එංගලන්ත නායකයාගෙන් කණ්ඩායමට ඉල්ලීමක්

55

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් නොසිතූ මොහොතක ලැබුණු නිවාඩුව හැකිතාක් සිය පවුලේ අය සමඟ ගත කරන ලෙස සිය කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා. තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ මේ කොරෝනා වයිරස අවදානම අවසන් වී නැවත ක්‍රිකට් තරග ආරම්භ වූ පසුව ක්‍රීඩකයින් නව ජීවයකින් තරග කළ යුතු බවයි.

ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු වුන නිසා බලාපොරොත්තු සුන් වුන ජෙනිංග්ස්

2019-20 තරග වාරය කීටන් ජෙනිංග්ස්ගේ සිහිනවලට එතරම් හොඳ කාලයක් බව ……..

මේ සඳුදා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් මාර්තු 13 වැනිදා පුහුණු තරගය අතරමඟ නතර කර දමා එංගලන්ත කණ්ඩායම නැවත සිය මව්රට බලා පිටත්ව ගියේ COVID-19 වයිරස ව්‍යාප්තිය නිසයි. එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සියලු දේශීය ක්‍රිකට් තරග ද මැයි 28 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

“ගෙදරට වෙලා පවුලේ අය සමඟ කල්ගත කරන්නට අපිට ගොඩක් වෙලාව ලැබෙන්නේ නැහැ.” රූට් පවසා සිටියා. රූට්ගේ කුඩා පුතුට තවමත් වසර 3ක් පමණයි. “අපි ජීවත් වෙන්නේ හරි අමුතු කාලසීමාවක, මම හිතනවා අපි අපිට ලැබෙන හැම අවස්ථාවකම හැකි හැමෝටම උදව් කරන්න ඕන සහ ජාතියක් විදියට පසුගිය සති දෙකේ අපි එකතු වුනා වගේ හැමෝම එකමුතු වෙන්න ඕනේ”

ක්‍රිකට් තරග නැති වුනත් ටෙස්ට් නායකයා ලෙස රූට්ගේ වගකීම් තවමත් අවසන් නැහැ. ඔහු තවමත් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව සොයා බලනවා. “මම අපේ සියලු ක්‍රීඩකයින් සමඟ සංවාද කරමින් ඉන්නේ, අවසන් සති දෙකේම මම ඔවුන් පිළිබඳ  සොයා බැලුවා. ඒ වගේම හැමෝම තමන්ගේ වගකීම් ඉටු කරනවා ද කියලා සොයා බැලුවා.”

එංගලන්ත කණ්ඩායම පසුගිය වසරේ දී අළුබඳුන කුසලානය සම සමව අවසන් කර ගත් අතර ඔවුන් දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලිය ජය ගත්තා. ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තානය සමඟ තරගාවලි දෙකක් ක්‍රීඩා කරන්නට නියමිතව තිබුනත් එම තරගාවලි මේ වන විට අවිනිශ්චිත වී තිබෙනවා.

ආදරණීය රංගයියේ…

රංගන හේරත්.. අපට ඔහු රංගයියා විය. රංගයියා පළමුවරට කාරයක් මිලදී ගෙන ගමට …..

“මම කණ්ඩායමේ අදහස් ගන්න කැමතියි, දැන් අපිට වෙලාව තියෙන නිසා අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කණ්ඩායමක් වශයෙන් අපි කොහෙද ඉන්නේ කියලා, මම හිතනවා කණ්ඩායමක් විදියට ඉදිරියට යන විදිය ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්, ක්‍රීඩාව නම් සැලකිය යුතු ලෙස ඉදිරියට යන බවක් පෙනෙන්නට නැහැ මේ තිබෙන තත්වය අනුව, මම හිතන්නේ අපේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රියාශීලිව සිටිනවා, ශාරීරික සුවතාවය හොඳින් පවත්වා ගන්නවා, ධනාත්මකව සිටිනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<