ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය අද නිමාවට පත්විය. මෙම තරගය දින වකවානු වෙනස් කිරීමෙන් අනතුරුව හම්බන්තොට රැගෙන ගියේ කටුනායක දී පැවැත්වීමට නියමිත වූ තරගයට ආදේශකයක් වශයෙනි.
පාකිස්තානය කැලඹූ මිකී ආතර් මිස්බා උල් හක් ගැටුම
පාකිස්තාන හිටපු පුහුණුකරු මිකී ආතර් පසුගිය දා මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයක් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. එහිදී මිකී විසින් හිටපු පාකිස්තාන නායකයන් වන මිස්බා උල් හක්…
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ බංග්ලාදේශ A කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 270ක් ලබා සිටියේය.
බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වශයෙන් ජහුරුල් ඉස්ලාම් සහ ශඩ්මාන් ඉස්ලාම් යුගලය පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා අතර ලකුණු 90ක සබඳතාවයක් පැවැත්විය. සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඔවුන් දෙදෙනා පිටියේ ස්ථාවරත්වයට පත්වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ හොඳින් පන්දුවට මුහුණ දෙමිනි.
මුළු ලකුණු සංඛ්‍යාව 90ක් වන විට බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් ලකුණු 53ක් ලබා සිටි ශඩ්මාන් ඉස්ලාම් දැවී ගියේ අශාන් ප්‍රියන්ජන්ගේ පන්දුවක් හමුවේ ය.
ඉන්පසු පිටියට පිවිසි නජ්මුල් හොසේන් ශන්ටෝ ද වැඩි වේලාවක් යාමට මත්තෙන් දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. ඔහු ලබා ගත්තේ ලකුණු 4ක් පමණි.
අනතුරුව පිටියට පිවිසියේ නායක මොමිනුල් හක් ය. එහෙත් යළිත් ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස් ඔහුවත් ආ විගසම ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේ ලකුණු 11ක් ලබා සිටිය දී ය. ඒ වන විට ලකුණු පුවරුව සටහන් වූයේ 116/3ක් වශයෙනි.
අනෙක් අන්තයේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ජහුරුල්ගේ මීළඟ සහයකයා බවට පත්වූයේ මොහොමඩ් මිතුන් ය. ඔවුන් දෙදෙනා එක්ක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක දැවැන්ත සබඳතාවයක් පැවැත්වීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැටදෙමිනි.
ඉනිමේ මේ දක්වා සටහන් වූ විශාලතම සබඳතාවය එය වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 253ක් වන විට තම ශතකය ආසන්නයේ සිටි මිතුන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ලකුණු 92ක් ලබා සිටිය දී ය.
චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත වෙනස් කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (29) සිඩ්නි හිදී නිමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 41ක පරාජයක්…
ඒ සමඟින්ම ජහුරුල් ද අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී ලකුණු 92කට දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. තරගයේ ලකුණු පුවරුව 257දී බංග්ලාදේශ ඉනිමේ පස්වැනි කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේය.
යලිත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ පළමු දිනය අවසන් වීමට මද වේලාවක් තිබිය දී බංග්ලාදේශ හය වන කඩුල්ල ලෙස නුරුල් හසන්ව ද දවා ගැනීමට සමත් විය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ඔහු ආ විගසම දැවී ගියේ යන්තම් එක් ලකුණක් ලබා සිටිය දී ය.
පළමු දිනයට අද දින තරගය නතර කරන විට බංග්ලාදේශය පන්දුවාර 85ක දී කඩුලු 6ක් දැවී ලකුණු 270ක් ලබා සිටියේය. ඒ වන විට නොදැවී පිටියේ පන්දුවට පහර දෙමින් සිටි සෞම්‍ය සාර්කර් ලකුණු 8ක් සහ මෙහෙදි හසන් ලකුණු 7ක් ලබා සිටියේය.
පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 43/2, අසිත ප්‍රනාන්දු 35/1, විශ්ව ප්‍රනාන්දු 49/1 ලෙස තම පන්දු යැවීම් වාර්තාවන් සටහන් කළේය.
තරගයේ දෙවන දිනය හෙට (30).
Result
Batsmen
R
B
4s
6s
SR
Jahurul Islam
lbw b Vishwa Fernando
90
210
8
0
42.86
Shadman Islam
st Manoj Sarathchandra b Ashan Priyanjan
53
112
8
0
47.32
Najmul Hossain
b Ramesh Mendis
4
21
0
0
19.05
Mominul Haque
c Malinda Pushpakumara b Ramesh Mendis
11
21
1
0
52.38
Mohammad Mithun
run out (Ashen Bandara)
92
120
10
3
76.67
Soumya Sarkar
c Kamindu Mendis b Asitha Fernando
24
38
3
0
63.16
Nurul Hasan
c Ramesh Mendis b Asitha Fernando
1
4
0
0
25.00
Mehidy Hasan
st Manoj Sarathchandra b Ramesh Mendis
57
114
7
0
50.00
Mehedi Hasan Rana
c Kamindu Mendis b Malinda Pushpakumara
8
19
2
0
42.11
Abu Jayed
not out
8
48
0
0
16.67
Ebadat Hossain
b Asitha Fernando
7
14
0
1
50.00
Extras
5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0)
Total
360/10 (120.1 Overs, RR: 3)
Fall of Wickets
1-90 (32.6) Shadman Islam, 2-102 (38.2) Najmul Hossain, 3-116 (44.2) Mominul Haque, 4-253 (80.2) Mohammad Mithun, 5-257 (81.2) Jahurul Islam, 6-260 (82.6) Nurul Hasan, 7-309 (96.1) Soumya Sarkar, 8-318 (101.3) Mehedi Hasan Rana, 9-348 (112.6) Mehidy Hasan, 10-360 (120.1) Ebadat Hossain,
Bowling
O
M
R
W
Econ
Vishwa Fernando
16
0
79
1
4.94
Asitha Fernando
23.1
3
59
3
2.55
Malinda Pushpakumara
35
5
94
1
2.69
Ramesh Mendis
23
6
57
3
2.48
Ashan Priyanjan
12
1
34
1
2.83
Kamindu Mendis
6
0
15
0
2.50
Ashen Bandara
5
0
18
0
3.60
Batsmen
R
B
4s
6s
SR
Pathum Nissanka
lbw b Ebadat Hossain
14
24
3
0
58.33
Sangeeth Cooray
c Soumya Sarkar b Mehidy Hasan
104
151
15
0
68.87
Kamindu Mendis
b Mohammad Mithun
169
282
9
0
59.93
Ashan Priyanjan
lbw b Mehidy Hasan
37
56
6
0
66.07
Ashen Bandara
run out (Mehidy Hasan)
2
12
0
0
16.67
Priyamal Perera
c Mohammad Mithun b Mehidy Hasan
61
75
9
0
81.33
Ramesh Mendis
lbw b Mehidy Hasan
21
32
3
1
65.62
Manoj Sarathchandra
lbw b Mohammad Mithun
12
38
1
0
31.58
Malinda Pushpakumara
st Nurul Hasan b Mehidy Hasan
15
36
2
0
41.67
Vishwa Fernando
c Mohammad Mithun b Mehidy Hasan
4
15
1
0
26.67
Asitha Fernando
not out
0
6
0
0
0.00
Extras
11 (b 0 , lb 8 , nb 0, w 3, pen 0)
Total
450/10 (121.1 Overs, RR: 3.71)
Fall of Wickets
1-17 (5.5) Pathum Nissanka, 2-182 (48.5) Sangeeth Cooray, 3-261 (67.5) Ashan Priyanjan, 4-269 (70.6) Ashen Bandara, 5-363 (92.2) Priyamal Perera, 6-416 (103.2) Ramesh Mendis, 7-422 (106.6) Kamindu Mendis, 8-433 (114.4) Manoj Sarathchandra, 9-450 (119.4) Vishwa Fernando, 10-450 (121.1) Malinda Pushpakumara,
Bowling
O
M
R
W
Econ
Abu Jayed
12
0
48
0
4.00
Ebadat Hossain
20
1
82
1
4.10
Mehedi Hasan Rana
21
3
88
1
4.19
Mehidy Hasan
46.1
9
150
5
3.25
Mohammad Mithun
14
3
34
2
2.43
Soumya Sarkar
4
1
14
0
3.50
Mominul Haque
3
0
16
0
5.33
Najmul Hossain
1
0
10
0
10.00
Batsmen
R
B
4s
6s
SR
Jahurul Islam
not out
1
2
0
0
50.00
Shadman Islam
not out
0
4
0
0
0.00
Extras
0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total
1/0 (1 Overs, RR: 1)
Bowling
O
M
R
W
Econ
Vishwa Fernando
1
0
1
0
1.00
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















