 | |
| Bulgaria | 9 | 7 | -2 | 73 | 75 | -2 | |
| Maldives | 5 | 3 | -2 | 76 | 76 | 0 | |
| Gibraltar | 2 | 2 | 0 | 78 | 77 | 1 | |
| Eswatini | 0 | 0 | 0 | 80 | 78 | 2 | |
| Seychelles | 0 | 0 | 0 | 80 | 78 | 2 | |
| Samoa | 0 | 0 | 0 | 80 | 78 | 2 | |
| Estonia | 0 | 0 | 0 | 80 | 78 | 2 | |
| Cameroon | 0 | 0 | 0 | 80 | 78 | 2 | |
| Thailand | 0 | 0 | 0 | 80 | 78 | 2 | |
| Greece | 3 | 0 | -3 | 77 | 78 | -1 |
වැඩි දුර තොරතුරු සඳහා පිවිසෙන්න – https://www.thepapare.com/india-overtake-australia-to-become-no-1-test-side/
දිනෙන් දින උණුසුම් වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















