8 වැනි තායිපේ සිටි ජාත්‍යන්තර බොක්සිං ශූරතාවය සඳහා සහභාගී වූ යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාම පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබේ.
කි.ග්‍රෑම් 52 බරපන්තියෙන් සටන් වැදුණු සෙනුක් හේමජිත් එහි ලෝකඩ පදක්කම ද, කි.ග්‍රෑම් 60 බරපන්තියෙන් සටන් වැදුණු කාවින්ද ඒකනායක විසින් එහි ලෝකඩ පදක්කම ද දිනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ යොවුන් බොක්සිං ක්‍රීඩකයන්ගේ හැකියාවන් ගැන මෙය කදිම උදාහරණයකි.
හේමජිත්, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයෙකි. ඔහුට පුහුණුකාරීත්වයෙන් දායක වූයේ ධනුෂ්ක ජයමාන්න යි. ජයමාන්න, ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දක්ෂ ආදී බොක්සිං ක්‍රීඩකයෙකි. පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයේ ඒකනායක හට පුහුණුකාරීත්වය සැපයුවේ K.K. සුනිල් ය. ලෝක ශූරතා තරගාවලියට සහභාගී වන සංජය බණ්ඩාරගේ ද පුහුණුකාරීත්වය දරන්නේ ඔහුයි.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන ආ බොක්සිං ක්‍රීඩකයන් දෙපලට ThePapare.com සුභාශිංසණ!
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<





















