DSI වොලිබෝල් උතුරු මැද පළාත් තේරීම් තරග අවසන්

190
DSI Volleyball

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ උතුරු මැද පළාතේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල තේරීම් තරග පසුගිය දා අවසන් විය.

වරාය අධිකාරියට 11 වෙනි ස්ථානය

වියට්නාමයේ දී පැවති ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ 11 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලිය…

පොළොන්නරුව දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය සඳහා තෝපාවැව මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ගිරිතලේගම මහා විද්‍යාලයත්, බැඳිවැව මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයත් සුදුසුකම් ලැබීය.

ඒ අනුව එහි දී අවසන් මහා තරගයේ දී ගිරිතලේගම මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයීය කණ්ඩායමයි.

වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය සඳහා තෝපාවැව මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කළ බැඳිවැව මහා විද්‍යාලයීය කණ්ඩායමත්, සීවලී මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කළ වැලිකන්ද මහා විද්‍යාලයීය කණ්ඩායමත් සුදුසුකම් ලැබූ අතර එහි දී ජයග්‍රහණය හිමි කර ගත් වැලිකන්ද මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17 න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අවසන් මහා තරගය පැවතියේ සෙවනපිටිය මහා විද්‍යාලය සහ දිවුලන්කඩවල මහා විද්‍යාලය අතරයි. එහි දී එම තරගය ජය ගත් සෙවනපිටිය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් එම වයස් කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ බාලිකා අවසන් මහා තරගයේ දී දිවුලන්කඩවල මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කළ විජයරාජ මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් එම වයස් කාණ්ඩයේ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය දිනා ගැනීමට අභයපුර මහා විද්‍යාලයීය කණ්ඩායමත්, බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට පරාක්‍රම සමුද්‍රය කනිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායමත් සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ බාලක අංශයේ ශූරතාවය විජයරාජ මහා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනිද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ පරාක්‍රම සමුද්‍රය කනිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායම විසිනි.

අනුරාධපුර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී සීවලී මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ අඟුනොච්චිය විද්‍යාලයීය කණ්ඩායමයි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය පාහියන්කඩවල විද්‍යාලයීය කණ්ඩායම සහ අනුරාධපුර මැදි විදුහල් කණ්ඩායම සමඟ පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ අනුරාධපුර මැදි විදුහල් කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අවසන් මහා තරගයේ දී කඳුළුගමුව මහා විදුහල් කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ පලාගල මහා විදුහල් කණ්ඩායමයි.

එහි බාලිකා අංශයේ අවසන් මහා තරගයේ දී පොතියාගම මෛත්‍රි විදුහල් කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට අනුරාධපුර මැදි විදුහල් කණ්ඩායම සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා අංශ දෙකේම ශූරතාවය දිනා ගැනීමට හිරිගොල්ලේගම විදුහල නියෝජනය කළ කණ්ඩායම් සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය පාහියන්කඩවල විදුහල් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ අනුරාධපුර මැදි විදුහල් කණ්ඩායමයි.  

පොළොන්නරුව දිස්ත්‍රික් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ගිරිතලේගම මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – තෝපාවැව මහා විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – වැලිකන්ද මහා විද්‍යාලය
  • අනුශූරතාවය – බැඳිවැව මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – තෝපාවැව මහා විද්‍යාලය  

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – සෙවනපිටිය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – දිවුලන්කඩවල මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – නාගපොකුණ කනිෂ්ඨ විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – විජයරාජ මහා විද්‍යාලය
  • අනුශූරතාවය – දිවුලන්කඩවල මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – සෙවනපිටිය මහා විද්‍යාලය  

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – අභයපුර මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ගිරිතලේගම මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – පරාක්‍රම සමුද්‍රය කනිෂ්ඨ විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – පරාක්‍රම සමුද්‍රය කනිෂ්ඨ විද්‍යාලය  
  • අනුශූරතාවය – ශ්‍රී රාහුල කනිෂ්ඨ විද්‍යාලය  
  • 3 වන ස්ථානය – තෝපාවැව මහා විද්‍යාලය  

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – විජයරාජ මහා විද්‍යාලය
  • අනුශූරතාවය – කඳුරුවෙල නගර මහා විද්‍යාලය
  • 3 වන ස්ථානය – පරාක්‍රම සමුද්‍රය කනිෂ්ඨ විද්‍යාලය  

බාලිකා:

  • ශූරතාවය – පරාක්‍රම සමුද්‍රය කනිෂ්ඨ විද්‍යාලය  
  • අනුශූරතාවය – ශ්‍රී රාහුල කනිෂ්ඨ විද්‍යාලය  
  • 3 වන ස්ථානය – තෝපාවැව මහා විද්‍යාලය  

අනුරාධපුර දිස්ත්‍රික් තරග ප්‍රතිඵල

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – අඟුනොච්චිය විදුහල
  • අනුශූරතාවය – සීවලී මහා විදුහල, සීවලීකුලම

බාලිකා:

  • ශූරතාවය – අනුරාධපුර මැදි විදුහල
  • අනුශූරතාවය – පාහියන්කඩවල විදුහල, සාලියපුර

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – පලාගල මහා විදුහල
  • අනුශූරතාවය – කඳුළුගමුව මහා විදුහල

බාලිකා:

  • ශූරතාවය – අනුරාධපුර මැදි විදුහල
  • අනුශූරතාවය – පොතියාගම මෛත්‍රි විදුහල

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – හිරිගොල්ලේගම විදුහල
  • අනුශූරතාවය – මකුලෑව මහා විදුහල

බාලිකා:

  • ශූරතාවය – හිරිගොල්ලේගම විදුහල
  • අනුශූරතාවය – පුවරසන්කුලම විදුහල

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – පාහියන්කඩවල විදුහල, සාලියපුර
  • අනුශූරතාවය – හිරිගොල්ලේගම විදුහල

බාලිකා:

  • ශූරතාවය – අනුරාධපුර මැදි විදුහල
  • අනුශූරතාවය – කහටගස්දිගිලිය මැදි මහා විදුහල

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට