2026 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය වටයේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට නියමිත ව තිබූ අවසන් තරගය අද (29) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණා.
මෙම තරගය සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායකයාගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.
ඒ අනුව දකුණු අප්‍රිකානු යෞවනයින් විසින් සිය ඉනිම ආරම්භ කරමින් ඉතා හොඳ ආරම්භයක් ද ලබා ගැනීමට සමත් වුනා. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක් එක් වූ අතර, විග්නේෂ්වරන් ආකාශ් විසින් සිය පාඳග පන්දුව පිටියට රැගෙන ඒමත් සමඟ දකුණු අප්‍රිකාවේ බිඳ වැටීම ආරම්භ වුනා.
ඒ අනුව එක් වරම දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 3කට ලකුණු 123ක් ලෙස සටහන් වූ අතර, එතැනින් පසුව ද දකුණු අප්‍රිකාවට දීර්ඝ සබඳතා කරා යාමට ශ්‍රී ලංකාවෙන් ඉඩ ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් ඉනිමේ ආරම්භක පිතිකරු වූ Jorich van Schalkwyk විසින් ඉනිමේ 40 වැනි පන්දුවාරය ඉක්මවමින් පිටියේ රැඳී සිටීමට සමත් වුනේ විශිෂ්ට ශතකයක් ද ලබා ගනිමිනුයි.
මෙහි දී ඔහු පන්දු 130ක් වැය කරමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් සමඟ ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ නැංගුරම බවට ද එම ඉනිම පත් වුනා.
ඒ හැරුණු කොට ඉනිමේ අනෙක් ආරම්භක පිතිකරු Adnaan Lagadien විසින් ලකුණු 46ක් ලබමින් සාර්ථක වීමට සමත් වුනා.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ඉනිමේ මැද පෙළ පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වීමත් සමඟ එම ඉනිම ලකුණු 261කට සීමා වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාශ් කඩුලු 4ක් දවා ගන්නා අතරේ, කවිජ ගමගේ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි”
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ශ්‍රී ලංකාව මෙම ඉලක්කය හඹා යාමේ අභියෝගය බාර ගත්තා.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානට අද දිනය එතරම් සුබදායී එකක් වුනේ නැහැ. ඔහුගේ ඉනිම ලකුණු 04කට සීමා වුනත්, ඉන් පසුව විරාන් චමුදිත සහ සෙනුජ වකුණුගොඩ ඉනිමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම ගොඩ නැගීමට සමත් වුනා.
ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර, මෙහි දී සෙනුජගේ පිත්තෙන් ලකුණු 48ක් වාර්තා වුනා.
ඉන් පසුව විරාන් සමඟ නායක විමත් දින්සර පිටියේ එක් වුනා. ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස විරාන් දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 191ක් ලෙස සටහන් වී තිබූ අතර, මේ වෙනුවෙන් විරාන්ගේ දායකත්වය ලකුණු 110ක් ලෙස සටහන් වුනා. පන්දු 94ක් පමණක් වැය කරමින් දියත් වූ මෙම ඉනිමට හතරේ පහර 13ක් මෙන්ම එක් හයේ පහරක් ද අඩංගු වීම විශේෂත්වයක්.
ඔහුගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් කෙමෙන් කෙමෙන් තරගය ජයග්‍රහණය කරා රැගෙන ඒමට සමත් වූ අතර, මෙහි දී විමත් ලකුණු 32ක් මෙන්ම, චාමික හීනටිගල නොදැවුණු ලකුණු 20ක් ද, දුල්නිත් සිගේරා නොදැවුණු ලකුණු 15ක්ද වාර්තා කිරීමට සමත් වුනා.
මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 46ක් පමණක් වැය කරමින් කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.
අද තරගයේ වීරයා සම්මානය විරාන් චමුදිත හට හිමි වුනා.
ශ්‍රී ලංකාව අද දිනයේ ලද කඩුලු 05ක ජයත් සමඟ ඔවුන් සුපිරි හය වටයේ පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා.
කෙසේ වෙතත් හෙට දිනයේ දී අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගය ඇෆ්ගනිස්තානය විසින් ජය ගත හොත් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි ව යනු ඇති.
19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















