සාර්ථකව දින 10ක් මුළුල්ලේ පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා.
ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගවල දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවලින් රන් පදක්කම් දිනා ගනිද්දී, එංගලන්තය හොකි රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඊට අමතරව මීටර් 400×4 අවසන් තරගය ආන්දෝලනාත්මක ඉසව්වක් බවට පත්වුනා.
මලල ක්‍රීඩා
පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ දී ජාත්‍යන්තර අවධානය දිනා ගන්නට පාකිස්තාන ක්‍රීඩක Arshad Nadeem සමත් වුනේ තරගාවලි වාර්තාවක් සමඟින්, රන් පදක්කමක් පාකිස්තානය වෙනුවෙන් දිනා දෙමින් වීම විශේෂත්වයක්.
සිය හොඳම දක්ෂතාවය වාර්තා කරමින් මීටර් 90.18ක දක්ෂතාවයක් වාර්තා කරන්නට ඔහු සමත් වූ අතර ඒ සමඟින් මෙම ඉසව්වේ මීටර් 90ක දක්ෂතාවයක් වාර්තා කළ දෙවැනි ආසියානුවා බවට ඔහු පත්වුනා. මීට පෙර තායිපේ ක්‍රීඩක Chao-Tsun විසින් 91.36ක දක්ෂතාවයක් වාර්තා කර තිබුණා.
Nadeemගේ සුපිරි දක්ෂතාවයත් සමඟින්, දෙවරක් හෙල්ල විසි කිරීමේ ලෝක ශූරතාවය දිනූ Anderson Peters රිදි පදක්කම දක්වා ඇද වැටුණා, ඔහු විසින් වාර්තා කළ දක්ෂතාවය මීටර් 88.64ක්. කෙන්යාවේ Julius Yego විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් ඔවුන් මෙවර මලල ක්‍රීඩාවෙන් 8 වැනි රන් පදක්කමත් එංගලන්තයට දිනා දුන්නා යැයි සතුට සමරන අවස්ථාවේ දී, විනිසුරුවන් පැමිණ එංගලන්ත ක්‍රීඩිකාවන් ඉසව්වට නොසුදුස්සන් යැයි නම් කළේ ඔවුන් විසින් මං තීරු නීති උල්ලංඝනය කළ බව අනාවරණය කර ගැනීමත් සමඟිනුයි.
ඒ සමඟ දෙවැනි ස්ථානයට ඉසව්ව අවසන් කළ කැනේඩියානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:25.84) රන් පදක්කම සඳහා උසස් කෙරුණු අතර ජැමෙයිකානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:26.93) රිදි පදක්කමට උසස් වෙද්දී සිව්වැනියට ඉසව්ව අවසන් කළ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:30.15) ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ඉසව්වේ දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Declan Tingay (මිනිත්තු 38:42:33 PB) විසින් දිනා ගනිද්දී, ඉන්දියාවේ Sandeep Kumar (මිනිත්තු 38:49:21 PB) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

බහමාස් ක්‍රීඩිකා Devynne Charlton විසින් තත්පර 12.58කින් ඉසව්ව අවසන් කරමින් රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේ Cindy Sember විසින් තත්පර 12.59කින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

සිය හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකා Victoria Ohuruogu විසින් තත්පර 50:72කින් (PB) රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේම Jodie Williams විසින් තත්පර 50.26කින් (SB) ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.


ඊයේ පැවති බොක්සිං අවසන් තරග අතරින් කාන්තා 45kg-48kg Minimumweight, පිරිමි 48kg-51kg Flyweight, කාන්තා 48kg-50kg Light fly හි රන් පදක්කම් දිනා ගන්නට පිළිවෙළින් Nitu Nitu, Amit, Zareen Nikhat සමත් වුනා.
ඊට අමතරව ස්කොට්ලන්ත ක්‍රීඩකයින් වන Sam Hickey (පිරිමි 71kg-75kg Middleweight), Sean Lazzerini (පිරිමි Light Heavywight), Reese Lynch (පිරිමි 60kg-63.5kg Light Wealter) රන් පදක්කම් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.
- CWG 9 වැනිදා Elaine Thompsonගෙන් තවත් වාර්තාවක්
- චනිත්මා සහ වකිල් පළඟ අවසන් තරගය දිනයි
- සුමේධ සහ සාරංගිගේ පදක්කම් සිහින බොඳ වෙයි
- CWG 8 වැනි දවසේ හොඳම දක්ෂතා සමඟින් තරගාවලි වාර්තා දෙකක්
- ජැමෙයිකාව කඩුලු මතින් දිවීමේ රන් පදක්කමට
ක්‍රිකට්
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස අවසන් මහා තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 161ක් වාර්තා කරන්නට සමත් වුනා. Beth Mooney සහ නායිකා Meg Lanning විසින් ලකුණු 61ක් සහ 36ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභී පිතිකාරිණියන් වෙද්දී, Sneh Rana සහ Renuka Singh විසින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් පන්දුවාර 19.3ක දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 152ක් පමණයි. එහි දී නායිකා Harmanpreet Kaur විසින් අර්ධ ශතකයක් (65) වාර්තා කරන්නට සමත් වූ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Ash Gardner විසින් කඩුලු 3ක් දවා ගෙන ඉන්දීය ජයග්‍රහණය අවහිර කරන්නට සමත් වුනා.

පිරිමි මීටර් 10 Platform ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Emmanuel Rosseau සමත් වුනේ ලකුණු 501.30ක් වාර්තා කරමිනුයි. රිදි පදක්කම දිනා ගත් කැනේඩියානු ක්‍රීඩක Rylan Wiens විසින් ලකුණු 492.80ක් වාර්තා කරද්දී, එංගලන්ත ක්‍රීඩක Matthew Lee විසින් ලකුණු 477.00ක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.
කාන්තා මීටර් 3 Springboard අවසන් මහා තරගයෙන් රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Maddison Keeny සමත් වුනේ ලකුණු 348.95ක් වාර්තා කරමිනුයි. මැලේසියා ක්‍රීඩිකා Dhabitah Sabri විසින් (330.90) රිදි පදක්කම ජයග්‍රහණය කරද්දී, කැනඩාවේ Jolie Vallee (329.25) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.
හොකි
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති කාන්තා හොකි අවසන් මහා තරගයෙන් 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනා. ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුණේ 0-0ක්, 2-0ක්, 0-0ක් සහ 0-1ක් වශයෙනුයි.

පාපැදි
මෙම ක්‍රීඩාවේ කාන්තා සහ පිරිමි අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එහි දී කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Georgia Baker විසිනි. ඉසව්වේ රිදි සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් ස්කොට්ලන්ත ක්‍රීඩිකා Neah Evans විසින් සහ ඕස්ට්‍රේලියාවේ Sarah Roy විසින් දිනා ගත්තා.
පිරිමි අවසන් මහා තරගයේ දී නවසීලන්ත ක්‍රීඩක Aaron Gate විසින් රන් පදක්කම ජයග්‍රහණය කරද්දී, දකුණු අප්‍රිකාවේ Daryl Impey විසින් රිදි පදක්කමත්, ස්කොට්ලන්තයේ Finn Crockett විසින් ලෝකඩ පදක්කමත් ජයග්‍රහණය කළා.
ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන දිස්වන්නේ මෙසේයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<





















