ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන පථ ගොන්නට එක්වූ නවතම සාමාජිකයා වන නාවික හමුදා රේසිං ධාවන සමාජ (Navy Racing Club) ධාවන පථයේ මංගල ඉසව්ව මැයි මස 7 වැනිදා (ඉරිදා) උදෑසන 9.00 ට ‘කොළඹ සුපර් ක්‍රොස් 2017’ නමින් ආරම්භ වීමට නියමිතයි.

බස්නාහිර පළාත් කැරම් තරගාවලිය 6 වැනිදා

බස්නාහිර පළාත් පිරිමි සහ කාන්තා කැරම් තරගාවලිය මේ මස 06, 07 සහ 08 යන දිනයන් හිදී උදෑසන 8..

‘කොළඹ සුපර් ක්‍රොස් 2017’ ඉසව්ව සංවිධාන කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයන්ගේ සංගමය (SLADAR) එක්වයි. එමෙන්ම ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය අතර සබඳතාව මගින් මෙම තරගාවලිය තුල දී ධාවකයන්ට ජාත්‍යන්තර තරග මට්ටමේ අත්දැකීමක් විඳ ගැනීමට හැකි වනු ඇති.

මෙරට සියලු බොරළු සහිත ධාවන පථ කොළඹින් පිට පළාත් වල පිහිටා තිබීම හේතුවෙන් අගනුවරට ආසන්නව වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටා ඇති මෙම ධාවන පථයේ පැවැත්වෙන ‘කොළඹ සුපර් ක්‍රොස්’ ඉසව්ව ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන දින දර්ශනයට ඉතා වටිනා ඇතුළත් කිරීමක් බවට පත් වනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ධාවන පථය මෙතෙක් දිනක් පවත්වා ගෙන යනු ලැබුවේ ඔවුන්ගේ මෝටර් රථ සහ යතුරු පැදි ක්‍රීඩකයන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසයි. කෙසේ වෙතත් මෙම තරගාවලියත් සමඟ ඔවුන් තමන්ගේම ධාවන පථයක තරග සංවිධාන කරන තුන්වන ආරක්ෂක හමුදා කණ්ඩායම ලෙසින් යුධ හමුදාව සහ ගුවන් හමුදාව සමඟ අත්වැල් බැඳ ගනු ඇත. ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව මෝටර් ධාවන පථ 6ක් පවතින අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන මෝටර් ධාවන පථ සංඛ්‍යාව 2ක්. කොළඹ නගරයට ආසන්නව ස්ථාන ගතව පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ධාවන පථය නැගී එන මෝටර් රථ ධාවන ක්‍රීඩකයන් සඳහා මහඟු තෝතැන්නක් වනු නොඅනුමානයි. Track image

කිලෝමීටර් 1.2ක දුරකින් යුක්ත වූ මෝටර් රථ ධාවන පථය කඳු සහ බෑවුම් සහිත ප්‍රදේශ මෙන්ම ලිස්සා යන ලෙස රථ හැසිරවිය හැකි වංගු (Drifting Corners ) වලින් ද සමන්විත වීම හේතුවෙන් මෝටර් රථ ක්‍රීඩකයන්ට පෙර නොවිඳි අත්දැකීමක් තිලිණ කරන්නට නාවික හමුදා ධාවන පථය සූදානම්. යතුරු පැදි ධාවන පථය කිලෝමීටර් 1.8ක දුරකින් සමන්විත වන අතර මෙරට දීර්ඝතම පැන්නුම් ස්ථානය (Jump) ද ඇතුළත් වන්නේ මෙම ධාවන පථයටයි. මෙරට ඇති බොහෝ මෝටර් ධාවන පථ මෙන්ම මෙම නවතම සාමාජිකයාගේ ද නිමැවුම්කරු වන්නේ හාන්ස් රැල්ෆ් කාපෙන්ස්කි මහතායි. ඔහුට එම කර්තව්‍ය සඳහා උපකාර කර තිබෙන්නේ 9 වරක් ජාතික යතුරුපැදි ධාවන ශූරයා ලෙස අභිෂේක ලැබූ ගයාන් සඳරුවනුයි.

සිය මංගල තරග වාරයේ දී කොළඹ සුපර් ක්‍රොස් තරගාවලි සංවිධායකයන් ඉසව් 22ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉන් 11ක් මෝටර් රථ ඉසව් වන අතර ඉතිරි 11 යතුරු පැදි ධාවන ඉසව් වේ. මෙම තරගාවලිය සඳහා තරගකරුවන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙන අතර ඒ අතරට යතුරු පැදි ඉසව් සඳහා අයදුම්කරුවන් 124 දෙනෙකුත් මෝටර් රථ තරගකරුවන් 91 දෙනෙකුත් ඇතුළත් වෙයි. ‘ ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරගාවලියේ අදියරක් ලෙසින් ද සැලකෙන මෙම තරගාවලියේ දී ක්‍රීඩකයන් තම ප්‍රසාද ලකුණු එකතුව ඉහළ දමා ගැනීම සඳහා තරග වැදීම හේතුවෙන් ඉතා ඉහළ තරගකාරීත්වයක් අපේක්ෂා කළ හැකිය.

මෙම ධාවන පථය මාධ්‍යයට අනාවරණ කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී කොළඹ සුපර් ක්‍රොස් තරගාවලියේ තරග සම්බන්ධීකාරක ගයාන් සඳරුවන් මෙලෙස පැවසීය.  

‘’මෙම ධාවන පථය ගොඩ නැගීමේ ප්‍රධාන අරමුණ වුනේ ක්‍රීඩකයන්ට වසර පුරාවටම පුහුණුවීම් කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත ස්ථීර ධාවන පථයක  අඩුපාඩුව නැති කර ගැනීමයි. මෙරට තිබෙන අනෙකුත් සියලුම ධාවන පථ වලට ක්‍රීඩකයන් හට ඇතුළු විය හැක්කේ තරගාවලියක් පැවැත්වෙන කාල සීමාවේ දී පමණයි. අපි බලාපොරොත්තු වෙනවා මෙය වසර පුරාම පුහුණුවීම් සහ පරීක්ෂණ සඳහා භාවිත කළ හැකි ධාවන පථයක් ලෙස පවත්වා ගෙන යාමට.’’

තවත් ඉදිරියේ දී ක්‍රියාත්මක  කිරීමට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳ අනාවරණ කළ ගයාන් සඳරුවන් මෙසේ පැවසීය.

‘’අපි බලාපොරොත්තු වෙනවා යතුරු පැදි ධාවන තරග පාලනය කරන ජාත්‍යන්තර ආයතනය වන ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලනයට (FIM) ආරාධනා කරන්නට මෙම ධාවන පථයේ ආසියානු ශූරතා තරගාවලියේ අදියරක් පැවැත්වීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස.’’

කොළඹ මෝටර් ක්‍රොස් තරගාවලියෙන් උපයා ගන්නා ලාභයෙන් වැඩි කොටසක් ක්‍රියාන්විතවල දී ජීවිත පූජා කල නාවික හමුදා රණ විරුවන්ගේ පවුල් වල සුබසාධන කටයුතු සඳහා මෙන්ම යුද්ධ සමයේ තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණ විරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා වැය කිරීමට නියමිතයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට