ඉන්දියාවේ ක්‍රීඩා පිටියක් කොරෝනා සටනට

162
DDCA offers its premises for fight against Covid-19

ඉන්දියාව තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගතය නිසාවෙන් දිල්ලියේ Arun Jaitley ක්‍රීඩා පිටිය කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා ඉඩ ලබා දීමට කැමති බව දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සභාපති Rohan Jaitley විසින් ප්‍රාන්ත රජය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

එමෙන්ම තමන් විසින් රජය වෙත යොමු කළ ලිපියට රජයෙන් පිළිතුරු ලිපියක් සිය කාර්යාලයට ලැබී ඇති බව තහවුරු කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ එන්නත්කරණය සඳහා ස්ථානයක් අවශ්‍ය වුවහොත් DDCA පරිශ්‍රය එය සඳහා භාවිතා කළ හැකි බව ඔහු වෙත දන්වා එවා තිබූ බවයි.

“අපගේ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දිනකට පුද්ගලයින් 10,000ට පමණ එම එන්නත් ලබා දීමට අවශ්‍ය පහසුකම් තියෙනවා. ඔවුන්ට එය අවශ්‍ය නම් තත්ව්‍ය සාමාන්‍ය වී නැවත ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ වනතුරු ක්‍රීඩා පිටිය එන්නත්කරණ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්න පුළුවන්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්: 

එමෙන්ම රජය විසින් තමන් වෙත එවූ පිළිතුරු ලිපිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙය පිළිබඳව ඉක්මනින් සොයා බලනු ඇතැයි එහි සඳහන්ව තිබූ බවයි.

ඉන්දියාව තුළ කොරෝනාවට එරෙහි එන්නත්කරණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය එම එන්නත ලබා දීමේ තුන්වැනි අදියරේ ක්‍රියාමාර්ග මැය 01 වැනිදා නිවේදනය කෙරූ අතර වයස අවුරුදු 18ට වැඩි සෑම දෙනෙකුටම මෙම එන්නත ලබා ගැනීමට හැකියාව ලැබේ.

කොරෝනා වසංගතය ලොව වැඩියෙන්ම පීඩාවට පත්වූ රට වන ඉන්දියාව තුළ ඊයේ (15) දිනට පමණක් නව ආසාදිතයින් 310,822ක් සහ මරණ 4,090ක් වාර්තා වී තිබුණා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<