සුරංග හා පැතුම්, එංගලන්තයට හිසරදයක් වෙයි

1011
Blind Cricket T20 Sri Lanka v England

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා එංගලන්ත දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය අද (3) අහමදාබාද්හි සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේදි පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 103ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයක් දී පරාජය වෙයි

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන..

කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායම සතු වූ අතර, ඔවුන් සතුවද හොඳ පිතිකරණය ලැයිස්තුවක් සිටි නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමට ඔවුන් ඇරයුම් කරන ලදි.

ඒ ඇරයුම පිළිගත් ශ්‍රී ලංකා පිතිකරුවන්, එංගලන්ත පන්දු යවන්නන්ට 4 පහර හා 6 පහර වරුසාවක් එල්ල කලේ ඔවුන්ගේ පන්දු යවන්නන් නරඹන්නන් බවට පත්කරමිනි. පන්දුවාර 20 තුල යළිත් ලකුණු 300 සීමාව අතික්‍රමණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූයේ සුරංග සම්පත් හා පැතුම් කුමාර දෙවන කඩුල්ල සඳහා නොදැවී ගොඩනැංවූ ලකුණු 268*ක දැවැන්ත සබඳතාවය මගිනි. එහිදී සුරංග 4 පහර 25ක් හා දැවැන්ත 6 පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 164*ක් ලබාගෙන යළිත් සුපිරි ඉණිමක් දියත් කල අතර, අනෙත් අන්තයෙන් පැතුම් කුමාර ලකුණු 104*ක් ලබා ගන්නේ පන්දු  48කට පමණක් මුහුණ දෙමිනි.

ලකුණු 308ක අභියෝගාත්මක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි එංගලන්ත මුල් කඩුලු දෙක, ලකුණු 73කට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. එහිදී දෙවන කඩුල්ල ලෙස දැවීගිය නෙතැනියල් ෆෝයි නොදැවී ලකුණු 28ක් ලබාගෙන සාර්ථක ලකුණු පුවරුවක් වෙත තම කණ්ඩායම මෙහෙයවා දැවී යන ලදි. තෙවන කඩුල්ල සඳහා ලකුණු 65ක සබඳතාවයක් ගොඩනැංවූ පීටර් බුලෙයිට් හා මැතිව් ඩීන් ශ්‍රී ලංකා ජයග්‍රහණය තරමක් දුරට ප්‍රමාද කරමින් සාර්ථක අඩිතාලමක් මැදපෙළ සඳහා දමන ලදි. නමුත් 4 වන කඩුල්ල සඳහා ලකුණු 50ක් ලබාගෙන සිටි මැතිව් ඩීන් දුවද්දී දැවීයාමකට හසුවන ලදි. අවසානයේ ලකුණු 103ක දැවැන්ත ජයග්‍රහණයක් එංගලන්ත කණ්ඩායමට එදිරිව ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – එක් කඩුල්ලක් දැවී ලකුණු 307 (පන්දුවාර 20): සුරංග සම්පත් 164*, පැතුම් කුමාර 104*, ලුකේ ස්මිත් 1/59

එංගලන්ත දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 204 (පන්දුවාර 20):  පීටර් බුලෙයිට් 70*, මැතිව් ඩීන් 50, නෙතැනියල් ෆෝයි 28, දිනේෂ් හේරත් 2/28, පැතුම් කුමාර 2/43

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර  තරගය හෙට (4) අහමදාබාද්හි සර්දාර් පටෙල් ක්‍රීඩාගංනයේදි පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට