සිවිල් අාරක්ෂකයින් බ්ලූ ස්ටාර් කණ්ඩායමට දෙවැනි වෙයි

235
DCL week 4

ඩයලොග් සමාගමේ දිරිබලයත් සමඟ පැවැත්වෙන ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ තවත් තරග කිහිපයක් පසුගිය දිනයන්  හිදි නිමාවට පත්විය. එහිදි බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, නිව් යන්ග්ස්, සුපර් සන් ක්‍රීඩා සමාජය සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: සෝන්ඩර්ස්, බ්ලූ ස්ටාර් හට තියුණු ජයක්


බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සහ සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය

කළුතර වර්නැන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේදි සිවිල් අාරක්ෂකයෝ පරදවා ගෝල 02-00 ලෙසින් ජය වාර්තා කිරීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධය තුලදීම සාර්ථක වීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් සමත් වන්නේ 21වැනි මිනිත්තුවේදි ඊ. බී. චන්න විසින් ලබා ගත් ගෝලයත් 39වැනි මිනිත්තුවේදි ඉදුවෝ හමීඩ් විසින් වාර්තා කල ගෝලයත් සමඟිනි. තරගය නිමා වන තෙක් ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණුක් ලබා ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩාකයෝ ඉඩ ලබා නොදුන්හ.

අවසන් ලකුණු: බ්ලූ ස්ටාර් ක්‍රිඩා සමාජය 02 – 00 සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – ඩබ්. එන්. එම්. පෙරේරා, ඩබ්. ඩී. ඩී. වීරමන්ත්‍රී, ඩී. එස්. හෙට්ටිඅාරච්චි සහ එම්. කේ. පී. ද සිල්වා (සිවිල් අාරක්ෂක සමාජය)


ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය

කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි ඉතාමත් තියුණු තරගයකින් පසු ජයග්‍රහණය වාර්තා කිරීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගය ගෝල 01 – 00 ලෙස නිමාව දුටු අතර ඒ ගෝලය 65වැනි මිනිත්තුවේදි රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල් විසින් ලබා ගත් දඬුවම් පහරකිනි. තරගයේ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ජාවා ලේන් ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.

අවසන් ලකුණු – ජාවා ලේන් ක්‍රීඩා සමාජය 00 : 01 රිනවුන් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – ධම්මික සෙනරත් (ජාවා ලේන් ක්‍රීඩක)


ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය සහ කොළඹ පාපන්දු සමාජය

කොළඹ පාපන්දු සමාජය විසින් තරගයේ වැඩි ගෞරවය අත්පත් කරගනිමින් ගෝල 02-03 ලෙසින් තරගය ගැනීමට සමත් විය.

සිටි පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති තරගයේ ප්‍රථම අර්ධය  නිමාව දකින විට ගෝල 01 – 01 ලබා කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවිය. දෙවන අර්ධයේදි වඩාත් සාර්ථකව ක්‍රීඩා කල කොළඹ සමාජය විසින් අවසානයේ දි ජයග්‍රහණයට හිමිකම් කියන ලදි. එහිදි කොළඹ සමාජය වෙනුවෙන් මොමස් යපෝ (12වැනි මිනිත්තුව – දඬුවම් පහර), නගුර් මීර (83වැනි මිනිත්තුව) සහ සර්වාන් ජොහාර් (90+2 මිනිත්තුව) යන ක්‍රීඩකයෝ ගෝල වාර්තා කල අතර අංජන වික්‍රමසිංහ විසින් ක්‍රික්ටල් පැලස් වාර්තා කල ගෝල දෙක ලබා ගැනීමට සමත් විය. ඒ 44වැනි සහ 63වැනි මිනිත්තු වලදීය.

අවසන් ලකුණු – කොළඹ පාපන්දු සමාජය 3 : 2 ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය

රතු කාඩ්පත් – 90+3 මිනිත්තුවේදි මොහොමඩ් ශිෆාන් (ක්‍රිස්ටල් පැලස්)

කහ කාඩ්පත් – මදුසංක සිල්වා, එම්. එම්. එම්. ඔස්මාන්, එම්. එන්. ඒ. මොහොමඩ්, ඩී. ජී. එච්. විදුරංග සහ බී. එම්. සී. බණ්ඩාර රත්නායක (ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය).

එම්. එච්. එම්. රාමීස්, ඔ්. ඔලායෙමි, ටී. අාර්, ටී. රිස්නි (කොළඹ ක්‍රීඩා සමාජය)


නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

නිව් යන්ග්ස් ක්‍රීඩකයෝ, සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝල 02-01 ලෙස පරාජය කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධයේදීම හසිත ප්‍රියංකර විසින් 29වැනි සහ 43වැනි මිනිත්තු වලදි ගෝල වාර්තා කිරීමට සමත් විය. සෝන්ඩර්ස් කණ්ඩායමද තරගය අාරම්භ වි මිනිත්තු 13ක් වන විට එරංද ප්‍රසන්න හට ගෝලයක් වාර්තා කිරීමට හැකිවිය. ඉන්පසු තරගය නිමා වන තෙක් කණ්ඩායම් දෙකටම කිසිදු ලකුණක් වාර්තා කිරීමට නොහැකි විය. තරගය වෙන්නප්පුව අැල්බට් එෆ්. පීරීස් ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

අවසන් ලකුණු – නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය 02 : 01 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

රතු කාඩ්පත් – එස්. එස්. කේ. එල්. ෆර්නැන්ඩෝ (නිව් යන්ග්ස් – 83වැනි මිනිත්තුව)

කහ කාඩ්පත් – ජේ. සොජාහ්, එම්. එන්. එම්. නෆ්‍රාස් (නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය)

හමිඩ් ට්‍රඔරේ, සජිත් ධර්මපාල (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ සුපර් සන් ක්‍රීඩා සමාජය

ඒකල ගුවන් හමුදා පිටියේදි පැවති මෙම තරගයෙන් ඉතා තියුණු ජයක් වාර්තා කිරීමට සුපර් සන් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගය අාරම්භ වී 11 වැනි මිනිත්තුවේදි සුපර් සන් ක්‍රීඩක ශෆ්‍රාස් කයිස් විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වු අතර තරගය නිමා වන තෙක් දෙපිලටම එක් ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 00 : 01 සුපර් සන් ක්‍රීඩා සමාජය

රතු කාඩ්පත් – ශෆ්‍රාස් කයිස් (සුපර් සන් – 66වැනි මිනිත්තුව)

කහ කාඩ්පත් – බී. එස්. සී. ෆර්නැන්ඩෝ, ඩී. කේ. දුමින්ද (ගුවන් හමුදා සමාජය)

බී. ක්වාබෙනා (සුපර් සන්)


මාතර පාපන්දු සමාජය සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය

මාතර පාපන්දු ක්‍රිඩා පිටියේදි ගෝල 00 : 01 ලෙස මාතර කණ්ඩායම පරදවා අප් කන්ට්‍රි ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධයේදි කිසිදු ලකුණක් වාර්තා නොවුනු අතර දෙවැනි අර්ධයේදි චාල්ස් ඔර්ලු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් අප් කන්ට්‍රි කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වන ලදි. ඒ තරගයේ 82වැනි මිනිත්තුවේදීය.

අවසන් ලකුණු – මාතර පාපන්දු සමාජය 00 – 01 අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – එස්. එස්. කේ. අාරච්චි, ඔ්. පී. අසමොහ් (මාතර පාපන්දු සමාජය)

ඒ. ඒ. ඔසාර්, ඒ. ඩබ්. පී. ජයන්ත (අප් කන්ට්‍රි ලයන්ස්)


තිහාරිය යූත් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

ඉකුත් තරග සියල්ල ජුලි මස 13වැනිදා පැවති අතර ජුලි 14 පැවැත්වු එකම තරගය වන්නේ මෙයයි.

තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති අතර තරගය ගෝල 02 : 02 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ අාරම්භක ගෝලය වාර්තා කිරීමට 34වැනි මිනිත්තුවේදි යාසර් මොහොමඩ් සමත් වු අතර ප්‍රථම අර්ධය නිමාවන්නේ ගෝල 01 : 00 ලෙසින් තිහාරිය යූත් සමාජය පෙරමුණ ගනිමිනි.

ඉන්පසුව තරගයේ දෙවැනි අර්ධයේදි මො පැට්‍රික් (89වැනි මිනිත්තුව) විසින් තවත් ගෝලයක් යුත් කණ්ඩායමට එකතු කරන අතර නිලංත පතිරණ (56වැනි මිනිත්තුව) සහ කෙල්වින් කනු (79වැනි මිනිත්තුව) විසින් ගෝල දෙකක් පොලිස් සමාජය වෙනුවෙන් රැස් කිරීමට සමත්විය.

අවසන් ලකුණු – තිහාරිය යූත් ක්‍රීඩා සමාජය 02 : 02 පොලිස් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – ඩී. එල්. කේ. ලංකේශ්වර් (පොලිස් සමාජය)

එම්. එම්. යූ. මුන්වර්, බී. ජී. ජේ. එච්. බණ්ඩාර සහ එච්. ඩී. සී. හෙට්ටිඅාරච්චි (තිහාරිය යූත්)

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට