ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට වර්ෂාවෙන් බාධා

205

කැරිබියන් දූපත් සිසාරා දින දෙකක පමණ කාලයේ සිට වේගයෙන් හමා යන සුළඟත් සමග ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (11) සාන්ත ලුසියා හී ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.

පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසරණ වේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ අද (05) සමත්…

මෙම තරගාවලියේ තරගවලට අතිරේක දිනයක් නොමැති වීම හේතුවෙන් එසේ අතහැර දැමෙන තරගයක කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණක් බැගින් හිමි වේ. ඒ අනුව A කාණ්ඩය නියෝජනය කළ මෙම කණ්ඩායම් දෙකට ද මෙම ලකුණක් බැගින් හිමි විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන දෙවැනි තරගය මේ මස 13 වැනිදා දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා සමග සාන්ත ලුසියා හි දී ම පැවැත්වීමට නියමිත ය.  

තරගාවලියේ මෙතෙක් පැවති තරග විස්තර

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය (B කාණ්ඩය)

තරගාවලිය ආරම්භ කරමින් ප්‍රොවිඩන්ස් හිදී පැවති මෙම තරගයේ දී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 24කින් ජය ගැනීමට සමත් විය.

මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කෞවුර් ශතකයක් ලබා ගැනීම කැපී පෙණුන අතර ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 194 (20)

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 160 (20)

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය ( B කාණ්ඩය )

ප්‍රොවිඩන්ස් හි පැවති මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 52ක ජයග්‍රහණයක් ලැබූහ.

මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අලිස්සා හීලි ලකුණු 48ක් ලබා ගනිමින් සහ දවා ගැනීම් 5කට සම්මාදම් වෙමින් පෑ දක්ෂතා හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණි.

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 165 (20)

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 113 (20)

ගාල්ල, බ්ලුම්ෆීල්ඩ් සහ ගුවන් හමුදාවට පළමු ඉනිමේ ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (10) නිමා වූ තරගවලින් ගාල්ල ක්‍රිකට් සමාජය, බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රිකට්…

බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ අතර තරගය (A කාණ්ඩය)

ප්‍රොවිඩන්ස් හිදී පැවති මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 60ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගයේ දී දකුණතින් මද වේග පන්දු යවන ඩැන්ඩ්‍රා ඩොටින් ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 5ක් ලකුණු 5කට දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නම් විය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 106 ( 20 )

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 46 ( 14.4 )

තරගාවලියේ තවත් උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<