ThePapare.com වෙතින් නැගී එන පාසල් සඳහා සත්කාර

190

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ThePapare.com සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය එකමුතුවෙන්, නැගී එන පාසල් සඳහා රග්බි ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (30) බටහිර සංස්කෘතික කේන්ද්‍රයේ දී පැවැත්විය. 

ඊට දිවයිනේ රග්බි ක්‍රීඩා කරන පාසල් 100කට අධික ප්‍රමාණයක ක්‍රීඩා ආචාර්යවරුන් හා අනුග්‍රාහක භවතුන් ද සහාභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා 20න් පහළ රග්බි සංචිතයේ බලාපොරොත්තු සුන්?

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික …….

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාගේ සැලසුමකට අනුව නැගී එන පාසල් 35කට රග්බි පන්දු සහ අයිස් බහාලන උපකරණ බෙදා දෙන ලදි. 

ඉහළ තලයේ පාසල් හැරුණු විට විශාල පාසල් ප්‍රමාණයක් රග්බි ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම නිසාම අරමුදල් නොමැතිව වුවද ක්‍රීඩා කරන අතර එවැනි පාසල්වලට අවශ්‍ය උපකරණ ලබා දෙමින් ඔවුන්ව දිරිමත් කිරීම හරහා ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවිය හැකි බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විශ්වාස කරයි.

Photo Album: Donation of equipment by SLSRFA and ThePapare.com

මෙම කර්තව්‍යට සහභාගී වූ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රන්ජිත් චන්ද්‍රසේකර අදහස් දැක්වුයේ මෙසේයි. 

“මේ වසරේ දී අපි සියලුම පාසල් සඳහා රග්බි පන්දු ලබා දීමට මූලික පියවර ගත්තා. මේ සඳහා අපි ලක්ෂ 15කට අධික මුදලක් වැය කර තිබෙනවා. අපි මේ කර්තව්‍ය සංවිධානය කළේ තරගාවලි සඳහා අනුග්‍රාහකයන් අපට ලබා දුන් අරමුදල්වලින්. මෙය සිදු කිරීම සඳහා අරමුදල් සැපයීම පිළිබඳව සිංගර් ශ්‍රී ලංකාවට සහ නෙස්ලේ ලංකාවට අපි ස්තුතිවන්ත වෙනවා. මම ThePapare.com සමඟ සාකච්ඡා කළා පාසල් සඳහා අයිස් පෙට්ටි සඳහා අනුග්‍රහයක් ලබා දිය හැකි දැයි කියා, ඔවුන් ඊට එකඟ වෙමින් අපට එම උපකරණ ලබා දුන්නා. ඔවුන්ටත් මම ඉතා ස්තුතිවන්ත වෙනවා.”

>> මෙම වැඩසටහනේ ඡායාරූප ඇල්බමය <<

දිවයින පුරා නැගී එන පාසල්වල රග්බි ක්‍රීඩාව නඟා සිටුවීම ඉලක්ක කරගෙන ඉදිරි වසර කිහිපය තුළ ද මෙවැනි වැඩසටහන් කරමින් ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්ෂේත්‍රය තවත් වර්ධනය කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සහ ThePapare.com අප බලාපොරොත්තු වන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<