කාන්තා අංශයෙන් “තුවා විසිකිරීම්” තොගයක්

441

අන්තර්මධ්‍යම බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (30) ඉතාමත් උණුසුම් අයුරින් අවසන් වුණේ කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේදීයි. එහිදී යුධ හමුදා ක්‍රීඩකයන් වැඩි දක්ෂතා අතරට පත්වූ අතරම කාන්තා අංශයෙන් “තුවාය කවය තුළට විසිකරමින්” තරගය අත්හැර දැමීම් 5කට අධික ප්‍රමාණයක් වාර්තා විය.

කාන්තා, කි.ග්‍රෑ. 48 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

මාස් ලීනියා කණ්ඩායමේ කව්මිණි ගමගේ සහ කැෂුවල් ලයින් කණ්ඩායමේ ඩී.දිනුෂා අතර පැවති තරගයේදී කව්මිණි පහර පිට පහර එල්ලකරමින් ඉදිරියට ගිය අතර විනිසුරු විසින් තරගය නවතා දැමුණේ කව්මිණිට ජය ලබාදෙමිනි.

මාස් තුරුලිය කණ්ඩායමේ එස්.සමරසිංහ සහ පොලිස් ක්‍රීඩා සමාජයේ එස්.ඉලංගරත්න අතර තරගයේදී 5-0ක ජූරි බහුතරයකින් ජය හිමිවුණේ ඉලංගරත්නට යි.

කාන්තා කි.ග්‍රෑ. 54 බැන්ටම් වෙයිට් බරපන්තිය

කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයේ අයි.කෞශල්‍යා සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සී.පස්යාල අතර තරගයේදී 5-0ක ජූරි බහුතරයකින් කෞශල්‍යා ජයගත්තාය.

පොලිස් ක්‍රීඩා සමාජයේ කේ.නිමේෂා සහ හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ අයි.දසුනිකා අතර තරගය අත්හැරදමමින් නිමේෂාගේ පාර්ශ්වය විසින් දසුනිකා හට ජය ලබාදුන්නේය.

කාන්තා, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ එම්.රධීෂිකා සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්.මධුවන්ති අතර පැවති තරගයේදීද පොලිස් පාර්ශවය තරගය අත්හරිමින් මධුවන්තිට ජය පැවරුවේය.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඩී.ද සිල්වා සහ පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී.ප්‍රියදර්ශනී අතර තරගය විනිසුරු විසින් නවතා දැමුණේ ප්‍රියදර්ශනීට ජය ලබාදෙමිනි.

කාන්තා, කි.ග්‍රෑ. 51 ෆ්ලයි වෙයිට් බරපන්තිය

මාස් තුරුලිය කණ්ඩායමේ එස්.ප්‍රනාන්දුට එරෙහිව පොලිස් ක්‍රීඩිකා කේ.මල්කාන්ති තරගවැදීමට නියමිතව තිබුණත් ඇය තරගයට සහභාගී නොවීම නිසා ප්‍රනාන්දුට ජය හිමිවිය.

පොලිස් ක්‍රීඩා සමාජයේ කේ.සිරිපොල සහ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයේ ඒ.රණසිංහ අතර තරගයේදී සිරිපොල පාර්ශ්වය විසින් තරගය අත්හැර දමා රණසිංහට ජය ලබාදුන්නේය.

කාන්තා, කි.ග්‍රෑ. 57 ෆෙදර් වෙයිට් බරපන්තිය

මාස් තුරුලිය කණ්ඩායමේ වී.සිරිමාන්න සහ මාස් ලීනියා කණ්ඩායමේ වී.කුමාරි අතර පැවති තරගයේදී විනිසුරු විසින් තරගය නවතා දැමුණේ කුමාරිට ජය හිමිකර දෙමිනි.

කැෂුවල් ලයින් කණ්ඩායමේ ආර්.මෙන්ඩිස් සහ පොලිස් ක්‍රීඩා සමාජයේ එන්.ඉඳුරුවනි අතර තරගයෙන් ඉඳුරුවනි ඉවත් වුණේ මෙන්ඩිස් ජයග්‍රාහිකාව බවට පත්කරමිනි.

කාන්තා. කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පී.වීරක්කොඩි සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ජී.බටුවිට අතර තරගය නවත්වා දැමූ විනිසුරු විසින් බටුවිට ජයග්‍රාහිකාව බවට පත්කළේය.

මාස් ලීනියා කණ්ඩායමේ ඩී.සිල්වා සහ හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ එම්.බෙරෙන්ජර් අතර තරගය 5-0ක් ලෙස ජයගන්නට සිල්වා සමත් විය.

කාන්තා, කි.ග්‍රෑ. 75 ලයිට් මිඩ්ල් වෙයිට් බරපන්තිය

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ එස්.පෙරේරා සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්.කළුආරච්චි අතර තරගය විනිසුරු විසින් නවතා දැමුණේ කළුආරච්චි හට ජය හිමිකරදෙමිනි.

කාන්තා, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

මාස් තුරුලිය කණ්ඩායමේ එස්.චේතනා සහ පොලිස් ක්‍රීඩා සමාජයේ එස්.මධුභාෂිනී අතර තරගයෙන් ඉවත්වීමට මධුභාෂිනී තීරණය කළ අතර චේතනාට ජය හිමිවිය.

කාන්තා, කි.ග්‍රෑ. 81ට වැඩි සුපර් හෙවිවෙයිට් බරපන්තිය

ලීනියා කණ්ඩායමේ එම්.එස්.පීටර් මෙහි තරගයට සහභාගී නොවූ අතර මාස් යුනිචෙලා කණ්ඩායමේ එච්.ජයදේවට නිතරග ජයක් හිමිවිය.

පිරිමි, කි.ග්‍රෑ.52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්.පුෂ්පකුමාර සහ විද්‍යාර්ථ බොක්සිං සංගමයේ පී.මල්ෂාන් අතර පැවති තරගය ජූරියේ 5-0ක තීරණයකින් ජයගත්තේ පුෂ්පකුමාර යි.

විද්‍යාර්ථ බොක්සිං සමාජයේ ඩී.විද්‍යාලංකාර සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වී.රූපසිංහ අතර තරගය අත්හැර දැමීමට විද්‍යාර්ථ පුහුණුකරුවන් තීරණය කිරීම නිසා ජය හිමිවූයේ රූපසිංහට යි.

පිරිමි, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී.ජයම්පති සහ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ එස්.සිරිවර්ධන අතර තරගය 5-0ක් වශයෙන් ජයගත්තේ ජයම්පති ය.

සිල්වර්ලයින් ක්‍රීඩා සමාජයේ බී.සමරදිවාකර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්.කුමාර අතර තරගයෙන් 5-0ක ජයක් කුමාරට හිමිවිය.

පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ වී.නිකලස් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්.විජේසුන්දර අතර තරගයෙන් 5-0ක් වශයෙන් ජයගත්තේ නිකලස් ය.

යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ සී.මධුශංක සහ ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ කේ.අතුකෝරාල අතර තරගයෙන් 5-0ක් ලෙස ජයගත්තේ මධුශංක යි.

පිරිමි, කි.ග්‍රෑ. 81 ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ එස්.තිලකරත්න සහ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ එන්.බණ්ඩාර අතර තරගය නිමාවූයේ 5-0ක ජයක් බණ්ඩාරට හිමිකර දෙමිනි.

පිරිමි, කි.ග්‍රෑ. 91ට වැඩි සුපර් හෙවි වෙයිට් බරපන්තිය 

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ.ජයසේන සහ ශාන්ත ජෝන් ක්‍රීඩා සමාජයේ සී.චාමිකර අතර පැවති තරගය නැවැත්වූ විනිසුරු විසින් එහි ජය ජයසේනට ලබාදුන්නේය.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එම්.අබේසිංහ සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්.මීගස්තැන්න අතර තරගය 5-0ක් ලෙස ජයගත්තේ මීගස්තැන්න යි.

පිරිමි, කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ ඩී. දිවාකර සහ ගුවන් හමුදා කණ්ඩායමේ පී.බණ්ඩාර අතර තරගයේදී 3-2ක තියුණු ජයක් හිමිවූයේ බණ්ඩාරටයි.

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ අයි.චාමර සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්.සුගත් අතර තරගයේදී චාමර ආබාධයකට ලක්වූ බැවින් ඒ මොහොතේ ලකුණුවලින් ඉදිරියේ සිටි සුගත්ට ජය හිමිවිය.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ සී.ප්‍රේමවංශ සහ නාවික හමුදාවේ ප්‍රදීප් ද සිල්වා අතර තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තත් සිල්වා තුවාල ලැබූ බව කවය  භාර වෛද්‍යවරයා තීරණය කළ බැවින් ප්‍රේමවංශට ජය හිමිවිය. ඉන් පසුව යම් මතභේදකාරී වාතාවරණයක් උද්ගත වූ නමුත් තීරණය නොවෙනස් විය.

පිරිමි, කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ආර්.ප්‍රියදර්ශන සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජී.මධුරංග අතර තරගයෙන් 3-2ක ජයක් ප්‍රියදර්ශනට හිමිවිය.

පොලිස් ක්‍රීඩා සමාජයේ සී.නිලංග සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්.චන්ද්‍රබණ්ඩාර අතර තරගය 5-0ක් ලෙස ජයගත්තේ චන්ද්‍රබණ්ඩාර යි.

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී.පුෂ්පකුමාර සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ඩී.ප්‍රේමකුමාර අතර තරගය නොපැවැත්වුණු අතර ප්‍රේමකුමාර නිතරගයෙන් ඉදිරියට ගියේය.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ඩී.සම්පත් සහ විද්‍යාර්ථ බොක්සිං සමාජයේ සී.සිසිරකුමාර අතර තරගය 5-0ක් ලෙස ජයගන්නට සම්පත් සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ. 91 හෙවි වෙයිට්

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ ඒ.රත්නායක සහ යුධ හමුදාවේ ආර්.සඳකැලුම් අතර තරගය විනිසුරු විසින් නවත්වා සඳකැලුම්ට ජය හිමිකර දුන්නේය.

පොලිස් ක්‍රීඩා සමාජයේ එම්.ගෝඨාභය සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ආර්.වාරියප්පෙරුම අතර තරගයේදී වාරියප්පෙරුම ජයගත්තේද විනිසුරු විසින් තරගය නැවැත්වූ බැවිනි.

දින හතරක් පුරාවට පැවති තරගාවලියේ අවසන් පිරිමි සහ කාන්තා තරග හෙට සවස 2.00 සිට කොළඹ මාස් රාජකීය බොක්සිං පරිශ්‍රයේදී පැවැත්වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට