වැදිබණ නොකියූ වැඩ්ඩන්ගේ වදන්

600

ක්‍රිකට් ලෝකය තුළ වැඩවලින් කෙසේ වුවත් කටින් දිනන්නට උත්සාහ කරන කයිවාරුකාරයන් බොහොමය. ඒ අතරේ කටින් පමණක් නොව වැඩවලින් ද ක්‍රිකට් ලොව දිනූ අතලොස්සක් වූ ක්‍රීඩකයන් පිරිසක් සිටියි. ඒ අය අතරේ ඉදිරියෙන්ම සිටින රිකී පොන්ටින්, රාහුල් ද්‍රාවිඩ්, කුමාර් සංගක්කාර හා ශේන් වෝන් යන ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පැවසූ දෑ මෙන්ම ඒ හා බැඳුණු සිදුවීම් දෙස විමසා බැලීමටයි මේ සූදානම.

er“Every batsman surveys the field before taking strike, and usually the fielders get imprinted on his mind. They can almost see every fielder in their mind’s eye. But in my head, I don’t see the fielders. I only see the gaps!” – Ricky Ponting

සෑම පිතිකරුවෙක්ම පන්දුවට පහර දීමට පෙර පිටිය සමීක්‍ෂණය කරන අතර සාමාන්‍යයෙන් පන්දු රකින්නන් සිටින ස්ථාන ඔහුගේ මනසෙහි සටහන් වේ. ඔවුන්ට ඔවුන්ගේ මනස තුළ සෑම පන්දු රකින්නෙකුම දැකගත හැකිය. නමුත් මගේ හිසෙහි, මම පන්දු රකින්නන් දකින්නේ නැත. මට පෙනෙන්නේ පන්දු රකින්නන් අතර ඇති ඉඩ පමණි! ” – රිකී පොන්ටින්

සෑම සාර්ථක නායකයෙකුම තමාට එල්ල වන අභියෝගයන්, තම ජයග්‍රහණය සඳහා ලැබෙන අවස්ථාවන් ලෙස සලකන බවට හොඳම නිදසුනක් පොන්ටින්ගේ මෙම ප්‍රකාශයෙන් අපට සපයා ගත හැක. බොහෝ පිතිකරුවන් පන්දු රකින්නන් රඳවා ඇති ස්ථාන තම මනසේ සටහන් කරගන්නා අතරේ, පන්දු රකින්නන් අතර ඇති හිඩැස් තම හිස තුළ සටහන් කරගෙන එම හිඩැස් අතරින් පන්දුව තල්ලු කර හැර ලකුණු රැස් කිරීමට තමා හුරුවී සිටි බව පොන්ටින් සඳහන් කරයි. 

තමාට මුහුණ දීමට සිදුවන ගැටලු සඳහා වෙනස් අයුරින් පිළිතුරු සෙවීම පොන්ටින්ගේ නායකත්වයේ සාර්ථකත්වයට ඉවහල් වූ බව මෙයින් පැහැදිලි වේ. පොන්ටින්ගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා නොගත් ජයග්‍රහණයක් නොමැති තරම් ය. ඒ වකවානුව තුළ අනෙකුත් කණ්ඩායම්වලට ඕස්ටේලියානු කණ්ඩායම පරාජයට පත් කිරීම ඉතා අපහසු කටයුත්තක් වූ අතර 2003 වසරේ දී හා 2007 වසරේ දී පිට පිටම දෙවරක් ලෝක කුසලාන ජයග්‍රහණ වෙත තම කණ්ඩායම මෙහෙයවීමට පොන්ටින් සමත් විය.

විශේෂයෙන්ම 2005 වසරේ අළුබඳුන තරගාවලියේ දී ලද අමිහිරි පරාජයෙන් පසුව 2006/07 අළුබඳුන තරගාවලිය ජයග්‍රහණය කරමින් නැවතත් අළුබඳුන ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට ඔහු තම කණ්ඩායම මෙහෙය වූ ආකාරය විශිෂ්ටය. 

2005 වසරේ තරගාවලිය පරාජයට පත් වීම නිසා 2006/07 තරගාවලියේ පළමු තරගයට පෙර මාධ්‍යවේදීන්ගේ හා විචාරකයන්ගේ බොහෝ විවේචනවලට මුහුණ දීමට පොන්ටින්ට සිදු විය. නමුත් ඒ විවේචන ආශීර්වාදයක් ලෙස සැලකූ පොන්ටින් තරගාවලියේ ටෙස්ට් තරග 5ම ජයග්‍රහණය කරමින් තරග 5-0ක් ලෙස අළුබඳුන ජයග්‍රහණය වෙත ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමට සමත් විය. එහි දී ලකුණු 576ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ද පොන්ටින් ය.

එම තරගාවලිය පිළිබඳව විස්තර – 

2006-07 Ashes series

The 2006-07 cricket series between ….

“You don’t win or lose the games because of the 11 you select. You win or lose with that those 11 do on the field.”  – Rahul Dravid

ඔබේ ජයග්‍රහණය තීරණය වන්නේ ඔබ තෝරාගන්නා 11 දෙනා මත නොවේ. ඔබේ ජය හෝ පරාජය තීරණය වන්නේ ඔබ තෝරා ගත් 11 දෙනා පිටිය තුළ කරන දෙය සමඟයි.රාහුල් ද්‍රාවිඩ්

රාහුල් පවසන ආකාරයට ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීමට කණ්ඩායමක් තුළ සිටින ක්‍රීඩකයන්ගේ නම් හා ඔවුන්ගේ පසුගිය තරග දක්ෂතා ප්‍රමාණවත් නොවේ. කෙතරම් දක්ෂතාවලින් යුත් ක්‍රීඩකයන් කණ්ඩායම තුළ සිටිය ද තරගය පැවැත්වෙන දිනය තුළ ඔවුන් දක්ෂතා දැක්වූයේ නැති නම් එම කණ්ඩායම පරාජයට පත්වීම වැළැක්විය නොහැක. 

ඇතැම් අවස්ථාවල ජාත්‍යන්තර පිටියේ එතරම් දක්ෂයන් ලෙස නොසලකන අයර්ලන්තය, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ වැනි කණ්ඩායම් ක්‍රිකට් පිටියේ දැවැන්තයන් පරාජය කරන ආකාරය අනුව රාහුල්ගේ මෙම ප්‍රකාශය කෙතරම් සත්‍ය ප්‍රකාශයක් දැයි අපට වටහා ගත හැක. 

මෙම ප්‍රකාශයත් සමඟින් බොහෝ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ මතකයට නැගෙන අවස්ථාවක් වන්නේ 2003 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව කෙන්යා කණ්ඩායම හමුවේ ලද අමිහිරි පරාජයයි. එහි දී එතරම් දක්ෂයෙක් ලෙස නොසැලකූ කෙන්යා කණ්ඩායමේ කොලින්ස් ඔබුයා නම් ක්‍රීඩකයා එවකට ලෝක ක්‍රිකට් පිටියේ අතිදක්ෂයන් වූ අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, හෂාන් තිලකරත්න හා චමින්ද වාස් යන ප්‍රබලයින් පස් දෙනාගේ කඩුලු 5 දවාගෙන කෙන්යා කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙය වීමට සමත් විය.

එම තරගයේ ලකුණු සටහන:

Full Scorecard of Kenya vs Sri Lanka 26th Match 2003 – Score Report | ESPNcricinfo.com

4th (reserve) umpire: JJ Luck (Namib) When ………..

LONDON, ENGLAND – JUNE 09: Former Sri Lankan batsman Kumar Sangakkara rings the fiver minute bell ahead of day one of the 3rd Investec Test match between England and Sri Lanka at Lord’s Cricket Ground on June 9, 2016 in London, United Kingdom. (Photo by Gareth Copley/Getty Images)

“Nobody goes undefeated all the time. If you can pick up after a crushing defeat, and go on to win again, you are going to be a champion some day!” – Kumara Sangakkara

සෑම විටම අපරාජිතව සිටීමට කිසිවෙකුට නොහැක. දරුණු පරාජයකින් පසු ඔබට නැවත ජයග්‍රහණය ලබා ගත හැකි නම්, ඔබ යම් දිනෙක ශූරයකු වනු ඇත! ” – කුමාර සංගක්කාර

සංගක්කාර තරම් මේ ප්‍රකාශය කිරීමට වෙනත් සුදුස්සෙකු ක්‍රිකට් ලොව තුළ නොමැත. 2003 ලෝක කුසලානයේ පරාජය සඳහා වගකිවයුත්තේ සංගක්කාර බවට බොහෝ ප්‍රේක්ෂකයන් හා විචාරකයන් පවසද්දී ඒ කිසිවකින් නොසැලී ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටතමයෙක් බවට පත්වීමත්, ලෝක කුසලාන අවසන් මහා තරග 4ක් ම පරාජයට පත්වීමෙන් පසුව 2014 වසරේ 20/20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙය වීමත් යන කරුණු දෙක පමණක් සංගක්කාරගේ විශිෂ්ටත්වය කියාපෑම සඳහා ප්‍රමාණවත්ය.

සංගක්කාරගේ මෙම විශිෂ්ටත්වයට හේතුව ක්‍රීඩාව වෙනුවෙන් ඔහු තුළ තිබූ කැපවීමයි. තරග දිනයක වුවද පුහුණු දැල් තුළට ගොස් දිනකට පන්දු 300කටවත් මුහුණු දීමේ පුරුද්දක් ඔහු සතු වූ බව පැවසේ. එසේම දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ විශේෂඥයෙකු වූ සංගක්කාරගේ මානසික ශක්තිමත්භාවය බොහෝ අවස්ථාවල ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ පැසසුමට ලක්වී ඇත.

DHAKA, BANGLADESH – APRIL 06: Kumar Sangakkara of Sri Lanka and his team celebrate after winning the Final of the ICC World Twenty20 Bangladesh 2014 between India and Sri Lanka at Sher-e-Bangla Mirpur Stadium on April 4, 2014 in Dhaka, Bangladesh. (Photo by Scott Barbour/Getty Images)

ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ 20/20 ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසෙන විට එම තරගාවලියේ තරග 5ක් තුළ ඉනිම් 4ක දී සංගක්කාර රැස්කරගෙන තිබුණේ ලකුණු 19ක් පමණි. එහි දී එක් ඉනිමක සාමාන්‍යය දැක්වුනේ 4.75ක් වශයෙනි. නමුත් අවසන් මහා තරගයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 52ක් රැස් කළ සංගක්කාර තමා පරාජයන් මතින් නැගී සිටින විශිෂ්ටයෙකු බව ලෝකයටම ප්‍රකට කළේ ඔහුගේ කියමන තවදුරටත් සනාථ කරමිනි.

එම තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ හා පන්දු යැවීමේ දක්ෂතා –

World T20, 2013/14 – Sri Lanka Cricket Team Records & Stats | ESPNcricinfo.com

Read about World T20, 2013/14 – Sri Lanka, / , Records, / , Batting and bowling……..

“Never give up; just absolutely never give up.” – Shane Warne

කිසි විටෙක අත් නොහරින්න; කිසිම විටෙක අත් නොහරින්න. ” – ෂේන් වෝන්

ශේන් වෝන්.. ක්‍රිකට් පිටියේ ඔහු තරම් උපායශීලී පන්දු යවන්නෙකු නොමැත. පළමු පන්දුවේ පටන්ම පිතිකරුවාගේ අඩුපාඩු සොයමින් සෙමින් ඔහුව තම ග්‍රහණයට නතු කරගන්නා වෝන් කිසිම අවස්ථාවක තම උත්සාහය අත්හරින්නෙකු නොවේ. 

ලොව විශිෂ්ටතම පිතිකරුවෙකු වන බ්‍රයන් ලාරා පවා වරෙක පවසා තිබෙන්නේ ශේන් වෝන් කිසිම අවස්ථාවක තරගය අත් නොහරින්නෙකු බවයි. ලාරා තවදුරටත් පවසා ඇත්තේ වෝන් යවන සෑම පන්දුවක් පාසාම ඔහු තමාගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා බවත්, ඉනිම ගොඩනගමින් යන විට එන්න එන්නම ඔහුට මුහුණ දීම අපහසු වන බවත්ය.

වෝන් සතුවූ මේ කිසිදා අත් නොහරින ගුණය හොඳින්ම පිළිබිඹු වූ අවස්ථාවක් ලෙස 1992 වසරේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය පෙන්වා දිය හැක. එය වෝන්ගේ ටෙස්ට් තරග දිවියේ තුන්වැනි තරගයයි. ඉන් පෙර ඉන්දීය කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකකට සහභාගී වී සිටි ඔහු එම තරග දෙක තුළ ලකුණු 228ක් ලබා දී දවාගෙන තිබුණේ එක් කඩුල්ලක් පමණි.  

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 547ක් රැස් කළ අතර එහි දී ලකුණු 107ක් ලබා දුන් වෝන් කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට සමත් වූයේ නැත. ඔහුගේ පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය සටහන් වී තිබුණේ 4.86ක් වශයෙනි. 

දෙවැනි ඉනිමේ ලකුණු 181ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 4ක් අතැතිව තවත් ලකුණු 30කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට ඉතිරිවී තිබිය දී ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් පන්දු යැවීමේ කාර්යය වෝන් හට භාර කළේ විශාල අවදානමක් රැගෙනය. ඒ වන විට වෝන් තරගයේ කිසිදු කඩුල්ලක් ලබා නොගෙන සිටි අතර පන්දුවට පහර දෙමින් සිටියේ අසංක ගුරුසිංහ හා චම්පක රාමනායක යන දෙදෙනායි. 

නමුත් කිසිවිටෙක තරගය අත් නොහළ වෝන් ඉතිරි වී ඇති කඩුලු 4න් කඩුලු 3ක් ම දවාගෙන තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානුවන් වෙත හිමිකර දීමට සමත් විය. එතැන් පටන් සෙමින් තම ආත්ම විශ්වාසය ගොඩනගාගත් ඔහු තමාගේ ක්‍රීඩා දිවිය අවසන් කළේ ටෙස්ට් කඩුලු 708ක් ලබාගෙනය. 

තරග 145ක් පුරා ඇදී ගිය වෝන්ගේ ටෙස්ට් දිවිය මෙන්ම තරග 194ක් පුරා පැවති ඔහුගේ එක්දින ක්‍රීඩා දිවිය පුරාවටමත් කිසිම අවස්ථාවක තරගය අත් නොහරින සටන්කාමියෙකු වූ ඔහු පරාජය වන්නට ගිය තරග ජයග්‍රහණය කරවූවෙකු වශයෙන් ප්‍රකටය. එහි දී විශේෂයෙන්ම 1996 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම කිසිසේත් අමතක කළ නොහැක.

1992 වසරේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ ලකුණු සටහන – 

Australia beat Sri Lanka – Australia won by 16 runs – Australia vs Sri Lanka Australia tour of Sri Lanka 1992 1st Test Match Summary, Report | ESPNcricinfo.com

Check Australia vs Sri Lanka 1st Test 1992…..

1996 වසරේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ ලකුණු සටහන –

Full Scorecard of Australia vs West Indies 2nd SF 1996 – Score Report | ESPNcricinfo.com

Catch live and detailed score report of Australia vs West Indies 2nd SF 1996, World Cup only on https://www.espncricinfo.com/series/8039/s….

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<