මීටර් 2000 කාන්තා ලෝක වාර්තාව බිඳ වැටෙයි

108

Zagreb හී පැවති මහද්වීපික තරගාවලියකට එක්වෙමින් කාන්තා මීටර් 2000 ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට Burundi ක්‍රීඩිකා Francine Niyonsaba ඊයේ (15) සමත් වුනා.

එම තරගය මිනිත්තු 5:21.56ක කාලයකින් අවසන් කිරීමට ඇය සමත් වූ අතර එය 1994 වසරේ දී එම ඉසව්ව මිනිත්තු 5:25.36ක කාලයකින් අවසන් කරමින් Sonia O’Sullivan පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළන කාලයක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම එම කාලය එම කාලය මීටර් 2000 ඉසව්ව මිනිත්තු 5:23.75ක කාලයකින් අවසන් කරමින් 2017 වසරේ Genzebe Dibaba විසින් පිහිටුවා තිබූ ගෘහස්ථ ලෝක වාර්තාව අභිබවා යාම ද විශේෂත්වයක්.

ඒ අනුව මීටර් 2000 කාන්තා ඉසව්වේ ගෘහස්ථ සහ එළිමහන් තරගවල දී මෙතෙක් වාර්තා වූ ලොව වේගවත්ම කාලය සිය නාමය යටතට ගැනීමට ද ඇයට හැකි වීම කැපී පෙනුණා.

Burundi නියෝජනය කරමින් දිගුදුර සහ මැදිදුර ඉසව්වන්හී දස්කම් දැක්වූ Francine Niyonsaba 2016 ඔලිම්පික් උළෙලේ දී මීටර් 800 රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2020 ඔලිම්පික් උළෙලේ දී ඇය මීටර් 5000 සහ 10,000 ඉසව් නියෝජනය කළා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<