ක්‍රිකට් විස්තර විචාරයේ අසමසම හඬ පෞරුෂය හර්ෂ බෝග්ලේ

934
©Circle of Sports

විස්තර විචාරක කුටියේ අති මනෝරම සුගම විචිත්‍ර බසක් ඔහුට හිමිය. ඔහු උපතින් ඉන්දියානු ජාතිකයෙකි. නමුත් ඔහුගේ වාග් මාලාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව අලංකෘත කළ ඔහු එක් ජාතියකට හෝ රටකට සීමා කර තබන්නට අපට සිතෙන්නේ නැත. 

​ප්‍රබල ඉන්දියානුවන් දණගැස්වූ නවසීලන්ත වික්‍රමය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ප්‍රධාන පෙළේ කිසිදු තරගාවලියක් ඔවුන් ඒ වන තෙක් ජයගෙන තිබුණේ නැත.

මීට වසර පනස් අටකට පෙර මරාති බසට ප්‍රමුඛත්වය දුන් පවුලක උපන් හර්ෂ බෝග්ලේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ හිතවතා අද වන විට විස්තර විචාරක කුටියට නැතිවම බැරි චරිතයකි.

හර්ෂ බෝග්ලේ උපන්නේ 1961 වසරේ ජූලි මස දහනම වෙනිදා හයිද්‍රාබාදයේ මරාති බසට මූලිකත්වය දුන් පවුලක ය. හර්ෂගේ පියා ප්‍රංශ බස සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වූ අතර මව ශලිනි මනෝ විද්‍යාව සම්බන්ධයෙන් මහාචාර්යවරියෙකි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මධුර බසින් බස හසුරුවන බෝග්ලේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලැබුවේ විශ්ව විද්‍යාල මට්ටමෙනි. ඔහු ඔස්මේනියා විශ්ව විද්‍යාලයේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේ පසු කලෙක ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ මොහොමඩ් අසාරුඩීන් වැන්නන් සමඟිනි. ඔහු සමඟ තවත් ප්‍රාන්ත මට්ටමින් නම් දැරූ ක්‍රීඩකයින් රාශියක් ක්‍රීඩාවේ යෙදුණ නමුත් විස්තර විචාරක කුටියේ දී තරම් කැපී පෙනෙන යමක් ක්‍රිකට් පිටියේ දී කිරීමට බෝග්ලේ අසමත් විය.

පසු කලෙක ක්‍රීඩාව හා පෙමින් බැඳුණු හර්ෂ හයිද්‍රාබාදයේ පාසලකින් මූලික අධ්‍යාපනය හදාරා ඔස්මේනියා විශ්ව විද්‍යාලයෙන් පිටවූයේ රසායන ඉංජිනේරු ක්ෂේත්‍රයෙන් ඉගෙනීම හදාරාය.

අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය හා එක් වූ හර්ෂ බෝග්ලේ  අවුරුදු දෙකක කාලයක් සඳහා ක්‍රීඩා කළමනාකරණ සමාගමක් සමඟ ද එක්ව සිටියේය. හර්ෂ බෝග්ලේ නම ලොව පුරා ක්‍රීඩාලෝලීන් හා යාවන්නට මූලික අඩිතාලම වැටෙන්නේ එහි දී ය.

එවකත් හයිද්‍රාබාදයේ විසූ හර්ෂ බෝග්ලේ ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස මුල්ම වරට ගුවන් විදුලිය හා එක්වන විට වයස යාන්තම් අවුරුදු දහනමය පිරුණා පමණි.

උපන්බිමේ ලෝක කුසලාන සිහින බොඳ කළ ප්‍රහාරකයා

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ දකුණු….

ඉන්දියානු භූමියෙන් පිටත දී විස්තර විචාරයෙකු ලෙස වෙනත් විකාශන ආයතනයකින් ඇරයුම් ලැබූ මුල්ම ඉන්දියානුවා වන්නේ හර්ෂ බෝග්ලේය. 1992 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලානය ආවරණය කිරීම එලෙස ඉන්දියානුවෙකු ආරාධනාවක් ලද මුල්ම විදේශීය විස්තර විචාරක අත්දැකීම වේ.

Twitter/ HarshaBhogle

Gentleman Magazine සඟරාවේ ඔබ දැන ගත යුතුම මිනිසුන් පනස් දෙනා අතරට එක්වූ හර්ෂ බෝග්ලේ සුප්‍රකට Sports Illustrated සඟරාව ලෝක ක්‍රීඩාවේ වැදගත්ම සහ බලගතුම චරිතයක් ලෙස ඔහුව නම් කළේය.

2010 වසරේ දී හින්දුස්තාන් ටයිම්ස් ක්‍රිකට් විස්තර විචාරයේ විශිෂ්ටතම සලකුණ ලෙස හර්ෂ බෝග්ලේ නම් කළේය. 

හර්ෂ මෙහෙයවූ Harsha Online, Harsha Unplugged, සහ School Quiz Olympiad for ESPN වැඩසටහන් ඉතා ජනප්‍රිය වූ අතර ඩිස්කවරි සහ TLC නාලිකා ඔස්සේ විකාශනය වූ Travel with Harsha Bhogle වැඩසටහන ප්‍රේක්ෂකයින් අතර ඉතාමත් ජනාදරයට පත්විය.

1992 වසරේ ගුවන් විදුලියේ සරාගීම හඬ ලෙස තේරීපත් වූ හර්ෂ 1999 වසරේ දී ස්වාධීන වෙබ් අඩවියක් මගින් නොම්මර එකේ විස්තර විචාරකයා ලෙස තේරී පත්විය.

2003/04 සමයේ ඕස්ට්‍රේලියාවේ දී ගුවන් විදුලි සහ රූපවාහිනී ක්ෂේත්‍ර දෙකේම හොඳම විස්තර විචාරකයා ලෙස නම් කෙරුණ හර්ෂ බෝග්ලේ හොඳම විස්තර විචාරකයා, ජනප්‍රියතම විස්තර විචාරකයා සහ අපක්ෂපාතීම විස්තර විචාරකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ වරක් දෙවරක් නොවේ. හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත ඔහුව නොම්මර එකේ විස්තර විචාරකයා ලෙස නම් කළා පමණක් නොව සාමාන්‍ය තලයේ සිට පැමිණ ක්‍රිකට් විස්තර විචාරයේ සලකුණ බවට පත්වූ බව ද ප්‍රකාශ කළේය.

2008 වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උපදේශක තනතුර දැරුවේත් හර්ෂ බෝග්ලේ විසිනි. එමගින් ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණු ඔහුගේ දැනුම කවරාකාර දැයි සිතා ගැනීමට පුළුවන.

තරග දිනවන්නන් සියල්ල Legendsලා නොවේ!

නරක දිනයක දී ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සියල්ල නරකට හිටිය හැකිය. උඩපන්දු අත්හැරිය හැකිය. පිත්ත පන්දුවට යොමු නොවිය හැකිය.

විස්තර විචාරක කුටියේ කෙතරම් ප්‍රබල චරිතයක් වුව ද 2016 වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ විස්තර විචාරක කුටියෙන් හර්ෂ බෝග්ලේ ඉවත් කරන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය.

2016 ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර ඉන්දීය ක්‍රීඩකයින් ගැන එතරම් කාලයක් වෙන් නොකිරීම ඔහුට එල්ල වූ ප්‍රබල චෝදනාවක් විය.

එ් සමයේ ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය සිනමාවේ පුරාවෘත්තයක් බඳු අමිතාබ් බච්චන් පැවසුවේ මෙලෙසය.

“ඉතාම ගෞරව පූර්වකව පවසන වග නම් ඉන්දියානු විස්තර විචාරකයෙකු ලෙස වෙනත් ක්‍රීඩකයින් ගැන වෙන් කරන කාලය ඉන්දියානු ක්‍රීඩකයින් වෙනුවෙන් ද වැඩියෙන් යොදාගන්නේ නම් වටිනා බවයි.” 

අමිතාබ් බච්චන්ගේ ටිවිටර් පණිවුඩය නැවත වතාවක් තමාගේ ගිණුමේ පළ කරමින් එවකට ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනි තමාට එයට අමුතුවෙන් කිසිවක් එක් කරන්න්ට නොමැති බව පැවසුවේය.

හර්ෂගෙන් ක්‍රීඩාවට සිදු වූ දායකත්වය සීමා වූයේ විස්තර විචාරක කුටියට පමණක් නොවේ. හිටපු ඉන්දීය කණ්ඩායමේ නායක මොහොමඩ් අසාරුඩීන්ගේ චරිතාපදානය ඇතුළු ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ රාශියකි. 

ක්‍රිකට් පිටියේ අසමසම හඬ පෞරුෂය වූ හර්ෂ බෝග්ලේ නම් ඉන්දියානුවාගෙන් ඉන්දියානු විස්තර විචාරකයින්ට පමණක් නොව ලෝකයේ සෙසු විස්තර විචාරකයින්ට ද ඉගෙනීමට ඇති පාඩම් බොහෝය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<