රටේ බිහිවන දැවැන්තම ක්‍රීඩා සංකීර්ණයට දියගමින් අත්පොත්

171
Diyagama Sports

අන්තර්ජාතික වශයෙන් වැදගත් ක්‍රීඩාගාරයක් වන හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටිය යාවත්කාලීන කරමින් විශාල ව්‍යාපෘති කිහිපයකටම අත්පොත් තැබීමේ සමාරම්භය ඊයේ (29) දියගම දී සනිටුහන් විය.

මේ සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා හා සෙසු ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නැවතත් කල්යයි

අප්‍රේල් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ “56 වැනි ජාතික කනිෂ්ඨ..

මේ වන විට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ගත්කළ රටේ ඇති විශාලතම ඌනතාවය වන්නේ පහසුකම්වලින් සපිරි ක්‍රීඩාංගණ නොමැති වීමයි. මේ නිසා කිහිප විටක දී ම මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුල දැඩි කතාබහකට ලක්වන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට සිදු විය. ඊයෙන් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය තුලින් ක්‍රීඩා ඉසව් බොහොමයක් ආවරණය කිරීම අමාත්‍යංශයේ අරමුණයි.

මේ ව්‍යාපෘතිය තුලින් මීටර් 400 සින්තටික් ධාවන පථයක්, මීටර් 50 පිහිනුම් තටාකයක්, බේස්බෝල් පිටියක්, ක්‍රිකට් ක්‍රීඩා පිටියක් සහ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා පාසලක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර සෙසු ව්‍යාපෘති ලෙස වෙඩි තැබීමේ ක්‍රීඩා පිටියක් හා දුනු විදීමේ පිටියක් ද නිර්මාණය කිරීමට නියමිතයි. මීට අමතරව අද වන විට පවතින රග්බි ක්‍රීඩාංගණ විදුලි ආලෝකය සහිත අන්තර්ජාතික මට්ටමට ගෙන ඒම ද මෙම ව්‍යාපෘතියට යටත් ය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ප්‍රකාශ කර සිටියේ මේ සියලු වැඩ කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව විශාල සහයෝගයක් ලබා දෙන බවයි. මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

“අද ඉඳල මේ වැඩ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් සහ සියලු දේ භාරව ආරක්ෂක සේනා සිටිනවා, මේ අවුරුද්දේ රු. මිලියන 1500ක් මේ වෙනුවෙන් වෙන් කරා. අද ඉදිවන ධාවන පථයට මිලියන 310ක් යොදවන්න බලාපොරොත්තු වෙනවා, ජාතික ක්‍රීඩා විද්‍යායතනය ස්ථාපිත කරන්නට මුලින්ම බලාපොරොත්තු වෙනවා, ඉදිවෙන ක්‍රිකට් ක්‍රීඩා පිටිය අන්තර්ජාතික මට්ටමට ගෙන ඒමටත් තිලංග සුමතිපාල මහතා සමඟ කතාබහ කර අවසන්, විශේෂයෙන්ම පළාත් නවයම ආවරණය වන පරිදි රත්නපුර, මාතර, බිංගිරිය, මාතලේ ආදී ලෙස ධාවන පථ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ  නිසා මේ නිර්මාණය වන්නේ රටේ මෙතෙක් බිහි වූ දැවැන්තම ක්‍රීඩා සංකීර්ණයයි”. යැයි පැවසීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නායකත්වය චින්තනට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙකක දී බර ඉසිලීමේ තරග ඉසව්වෙන් පදක්කම් දෙකක් …

මේ හැරුණු විට රටේ පාසල්වල සිටින ක්‍රීඩාවට දක්ෂ රටේ දුවා දරුවන් වෙනුවෙන් දිවයිනේ දක්ෂතම ඇදුරු මඬුල්ලකගේ මෙහෙයවීමෙන් ක්‍රීඩා පාසලක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ද එතුමා ප්‍රකාශ කළේය. මෙතුලින් රටේ තරු එකම තැනකට ගොනු කිරීම අරමුණයි. රටේ සියලු ක්‍රීඩා නියෝජනය කරන සංචිත වෙනුවෙන් ක්‍රීඩා වැඩමුළු පැවැත්වීම ද අපේක්ෂාව වී ඇත.

මේ ව්‍යාපෘතිය 2020 වසරේ අවසන් කිරීමට සැලසුම් යොදා ඇති බවත්, එයින් 2021 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය මෙම ක්‍රීඩා සංකීර්ණයට ලබා ගැනීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<