ධවාන්ට එක්දින තරගාවලියේ පළමු තරග 3 අහිමි වේ

334
Shikar Dhawan of India runs between the wickets during day two of the two day international cricket warm up match between the New Zealand XI and India at Cobham Oval in Whangarei on Febuary 03, 2014. AFP PHOTO / Michael BRADLEY / AFP PHOTO / MICHAEL BRADLEY

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන ශිකර්  ධවාන්, ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරග 5කින් යුතු එක්දින තරගාවලියේ පළමු තරග 3ට සහභාගී නොවන බව වාර්තා වේ . ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා සිටින අන්දමට, ශිකර් දවාන්ගේ බිරිඳ අසනීප තත්වයේ පසුවන බැවින් ඔහු  මෙම තීරණය ගෙන ඇත.

සංගාගෙන් තවත් දස්කමක්

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ, සරේ…

මෙම වසර ආරම්භයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 2-1ක් ලෙස ටෙස්ට් ජයග්‍රහණයක් හිමි කර ගත් ප්‍රබල ඉන්දීය කණ්ඩායම, විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතුව එළඹෙන ඉරිදා ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරනු ඇත. ඒ චෙන්නායි නුවර දීයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියේ ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන් ලිඛිතව තම අසනීප වී සිටින බිරිය හේතුවෙන් එක්දින තරගාවලියේ පළමු තරග තුන සඳහා සහභාගි වීමට නොහැකි බව දන්වා සිටි බවත්, එම ඉල්ලීම සඳහා ඔවුන් ඉඩ ලබා දුන් බවත්ය.

කෙසේ වෙතත් මේ වන තෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශිකර් දවාන් හට ආදේශක ක්‍රීඩකයෙකු නම් කර නොමැති අතර ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන ලෝකේශ් රහුල් හා අජින්කයා රහානේ මේ වන විටත් 15 දෙනෙකුගෙන් යුතු ඉන්දීය සංචිතයට ඇතුළත්ව ඇත.

කෙසේ නමුත් ශිකර් දවාන්, ඕස්ට්‍රේලියාවට එදිරිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුතු විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන බව ආරංචි මාර්ග පවසයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුව