රග්බි නැවත ආරම්භ වන්නේ කවදාද යන පැනයට පිළිතුරක්

375
Rizly Illyas
SLR President confident of rugby restart in the country

ඔක්තෝබර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැවතත් ආරම්භ කළ හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නව සභාපති රිස්ලි ඉල්යාස් මහතා පවසා සිටිනවා.

“අපි ලිපිගොනුවක් සැකසුවා නැවත ශ්‍රී ලංකාවේ රග්බි ආරම්භ කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරලා. අපි ඒක ක්‍රීඩා අමාත්‍යංශයට හා සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කළා නැවත තරග පවත්වන්න අවශ්‍ය අවසරය ලබා ගන්න” ඔහු පවසා සිටියා.

“ඔක්කොම හොඳින් වුනොත් අපිට පුළුවන් මේ වසරේ ඔක්තෝබර් මාසය අවසානයේ දී ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය පවත්වන්න.”

පසුගිය මාර්තු මාසයේ දී කොරෝනා ව්‍යාප්තිය නිසා දිවයිනේ රග්බි ක්‍රීඩාව සම්පුර්ණයෙන්ම නවතා දැමීමට සිදු වුනේ 2019/20 රග්බි තරගවාරය සති 14කට සීමා කරමින්. එම නිසා ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලිය ද අතහැර දැමීමට සිදු වුනා.

තවත් රග්බි පුවත් කියවන්න

එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා ශ්‍රී ලංකා රග්බි ආයතනය ක්‍රීඩාවට අදාළ සියලුම පාර්ශව කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහි දී සෞඛ්‍යාරක්ෂිතව රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ වන විට ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාව සිය සුපුරුදු තරගාවලි නැවත ආරම්භ කර තිබෙනවා. රග්බි ක්‍රීඩාව නැවත වතාවක් ආරම්භ කිරීම පමා වන්නේ ඇයි දැයි විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලේකම් ජූඩ් පිල්ලේ මහතා පවසා සිටියේ ක්‍රීඩාව ස්වභාවය නිසා රග්බි නැවත ආරම්භ කිරීම අපහසු බවයි.

“රග්බි කියන්නේ ක්‍රීඩකයින් ගැටෙන ක්‍රීඩාවක්, ක්‍රිකට් හා පාපන්දු වගේ නොවෙයි. ඒ නිසා ආපිට නැවත ක්‍රීඩාව ආරම්භ කරන්න නව නීති හා වැඩ පිළිවෙලවල් සම්පාදනය කරන්න සිදු වුනා. ඒ නිසයි අනෙක් ක්‍රීඩාවන්ට වඩා රග්බි ආරම්භ කිරීම පමා වුනේ” ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයට අනුව ඔක්තෝබර් මස ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය පවත්වන්නට සැලසුම් කර ඇති අතර 2020/21 තරග වාරය එළඹෙන වසරේ පෙබරවාරි මාසයේ දී ආරම්භ කෙරෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<