විශ්ව විද්‍යාල කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රථම “ICBT රග්බි ශූරතා තරගාවලිය” මෙම සති අන්තයේ සෙනසුරාදා (අගෝස්තු 25) කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (21) ICBT ආයතනයේ දී පැවැත්විය. මේ සඳහා ICBT ආයතනයේ ගරු සභාපති ආචාර්ය ජගත් අල්විස් මහතා හා ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය සම්පත් කන්නන්ගර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්වී සිටියහ.

“ලබන වසරේ දී අපි මෙම තරගාවලියට යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් ආසියානු රටවල් සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා, අපිට විශ්වාසයි මේ තරගාවලිය ආසියාවේ තිබෙන දැවැන්තම විශ්ව විද්‍යාල තරගාවලිය වේවි කියා.”
තරගාවලිය සඳහා වන අධ්‍යක්ෂකවරයා ලෙස හිටපු ප්‍රධාන රග්බි විනිසුරුවකු වූ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා පත් කර ගනු ලැබීය. රග්බි ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඩිල්රෝයි මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රටේ රග්බි ක්‍රීඩාව නගා සිටුවීමට මෙවැනි තරගාවලි වැඩි වශයෙන් ඉවහල් වන බවයි.

ආසියානු තරගාවලියට යන සංචිතයේ නායකයා “මුතූ”
18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය ඊයේ (08) ප්‍රකාශයට පත් කෙරිණි……
සෑම කාණ්ඩයකම මුල් ස්ථාන දෙක ශූරතා අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන අතර අවසන් ස්ථාන දෙක බඳුන කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. අර්ධ අවසන් වටවල දී පරාජය වන කණ්ඩායම් ඵලක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති. සියලු නීති රීති ලෝක රග්බි සංගමයේ හා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නීතිරීති වලට යටත්ව සිදුකරන බව ද එතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය. සියලු ජයග්‍රාහකයින් වෙනුවෙන් ශූරතා කුසලාන, හා මුදල් ත්‍යාග ද ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

| A කාණ්ඩය | B කාණ්ඩය | C කාණ්ඩය | D කාණ්ඩය |
| ACBT | BMS | ICBT ‘B’ | ICBT A |
| ANC | NSBM ‘B’ | SAEGIS | KDU A |
| KDU ‘B’ | SLIM | CINEC | NSBM A |
සුපුරුදු පරිදි ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare. com සජීවීව තරගාවලිය ඔබ වෙත ගෙන එන්ට සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















