Guye Adola සහ Gotytom Gebreslase සුප්‍රකට Berlin මැරතන් කිරුළු දිනයි

120

ලොව ප්‍රධානතම මැරතන් තරගවලින් එකක් වන සුප්‍රකට Berlin මැරතන් තරගයේ මෙවර අදියරේ කාන්තා සහ පිරිමි කිරුළු දිනා ගැනීමට ඉතියෝපියානු ක්‍රීඩක Guye Adola සහ ඉතියෝපියානු ක්‍රීඩිකා Gotytom Gebreslase පසුගිය දා සමත් වුනා.

මෙවර පිරිමි ඉසව්ව පැය 2:05.45ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට Guye Adola සමත් වූ අතර කෙන්යානු ක්‍රීඩක Bethwel Yegon එහි දෙවැනි තැනත්, මාස 18කට පසුව පිටියට පිවිසි ඉතියෝපියානු සුපිරි ක්‍රීඩක Kenenisa Bekele තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

Guye Adola බර්ලින් මැරතන් තරගයක මුල් ස්ථානයක් දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2017 වසරේ පිරිමි තරගයේ Eliud Kipchoge පමණක් දෙවැනි වෙමින් දෙවැන්නා ලෙස තරගය නිමා කළා.

Berlin මැරතන් තරගයේ මෙවර කාන්තා අදියර පැය 2:20.09ක කාලයකින් අවසන් කළ ඉතියෝපියානු ක්‍රීඩක Gotytom Gebreslase විසින් ජයග්‍රහණය කළා. එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ඉතියෝපියානු ක්‍රීඩිකාවන් වන Hiwot Gebrekidan සහ Helen Tola විසින් දිනා ගැනීම කැපී පෙනුණා.

මේ වන විට 26 වැනි වියේ පසුවන Gotytom Gebreslase මීට පෙර මීටර් 5,000 ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු අතර ඇය මැරතන් පිටියට පිවිසෙමින් සහභාගී වූ පළමු තරගය වන මෙම තරගය ඇය ජය ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<