වයඹ පළාත් ක්‍රීඩකයෝ වෙරළේ වැඩ පෙන්වයි

277

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරල වොලිබෝල් තරගාවලියේ සියලු ගෞරව හිමි කර ගන්නට වයඹ පළාත සමත් විය. 2016 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාලව මීගමුව වෙරල උද්‍යානයේදී පැවති මෙම තරගාවලියේ කාන්තා සහ පිරිමි අංශයන්හි රන් පදක්කම් දෙකම දිනා ගත්තේ වයඹ පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.

පසුගිය ලිපි: රන් කුසලානය කුරුණෑගලින් ඇරඹේ

සැප්තැම්බර් 3 වැනිදා සිට දින දෙකක් පුරා පැවති මෙවර තරගාවලියට දිවයිනේ පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්විය.

වයඹ පළාත නියෝජනය කල  W. A. S. D. ප්‍රනාන්දු සහ Y. H. S. M. යාපා ක්‍රීඩකයන් දෙදෙනා වෙරල වොලිබෝල් පිරිමි අවසන් තරගයේදී තරග වැදුනේ බස්නාහිර පළාත නියෝජනය කල W. L. S. චින්තක සහ T. P. K. ඒකනායක සමගයි.

ප්‍රනාන්දු සහ යාපා අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත් කණ්ඩායම් පරාජය කරමිනුයි.

බස්නාහිර පළාත් කණ්ඩායම පරාජිත කණ්ඩායම් දෙකක් අතර පැවති අවසන් පූර්ව තරගයේදී දකුණු පළාත් කණ්ඩායම පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම තරගාවලිය තුල මීට පෙර බස්නාහිර කණ්ඩායම වයඹ කණ්ඩායම හමුවේ පරාජය වී තිබුනත් අවසන් තරගය දැඩි උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී. ලකුණු 10 -10ක් ලෙස කරට කර පැවති පළමු තරග වටයට පසුව එක වරම තරගයට අවතීර්ණ වූ චින්තක සහ ඒකනායක ලකුණු 21 – 15 ක් ලෙස ජය ගන්නට සමත් විය.

කෙසේ වෙතත් තරගය පහසුවෙන් අත්හරින බවක් නොපෙන්වූ වයඹ ක්‍රීඩකයන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්වමින් දෙවන තරග වටයෙන් ලකුණු 21 -19ක තියුනු ජයක් ලබන්නට සමත් විය.

3 වන තරග වටය ආරම්භයේදී වයඹ කණ්ඩායම පෙරමුණ ගන්නට සමත් වුවත් බස්නාහිර ක්‍රීඩකයන් නැවතත් තරග වටය ලකුණු 10 – 10 ක් දක්වා සම කරන ලදී. නමුත් තම ආධිපත්‍ය ගිලිහී යාමට ඉඩ නොදුන් ප්‍රනාන්දු සහ යාපා අවසානය දක්වා සටන් කරමින් රන් පදක්කමේ අයිතිය තහවුරු කරගන්නට සමත් විය.

තරග වටය Set 01 Set 02 Set 03

බස්නාහිර    21   19   11

වයඹ    15    21   15

පරාජිත කණ්ඩායම් අතර අවසන් පූර්ව තරගයේ පරාජිතයන් වූ දකුණු පලාතට ලෝකඩ පදක්කම හිමි විය.

පිරිමි තරගාවලියේ වීරයා –  W. A. S. D. ප්‍රනාන්දු  (වයඹ පළාත)

වයඹ පළාතෙන් කාන්තා තරග නියෝජනය කල දිනේෂා ප්‍රසාදිනී සහ නිරෝෂා ගුරුසිංහ මූලික තරග වලදී ඌව, දකුණ සහ නැගෙනහිර පළාත් පරාජය කරමින් අවසන් තරගයේ ප්‍රබලතම කණ්ඩායම ලෙස තරගයට එක්විය.

නැගෙනහිර පළාතේ හසුනි තාරකා සහ වාසනා මධුමාලි අවසන් තරගයට පිවිසුනේ පරාජිත අවසන් පූර්ව තරගයේදී, දකුණු පළාත් කාන්තා කණ්ඩායමටත් ලෝකඩ පදක්කමේ අයිතිය හිමි කර දෙමිනුයි.

නැගෙනහිර කණ්ඩායම හමුවේ වයඹ ක්‍රීඩිකාවන්ට, අවසන් තරගය කිසිදු අභියෝගයක් නොවන බව මුල සිටම දක්නට ලැබුණු අතර පළමු වට දෙකෙන්ම තරගය අවසන් විය. මේ අනුව වයඹ පළාත් කාන්තා කණ්ඩායමට රන් පදක්කමත් නැගෙනහිර ක්‍රීඩිකාවන්ට රිදී පදක්කමත් හිමි විය.

තරග වටය     Set 1 Set 2

නැගෙනහිර     15  11

වයඹ             21   21

කාන්තා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවදිනේෂා ප්‍රසාදිනී  (වයඹ පළාත)

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට