පෙරළිකාර ජයක පහස බංග්ලාදේශයට

335

කෙමින් කෙමින් උණුසුම් වන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (9) බංග්ලාදේශය හා නවසීලන්තය අතර, කාර්ඩිෆ් ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ අතර, එම තරගයෙන්  කඩුලු 5ක පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායක කේන් විලියම්සන් දෙවරක් නොසිතාම පිතිකරණය සඳහා අවස්ථාව උදා කර ගන්නා ලදි. පිටියට පැමිණි නවසීලන්තය කණ්ඩායම පිතිකරුවන් 8 දෙනෙකුගෙන් හා විශේෂඥ පන්දු යවන්නන් තිදෙනකුගෙන් බලගැන්වී, බංග්ලාදේශයට එදිරිව පැවැත්වෙන තීරණාත්මක තරගයට මුහුණ දීම සඳහා පිටියට අවතීර්ණ විය.

පිතිකරණයේ ඉන්ද්‍රජාලය නිසා මිලියන 20ක පැතුම ඉටුවෙයි

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගයට පෙර පැවති පකිස්තානු තරග ජයග්‍රහණයෙන් ඔද වැඩි සිටි ඉන්දියානුවන්ට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අද (08) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 46ක් දක්වා ගෙන ගිය ලුක් රොන්චි හා මාර්ටින් ගප්ටිල් පළමු කඩුල්ල සඳහා යම් සාර්ථක  අඩිතාලමක් සකස්කර දෙන ලදි. එහි දී බංග්ලාදේශයේ පළමු ගොදුර බවට හසු වූ රොන්චි, ටස්කින් අහමඩ් විසින් එවන ලද කෙටි පන්දුවකට ලකුණු 16කට දැවී යන ලදි. රොන්චිගේ පහර මිඩ් විකට් කලාපයේ දී සාර්ථක ලෙස රැක ගැනීමට මස්ටෆයිසර් රහමන් සමත් විය.

4 පහර 4ක් හා දැවැන්ත 6 පහරක් සමඟින් ලකුණු 33ක් රැස්කරගෙන සිටි ගප්ටිල්ගේ ඉවත්ව යෑමත් සමඟින් පිටියට පැමිණි නායක කේන් විලියම්සන් කඩුලු 2ක් දැවී ලකුණු 69ක් ලෙසින් සටහන්ව තිබූ ඉනිමට පන්දු 103කින් ලකුණු 83ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි දී විලියම්සන්ගේ අනෙක් අන්තයේ සඟයා ලෙසින් රොස් ටේලර් තම දායකත්වය දක්වන ලදි. විලියම්සන් තම 31වන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය කාර්ඩිෆ් තණතීරුව මත ලබාගෙන සුළු මොහොතකට පසුව දෙදෙනා අතර තිබූ සන්නිවේදන දුර්වලතාවයක් නිසාවෙන් අවාසනාවන්ත ලෙස, 4 පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී යාමකට හසු විය.

තම 37වන අර්ධ ශතකය ලකුණු පුවරුවේ සටහන් කළ ටේලර් 4 පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබාගෙන තවදුරටත් මැදපෙළ සවිමත් කරන ලදි. ලකුණු 201කට කඩුලු 4ක් ලෙසින් දිස්වූ ලකුණු පුවරුවට තවත් ලකුණු 27ක් එක්වෙද්දී, ලකුණු 36ක් ලබාගෙන සිටි නෙයිල් බෘෘම් මොස්දෙක් හුසේන් විසින් එවූ පන්දුවකට තමිම් ඉක්බාල් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන ලදි. නවසීලන්ත ප්‍රහාරාත්මක පිතිකරු කුරේ ඇන්ඩර්සන් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ විනිසුරු පරීක්ෂණ අවස්ථාව ද අහිමි කරගෙනයි.

[rev_slider ct17-dsccricket]

නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 64ක් තුල දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර, එහි දී බංග්ලාදේශය වෙනුවෙන් මොස්දෙක් හුසේන් පන්දුවාර 3ක් තුල ලකුණු 13ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවාගෙන විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ටස්කින් අහමඩ් පන්දුවාර 8ක් තුල ලකුණු 43ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාලීමට සමත් විය.

ලකුණු 266ක එතරම්ම අපහසු නොවන ලකුණු ප්‍රමාණයක් හඹා යාමට පිටියට අවතීර්ණ වූ බංග්ලාදේශයට පෙර තරග දෙක තුල දී මෙන් සාර්ථක හා සුපිරි ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. තරගාවලියේ ලකුණු අතර සිටින පිතිකරුවෙක් වූ වමත් පිතිකරු තමිම් ඉක්බාල් තමන් මුහුණ දුන් දෙවන පන්දුවෙන්ම ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට දකුණතින් වේග පන්දු යවන ටිම් සවුති සමත් විය. එහි දී බංග්ලාදේශ කණ්ඩායම සතුව තිබූ එකම විනිසුරු තීරණ නැවත පරික්ෂා අවස්ථාව ද ලබාගෙන එය ද තමිම් විසින් අපතේ යවන ලදි.

4 පහර දෙකක් සමඟින් ලකුණු 8ක් හා 14ක් ලබාගෙන සිටි සබීර් රෙහෙමාන් හා මශ්චික රහීම් පිළිවෙළින් දෙවන හා සිව්වන කඩුලු ලෙස දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන්නන් සමත් විය. එසේම දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ සෞම්‍ය සරක්කාර්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 3ක් පමණි. අනතුරුව පිටියේ එක් වූ වමතින් පිත්ත හසුරුවන ශකීබ් අල් හසන් හා දකුණතින් පිත්ත හසුරුවන මහමදුල්ලා යන දෙපළ එක්ව බිඳ වැටී දෙදරා ගොස් තිබූ බංග්ලාදේශ ලකුණු පුවරුව යළිත් එකලස් කිරීමේ වෑයම ආරම්භ කළ අතර, කඩුලු 4ක් දැවී ලකුණු 33ක් ලෙසින් සනිටුහන් වූ ඉනිම නවසීලන්ත පන්දු යවන්නන් හා නවසීලන්ත ප්‍රේක්ෂකයන් නොසිතූ ලෙස 5 වන කඩුල්ල සඳහා ලකුණු 224ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් දෙපළ සමත් විය. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුල එක්දින තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැංවුනු ඉහළම ලකුණු සබඳතාවය මෙය ලෙසින් වාර්තා පොත් අලුතින් ලියන්නට ශකීබ් හා මහමදුල්ලා ඊයේ රාත්‍රියේ සමත් විය.  

ශකීබ් හා මහමදුල්ලා නවසීලන්ත වේග පන්දු යවන්නන්ට හා දඟ පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පාවකින් තොරව වේගවත් පිතිකරණයක නිරත වූ අතර, අඩු ලකුණු ගණනකට කඩුලු 4ක් දැවී අපහසුතාවට ලක්ව තිබූ ඉනිම එක් වරම කඩුලු 5කින් තරගය ජයග්‍රහණය කිරීමට ගෙන ඒමම මගින් බංග්ලාදේශ කණ්ඩායම සතුව ඇති බලය විදහා දක්වන කරුණකි.

තම කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයේ තිබිය දී තම 6 වන එක්දින ජාත්‍යන්තර ශතකය රැස්කරගත් ශකීබ් ලකුණු 114ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර, ඔහුගේ එම සුපිරි ඉනිම 4 පහර 11කින් හා දැවැන්ත 6 පහරකින් වර්ණවත් විය. එහි දී තම තෙවන එක්දින ශතකය ලබා ගත් මහමදුල්ලා 4 පහර 8ක් හා 6 පහර දෙකක් සමඟින් පන්දු 107ක දී නොදැවී ලකුණු 102*ක් ලබා ගන්නා ලදි. අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක ජයග්‍රහණයක් සටහන් කර ගත්තේ සුවහසක් බංග්ලාදේශ ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් අත්පොළසන් හඬ මැදිනි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වූ පළමු කණ්ඩායමයි.

තරගයේ වීරයා – ශකීබ් අල් හසන් (බංග්ලාදේශය)

නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 265 (පන්දුවාර 50): රොස් ටේලර් 63, කේන් විලියම්සන් 57, නෙයිල් බෲම් 36, මාර්ටින් ගප්ටිල් 33, මොස්දෙක් හුසේන් 13/3, ටස්කින් අහමඩ් 43/2

බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 268 (පන්දුවාර 47.2): ශකිබ් අල් හසන් 114, මහමදුල්ලා 102*, මශ්චික රහීම් 14, ටිම් සවුති 45/3, ට්‍රෙන්ට් බෝල්ට් 48/1, ඇඩම් ම්ලයන් 58/1

මෙම තරගාවලියේ තවත් තියුණු තරගයක් අද (10) A කාණ්ඩයේ තරගයක් ලෙසින් සත්කාරක එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර බ්‍රිමින්හැම් හිදී පැවැත්වේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට ආරම්භ වේ. ඒ අනුව මෙම තරගය යම් හෙයකින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළහොත්, එංගලන්ත හා ඕස්ට්‍රේලියාව මීළඟ වටයට සුදුසුකම් ලබා ගන්නා අතර, යම් හෙයකින් එංගලන්තය ජයග්‍රහණය කළහොත් නිසැකවම බංග්ලාදේශය එංගලන්ත සමඟින් මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට