හෙට (18) දිනයේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ආරම්භ වන 2018 ආසියානු තරගාවලියේ දී මේසපන්දු තරග ඉසව්වල දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා එක් ක්‍රීඩකයෙක් සහ එක් ක්‍රීඩිකාවකගෙන් සමන්විත සංචිතයක් තෝරාගෙන ඇති අතර ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ තේරීම් කමිටුවේ දැඩි අධීක්ෂණය යටතේ තෝරාගත් මෙම සංචිතය සඳහා ඔවුන්ගේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) අනුමැතිය ලැබී ඇත.

මෙම දෙපළම අවස්ථා කිහිපයක දී ම ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වී ඇති බැවින් බැවින් ඔවුන් මෙම තරගාවලිය සඳහා අවශ්‍ය අත්දැකීම්වලින් පරිපූර්ණ වේ. අවසන් වරට ඔවුන් ජාත්‍යන්තර තලයේ තරගාවලියක දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙර පැවති 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ය.
ඉමේෂ් උදය රණසිංහ

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත් වූ ඉමේෂ් එහි දී යුගල සහ කණ්ඩායම් තරග අංශවල අවසන් 16 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලබාගනිමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය දක්වමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය. එමෙන්ම ඔහු 2016 දකුණු ආසියානු තරගාවලියේ කණ්ඩායම් තරග අංශයේ රිදී පදක්කමක් දිනාගන්නට සමත් වූ අතර තවදුරටත් ඔහු එහි දී ඒකල, පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ඉසව්වල ලෝකඩ පදක්කම් ද දිනා ගන්නට සමත් විය.
2015 වසරේ “වසරේ ක්‍රීඩකයාට” හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු එළඹෙන මෙම ආසියානු තරගාවලියේ දී සිය උපරිම දක්‍ෂතා අතරට පැමිණීමේ අපේක්‍ෂාවෙන් පසුවනු නොඅනුමාන ය.
ඉෂාරා මදුරංගි

එමෙන්ම දකුණු ආසියානු තරගාවලිවල දී අවස්ථා තුනක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඉෂාරා එහි දී ලෝකඩ පදක්කම් 7ක් දිනා ගන්නට සමත්ව ඇති අතර ඇය මෑතක දී වාර්තා කර ගත් හොඳම දක්ෂතාවය 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා යුගල ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලබා ගනිමින් වාර්තා විය.
ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියලුම දක්‍ෂතා ඔබ වෙත සමීප කිරීමට සූදානමින් පසුවෙමු.
2018 ආසියානු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට අදාළ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ThePapare.com හි ආසියානු තරගාවලියේ ‘hub’ ඒක වෙත පිවිසෙන්න. – https://www.thepapare.com/asiangames
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















