විටෝරිගෙන් බංග්ලාදේශයට සහනයක්

3578
DANIEL VETTORI

නවසීලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වර්තමාන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඩැනියල් විටෝරි සිය මාසික වැටුපෙන් කොටසක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යටතේ වැඩ කටයුතු කරනු ලබන අඩු ආදායම් ලාභී සේවක මහත්වරුන් වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

>> රූට් නැති නිසා නායකත්වයට වෙනත් අයෙක්

ඒ මේ පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙන් පවතින ආර්ථිකමය අපහසුතාවයන් සැලකිල්ලට ගනිමිනි.

“විටෝරි අපිට කිව්වා ඔහු ඔහුගේ මාසික වැටුපෙන් කොටසක් අපේ ක්‍රිකට් ආයතනය යටතේ සේවය කරන අඩු ආදායම් ලාභී සේවක මහත්වරුන්ට ලබා දෙන්න කියලා” යැයි එහි ප්‍රධාන විධායක නිලධාරි නිස්මුඩීන් චෞද්‍රී මහතා පැවසීය.

එසේම වයස අවුරුදු 41ක් වන විටෝරි ඔහු ලබා දීමට සැලසුම් කර තිබෙන මුදල් ප්‍රමාණය නිසි ලෙස පවසා නොමැති නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යටතේ වැඩ කරනු ලබන නිලධාරීන් අතර විටෝරි වැඩි වැටුපක් ලබන පුහුණුකරුවෙක් වේ.

මීට අමතරව Covid-19 වසංගත තත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් වීම වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 428,000ක පමණ මුල්‍යමය පරිත්‍යාගයක් කිරීමට ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<