එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ, සරේ කණ්ඩායම හා යෝක්ෂයර් කණ්ඩායම අතර අද (13) පැවැත්වූ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 164ක් රැස්කර ගන්නා ලදි.

ලෝක බලවතුන් පරදා පාකිස්තානයට ලකුණු 20ක ජයක්

මීට දශක දෙකකට පමණ පෙර ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් බල කඳවුර ලෙසින් වැජඹුණු කැන්ගරු දේශය දණ ගස්වා ශ්‍රී ලාංකික..

පසුගිය 12 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සරේ පිළ පළමුව පිතිකරණයට අවස්ථාව ලබා ගන්නා ලදි.

සරේ පළමු ඉනිම කඩුලු 3ක් ලකුණු 255ක් දැවී ලෙස සනිටුහන් වෙද්දී, සංගක්කාර පිටියට පැමිණියේය. අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ බෙන් ෆෝකස් හා එක්වූ සංගක්කාර සිව්වන කඩුල්ල සඳහා ලකුණු 258ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැංවීමට සමත් වූයේ, තරගයේ වැඩි වාසිය ඔවුන් යටතට ගනිමිනි. එහි දී සංගක්කාර පන්දු 187ක් තුල ලකුණු 164ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම වර්ණවත් ඉනිමට 4 පහර 21ක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. යෝක්ශයර් කණ්ඩායමේ ජැක් බ්‍රෝක්ස් විසින් සංගක්කාරට එවූ පන්දුවකට බෙන් කෝඩ්ගේ දෑතට උඩපන්දුවක් ලබාදෙමින් සංගක්කාර තම සුපිරි ඉනිම සඳහා නැවතුම් තිත තබා ගත්තේය.

සරේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 592ක් රැස්කර ගත්තේ යෝක්ශයර් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දෙමිනි. කුමාර් සංගක්කාරගේ ඉනිමට අමතරව මාර්ක් ස්ටෝන්මන් හා බෙන් ෆෝකස් පිළිවෙළින් ලකුණු 131ක් හා ලකුණු 110ක් ලබාගෙන සරේ කණ්ඩායමට මෙවන් ලකුණකට ඒමට අවශ්‍ය මාර්ගය සකස් කරන ලදි. තරගය එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් පිටියේ දී ලබන 15 වන දා දක්වා පැවැත්වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට