එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

ICC Men's T20 World Cup 2026

2
ICC Men's T20 World Cup 2026

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (27) අවසන් වූවා. නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති එම තරගයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරන ලද අතර ඒ සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි කාණ්ඩයේ පළමු අසුන හිමි කර ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

එම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩකයෝ පරාජය වූව ද ඔවුන් තවමත් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන්ගේ ස්ථාවරත්වය තීරණය වෙන්නේ අද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයේදීයි.

>>Brook ගේ නායකත්වයේ ඉනිම එංගලන්තයට ජය ගෙන එයි<<

49 වැනි තරගය (දිවා/රාත්‍රී), Super 8s, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගන්නවා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු කඩුල්ලේ දී ම පන්දු 42ක දී ලකුණු 64ක සබඳතාවක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එම කඩුල්ල වෙනුවෙන් එක් වූ Tim Seifert පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. අනුරු ව ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් අනෙක් ආරම්භක පිතිකරු Finn Allen ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 19කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Glenn Phillips. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා.

කඩුලු 7ක් දැවී ලකුණු 159ක් ලබා ගත් ඉනිමේ Adil Rashid, Will Jacks සහ Rehan Ahmed කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Liam Dawson ද කඩුල්ලක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ ඉඩ ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 2ක් වෙද්දී දවා ගැනීමට ඔවුන් සමත් වෙනවා.

නමුත් 3 වැනි කඩුල්ලේ දී පන්දු 29ක දී ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට නායක Harry Brook සහ Jacob Bethell සමත් වෙනවා. ඔවුන් අතුරින් Harry Brook පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යන අතර ඊට පසුව යැවුණ 9 වැනි පන්දුවේ දී Jacob Bethell තම ඉනිම නිමා කර ගන්නවා. ඒ වෙද්දී ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව නැවත එංගලන්ත ඉනිම ගොඩ නගන්නේ Tom Banton සහ Sam Curran එක්වයි. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Sam Curran ලකුණු 24කට දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 22කට මුහුණ දී සිටි අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කරගෙන තිබුණා.

Tom Banton පන්දු 24කට මුහුණ දෙමින් හතරෙ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී 6 වැනි කඩුල්ලට දැවී යද්දී, එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා තවත් පන්දු 19ක දී ලකුණු 43ක් අවශ්‍ය වුණා.

එහි දී ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 3ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට Will Jacks සහ Rehan Ahmed සමත් වෙනවා. තරගය එලෙසින් නිමා වෙද්දී Will Jacks පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද සහ Rehan Ahmed පන්දු 7ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් නොදැවි ලකුණු 19ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Rachin Ravindra ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Lockie Ferguson, Matt Henry සහ Glenn Phillips කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නවසීලන්තය – කඩුලු 7ක් දැවී 159 (20.0) Tim Seifert 35, Finn Allen 29. Glenn Phillips 39, Adil Rashid 2/28, Will Jacks 2/23, Rehan Ahmed 2/28

 

එංගලන්තය – කඩුලු 6ක් දැවී 161 (20.0) Harry Brook 26, Jacob Bethell 21, Tom Banton 33, Sam Curran 24, Will Jacks නොදැවී 32, Rehan Ahmed නොදැවී 19, Rachin Ravindra 3/19

එංගලන්ත කණ්ඩායමට ලකුණු 72ක ජයක්.

  • තරගයේ වීරයා – Will Jacks (එංගලන්තය)

තරගාවලියේ අද (28) පැවැත්වෙන තරගය

  • රාත්‍රී 7.00 ට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<