IPL තරගාවලියේ මුලසුන දෝනිගේ කණ්ඩායමට

129

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් තරගයක් වූ චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් අතර ඊයේ (01) පැවැත්වුණු තරගයෙන් ලකුණු 80ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ලකුණු 692ක් සමඟින් වෝනර් මෙවර IPL පිටියට සමුදෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ………….

චෙන්නායි හි චින්නසාමි ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ කාසියේ  වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර චෙන්නායි කණ්ඩායම ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් විය. එහි දී ෆෆ් ඩූ ප්ලේසී හා සුරේෂ් රයිනා ඔවුන්ගේ කණ්ඩායමේ මුල්පෙළ සවිමත් කළ අතර චෙන්නායි කණ්ඩායමේ ලකුණු සටහන සුපිරි අවසානයක් දක්වා රැගෙන ගිය නායක මහේන්ද්‍ර සිං දෝනි විසිනි. ඔහු 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟ පන්දු 22ක දී නොදැවී ලකුණු 44*ක් ලබා ගත්තේ ප්‍රහාරාත්මක වේගය 200ක් වැනි ඉහළ මට්ටමකට රැගෙන යමිනි.

ලකුණු 180ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි දිල්ලි කණ්ඩායම කඩුල්ල ලකුණු 4ක දී දවා ගන්නා චෙන්නායි කණ්ඩායමට ශිකර් ධවාන් – ශේරයාස් අයියර් අතර ගොඩනැංවුණු ලකුණු 48 සබඳතාවය බිඳ දමා ගත් දෝනි ඇතුළු චෙන්නායි ක්‍රීඩකයින් දිල්ලි කණ්ඩායමේ අවසන් කඩුලු කිහිපය ඉතාමත් වේගයෙන් දවා ගැනීමට සමත් වූයේ දෝනිගේ දක්ෂ නායකත්වය ද සවියක් කරගෙනයි.

දෝනි පිතිකරණයෙන් ලබා ගත් ලකුණුවලට අමතරව ස්ටම්ප්ස් කිරීම් දෙකක් හා උඩ පන්දුවක් රැකගනිමින් ද දස්කම් දැක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 16කුත් පන්දු 2ක් අවසානයේ දිල්ලි කණ්ඩායම සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 99ක් පමණි.

ඊයේ (01) දිනයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි දිල්ලි කණ්ඩායම පරාජය කොට චෙන්නායි කණ්ඩායම ලබා ගත් මේ ලකුණු 80 දැවැන්ත ජයග්‍රහණය නිසා එම ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි විය.

ලෝක කුසලානයෙන් එක්දින පිටිය හැර යන සුපිරි තරු

ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය, “209 ලෝක කුසලාන  …..

“ක්‍රීඩා පිටියේ සිටි ප්‍රේක්ෂකයින් දෝනිගේ නම කිය කිය ඔහුව දිරිමත් කළා. දෝනිට පන්දුව ඉතාමත් හොඳින් පෙනෙනවා. සුරේෂ් රයිනා සාර්ථක ලකුණු 59ක් වාර්තා කර ගත්තා. දෝනි පිටියේ හිටපු නිසා චෙන්නායි කණ්ඩායම අවසන් පන්දුවාර 6 ඇතුළත ලකුණු 50 ඉක්මවලා ලකුණු ලබා ගත්තා. මම හිතන්නේ එතැනින් තමා අපේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය වැටුණේ.” යැයි වසර 7කට පසුව IPL ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට සිය කණ්ඩායම රැගෙන ගිය නායක ශේරයාස් අයියර් මාධ්‍ය වෙත අදහස්  දක්වමින් පැවසීය.

කෙසේ නමුත් මේ කණ්ඩායම් දෙකම 2019 IPL තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබාගෙන තිබෙන අතර තරගාවලියේ  තවත් තීරණාත්මක තරගයක් අද (02) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා මුම්බායි කණ්ඩායම අතර පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<